(ඉන්දිකා රාමනායක)
ගම්පහ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම සදහා පාතාල සාමාජිකයන් වෙත ටී 56 ගිනි අවි 3 ක් හා මැගසින් 7 ක් හා උණ්ඩ 168 ක් ලබා දී එම අපරාධය සිදුකිරීමට ආධාර අනුබල ලබාදුන් බව කියන සම්බන්ධයෙන් ගනේමුල්ල සංජීව නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු රාගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගනේමුල්ලේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 2017.10.02 දින ගම්පහ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට බවට මෙම ගිනි අවි උණ්ඩ ලබා දී තිබුණි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2016 වසරේ සීදුවු ප‍්‍රදේශයේ දී සිදු වු රුපියල් කෝටි 7 1/2 ක් හා රුපියල් ලක්ෂ 27 ක මුදල් කොල්ලයන්ට සම්බන්ධ බවත් එම නඩු වලට සැකකරු වරෙන්තු ලැබ සිටින අයකු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ලංකාවේ අපරාධ නඩුවක් අහලා ඉවරවෙනකොට අවුරුදු 10-15 යනවනේ.. එතකොට ඇප පිට එලියට ඇවිත් සාක්කිකාරයින් බය කරලා, හරි වලපල්ලට යවලා හරි රිමාන්ඩ් එකේ ඉන්නකොට හදාගන්න කනෙක්ෂන් මත තව වැඩ 2-3 ම දීලා කප්පම් අරන්, මිනිමරලා කෝටි ගාණක් හොයාගන්න පුළුවන්...
සල්ලිවලට බලයට යටවෙච්ච ලංකාවේ නීතිය.