IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගිනුම් හයකින් කෝටි අටක් වංචා කරලා

(ගයාන් සූරියආරච්චි)

බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් මිලියන 84 ක් වංචා කළ බව කියන සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 41 ක් වයසැති කිරිමැටියාව, ලුණුවිල ප්‍ර දේශයේ පදිංචිකාරිනියකි.

මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කළමනාකරු විසින් ඉකුත් (1) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිනි අන්තර්ජාල බැංකු පහසුම යටතේ තම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඇයගේ සැමියාගේ බැංකු ගිණුම් දෙකකට රුපියල් මිලියන 33 ක් සහ සැකකාරියගේ ගිණුමකට රුපියල් මිලියන 13 බැර කර ඇති බව අනාවරණයවී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය විසින් රුපියල් මිලියන 84 ක් පමණ වංචා කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී තිබේ.

මෙම වංචා කළ මුදල්වලින් මිලියන 10 වැය කර සැකකාරිය සහ ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබූ බවත් පැමිණිල්ල ලැබීමට පෙර සැකකාරිය විසින් බැර කළ මුදල්වලින් ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාවට පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

 



අදහස් (1)

ගිනුම් හයකින් කෝටි අටක් වංචා කරලා

chandima Wednesday, 27 March 2024 09:57 PM

පොලිසියෙන් ඇල්ලුවට දුක් වෙන්න එපා. ජනාධිපති වෙන්න සුදුසුකමක් ලැබුණා කියලා සතුටු වෙන්න...

:       11       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site