(අංජුල මහික වීරරත්න)

ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා ලබන සෙනසුරාදා(5)තෙක් විවෘතව තැබීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මේ දිනවල මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබා ඇත. 

ගොවි ජනතාවට සහ පාසල් දරුවන්ට නව කෘෂි තාක්ෂණය සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම ප්‍රදර්ශන භූමියේ කටයුතු සංවිධානය කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් අද(3) ප්‍රදර්ශන භූමිය විවෘත කෙරිණි.  ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල  පිරිසක් පැමිණෙමින් සිටින බැවින් ලබන සෙනසුරාදා තෙක් එය විවෘතව තබන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.