මට්ටක්කුලිය ගැමුණුපුරයේ ලෑලි නිවාස 37 ක් සිකුරාදා රාත්‍රී ගින්නකින් විනාශ වී පුද්ගලයන් 164 දෙනෙකු අවතැන්ව ඇතැයි පොලීසිය කියයි. කුප්පිලාම්පුවක් පෙරලීමෙන් ඇතිවූ ගින්නක් නිවාස පේළියේ පැතිරයන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ගිනි නිවන ඒකකය පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම රූපවාහිනියෙන් දැක්ක මේ අනාත වූ පිරිසට නවාතැන් දී ඇත්තේ අපේ මුස්ලිම් සහෝදර පිරිස ඔවුන්ගේ පල්ලියේ, හොද දෙයක් මගේ ප්‍රනාමය ඔවුන්ට. (දී)
මේ තමා ලංකාවේ සැබෑ තත්වය. නමුත් මහබැංකු වාර්තා අනුව නම් ලංකාවේ මෙවැනි දේවල් වෙන්න බෑ. මොකද කොළඹ දැන් 100% ක්‌ම වගේ නිවාස වලට විදුලිය තියනවා. ලාලි ගෙවල් තියෙන්න විදියක් ඇත්තෙම නැහැ, මොකද ඒකපුද්ගල අදායම ඩොලර් 4000 වෙලා තියෙද්දී මේ වගේ ගෙවල් වල ජීවත් වෙන්න මේ මිනිස්සුන්ට පිස්සුද ? (අ)
කුප්පිලාම්පුවක් ,කල හදියක් !!! ඇයි මේ පලාතට කරන්ට් දීලා නැද්ද..? (අ)