(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් වී නොමැති යැයි ගුවනින් නෞකාව නිරීක්‍ෂණය කළ ඉන්දීය විශේෂඥයන් තහවුරු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉන්දීය ගුවන් යානය මීට දින දෙකකට පෙර ගුවනේ සිට නවීණ තාක්‍ෂණය යොදාගෙන පරීක්‍ෂා කළ බවත් එහිදී තෙල් කාන්දුවක් නොමැති බව වාර්තා කර ඇති බවත් නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා යානයක් ද නෞකාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව ද තෙල් කාන්දුවක් නොමැති බවට තහවුරු කළ බවත් පමුණුගම වෙරළෙන් මතු වූ තෙල් පැල්ලම කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් නාවික හමුදාව පවසයි.
මෙම නෞකාවේ තෙල් ටැංකියේ තෙල් මෙටි‍්‍රක්ටොන් 280 ක් පමණ තිබෙන බවට මීට පෙර වාර්තා කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ හතර බීරි කතාව..? පමුණුගමින් මතුවූ තෙල් කොහෙන්ද ආවේ..? නිකන් බොරු කරන්න එපා.. ඇත්තටම පරීක්ෂා නොකළොත් අපිටත් අන්තිමේ අහිමි වෙන්නේ රටේ සම්පත් ටික..
මෙහෙමයි, නැවේ තෙල් තියෙනවා. ඉන්ධන විදිහට... ඒ වගේම නැව තෙල් ගෙනියනවා ලෝඩ් එක විදිහට... ඒ් කියන්නේ පිරිසිදු නොකළ තෙල් හැටියට.. මේ දෙකෙන් මොකක් හරි අනිවාර්යයෙන් ලීක් වෙලා තියෙනවා.