කිඹුලාපිටිය ගල්මංකඩ රතිඤ්ඤා කම්හලක ගින්නකින් පියා (29) හා පුතා (8) මරුමුවට පත් වූහ.
කම්හල් හිමිකරුගේ ගැබිනි බිරිය පමණක් බේරුණාය.
හිමිකරු සිගරට්ටුවක් දැල්වූ ගිනිකූර අසළ තිබූ අහස් කූරු ගොඩකට වැටීමෙන් ගින්න හටගෙන ඇත.
හිමිකරුගේ මව සහ පියා මීට සිව් වසරකට පෙර මිය ගියේ ද රතිඤ්ඤා ගොඩක් ගිනි ගැනීමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෙසමක් නැති නිසා අපරාදේ ජිවිත දෙකක් (අ)
ඔයවගේ තැනක සිගරැට් බොන්නෙ කවුද? (දී)
මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ (දී)
ඔය ජරාව ඔය වගේ භයානක තැනකවත් බොන්නේ නැතුව ඉන්න බැරි හැටි. මම දුම්රියේ යන්නේ. ඒ පැයට දෙකට ඕක නොබී ඉන්න බැරි අයත් ඉන්නවා .අපරාදේ නේද ජීවිත් දෙකක්. (දී)
මේ දුප්පත් මිස්සුන්ට කවදාවත් සැනසීමක් නැහැ. මේ අය ජීවත් වෙන්න විඳින දුක ගැන කිසිම දේශපාලඥයෙකුට කිසිම අවබෝධයක් නැහැ (දී)
බටහිර බහිරවයාගේ උගුලට අසුවී සිතට වහල් වූවෙක් නොහොත් දුම්බීමට ඇබ්බැහි වූ පුද්ගලයකුගේ නොසැළකිළිමත් ක්‍රියාවක් මේ ශෝචනීය සිදුවීමට මුල් වී තිබෙන හැඩයි. (දී)
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කර්මාන්ත තුල සිදුවිය හැකි හදිසි අනතුරු ගැනද දැනුවත් කිරීමේ වැඩසටහන් විවිධ අධ්‍යයන ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක කලයුතුයි. හදිසි ගින්නකදී කල යුතු දේ, කර්මාන්ත තුල භාවිත වන රසායනික ද්‍රව්‍ය ආරක්ෂාකාරීව පරිහරණය කිරීම, කම්කරුවන් විවිධ ශ්වසන ආබාධ වලින් වලක්වා ගැනීම, කර්මාන්ත ශාලා, පිරවුම්හල් වැනි ස්ථාන වල හදිසි ගින්නකදී සේවකයන්ට පිටවීමට ප්‍රමාණවත් දොරටු තිබෙනවද, ප්‍රමාණවත් ගිනි නිවීමේ උපකරණ තිබෙනවද යන්න සොයා බලා නීති හැදිය යුතුයි. ආපදා කළමනාකරණය යනු ආපදා නොවීමට හැකි පමණ කටයුතු කිරීම වුවත් අපේ රටේ නම් බොහෝවිට ආපදාවක් වෙන තෙක් බලා ඉඳ කටයුතු කෙරීමක් තමයි වෙන්නේ. (දී)
මේ පැත්තේ ගොඩක් අයගේ ජීවිකාව ඕක තමයි (දී)
මොන නීති දැම්මත් වැඩක් නැහැ ඒවා හරියට පිලිපදින්නෙ නැත්නම්. ඒ වගේම ඒවා හරියට පිළිපදිනවද කියලා සොයා බැලුවේ නැත්නම්. ලංකාවේ මින්ස්සු පුදුම මිනිස්සු කට්ටියක්. පිටරට ගියාම ඒ නීති හරියට පිලිපදිනවා. ක්‍රියා කරනවා. ලංකාවට ආපු ගමන් ඒවා අත් හරිනවා.කොතරම් අරක්ෂාකාරී පිළිවෙත් තිබ්බත් ඒවා ගණන් ගන්නෙ නැහැ. මෝඩකමද උඩගුකමද කවුද දන්නේ? (දී)
අපොයි අසරණ දරුවා, අපේ පුතාගේ පන්තියේ දරුවෙක්, මට ලොකු කම්පනයක් ඇති උනා මේ සිද්දිය ඇහුවහම.(නදී)
මොනවා වුනත් මිනිස්ස් ඇගිල්ල දික්කරන්නේ දේශපාලනයට. මිනිස්සුන්ගේ අඥාන වැඩ වලට රජය මොනවා කරන්නද? (දී)