
(යොහාන් භාසුර, ළහිරු හර්ෂණ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී අද (19) පෙරවරුවේ ඝාතනයට ලක්වූ පාතාල නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ පුද්ගලයා පිස්තෝල වර්ගයේ ගිනි අවිය ඔහු අත තිබූ පොතක සඟවාගෙන පැමිණ ඇති බව පොලිසිය පවසයි.
'අපරාධ නඩු විධාන සංග්‍රහය' පොත පිස්තෝලය ආකාරයට හාරා එහි පිස්තෝලය සඟවා ගෙන ගෙනවිත් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව එම නිලධාරියා කීය.
නීතිඥවරයකු ලෙස පෙනී සිටි වෙඩික්කරු විත්ති කූඩුවේ සිටි ගනේමුල්ලේ සංජීව අසලටම පැමිණ වෙඩි තැබූ බවද ඇසින් දුටුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විත්තිකරු අසලටම පැමිණ වෙඩිතියල ගියානම් ඔය උසාවිය තුළ පොලිසියේ කවුරුත්ම හිටියේ නැතිද වෙඩික්කරු අල්ල ගන්න.
ඉස්සර වගේ ඇමැතිලගේ සම්බන්ධකම් නැති නිසා ඉක්මණට මේ පාතාලය මර්ධනය කරන්න අලුත් ආණ්ඩුවට පුළුවන් වෙයි.
පරණ පාස්කු නීති පොත් වැඩක් නැති නිසා මේ වගේ වැඩවලට භාවිතා කරනවා.. අවුලක් නැහැ. ඇප අරගෙන ඉන්දියාව හෝ ඩුබායි යන්න පුළුවන්.