IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගිනිඅවි බලපත්‍ නොදුන්නැයි ඇවන්ගාඩ් සභාපති උසාවි යයි

සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත්‍ර ලබානොදීමට එරෙහිව එම සමාගම සහ එහි සභාපති වන මේජර් නිශ්ශංක සේනාධිපති අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

සිය සේවා කටයුතු වලට අවශ්‍ය වන ගිනි අවි 91 ක් සඳහා වන බලපත්‍ර නිකුත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කරන ලෙසද,එම බලපතු ලබාගැනීම සඳහා වන අයදුම්පත නිර්දේශ නොකිරීමට මිරිහාන කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ගත් තීරණය අහෝසි කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වග උත්තකරුවන් වශයෙන් මිරිහාන ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර,පොලිස් ස්ථානාධිපති සමන් ජයලත්,පරිපාලන අංශයේ ස්ථානාධිපති ඊ.එන්.පී.ජයවර්ධන,නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර,පොලිස්පති එන්.කේ.ඉලංගකෝන්,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි,කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර සහ නීතිපති නම්කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව ශ්‍රීලංකා නාවික හමුදාවෙන් නීත්‍යනුකූලව මිලදී ගත් ගිනි අවි සිය සේවා කටයුතු සඳහා භාවිතා කරන බව පෙත්සම්කරු කියයි.

2002 වර්ෂයේ සිට සිය සේවා කටයුතු සඳහා බලපත්‍ර ලබාගැනීමට මෙතෙක් කිසිදු ගැටලුවක් ඇති නොවූ නමුත් මෙවර ඒ සඳහා ඉදිරිපත් කළ බලපත්‍රය සාධාරණ හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කර තිබෙන බව සේනාධිපතිගේ පෙත්සමේ සඳහන්ය.බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගැනීම බරපතල සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවද පෙත්සමේ වැඩිදුරටත් දැක්වේ.

මැෂින් තුවක්කු,රිපිටර් තුවක්කු ළඟ තබා ගැනීම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබිය හැකි වරදක් වන හෙයින් දැනට තමන් සන්තකයේ තිබෙන ගිනි අවි වලට බලපත්‍ර නිකුත් නොකිරීමෙන් බරපතල ගැටලුවක් ඇතිව තිබෙන බවද පෙත්සම්කරු පවසයි.

එම ගිනි අවි සම්බන්ධයෙන් ගතයුතු පියවර පැහැදිලි කර ගැනීම සඳහා මෙම පෙත්සම විභාග කරන ලෙසත්,පෙත්සම විභාග කර අවසන් වන තෙක් එම ගිනි අවි සම්බන්ධ පියවර ගැනීමෙන් පොලිසිය වළක්වන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කරන ලෙසත්, පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා ඉල්ලා ඇත.

 



අදහස් (0)

ගිනිඅවි බලපත්‍ නොදුන්නැයි ඇවන්ගාඩ් සභාපති උසාවි යයි

හේවා Saturday, 19 December 2015 04:12 AM

පසුගිය දිනවල රාවයක් තිබුනේ ගිනි අවි අත්අඩංගුවට ගත්තා කියලා (නි)

:       0       0

ශාන සෞදි Saturday, 19 December 2015 05:46 AM

කිසිදු ආරක්ෂක සේවයක් සඳහා අවසර ලබාදී නැති මෙම ආයතනයට මොකටද ගිනිඅවි බලපත්‍? කිසිම බලපත්‍රයක් ලබා නොදිය යුතුයි (නි)

:       0       0

නිශාන්ත Saturday, 19 December 2015 06:10 AM

අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

දහම් Friday, 18 December 2015 12:39 PM

බලනකොට අපි මෙච්චර දවස් හිතාගෙන හිටිය හැටි වැරදිනේ (නි)

:       0       0

බණ්ඩාර Saturday, 19 December 2015 06:19 AM

බොහෝ ආරක්ෂා සේවා සමාගම් නීත්‍යානුකූල බලපත්‍ර සහිතව ගිනි අවි පාවිච්චි කරනවා. ඇවන්ගාඩ් ආයතනයද එක් ආයතනයක් පමණයි. අන් අයට සේම ඇවන්ගාඩ් ආයතනයටද එක සේ සැළකිය යුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site