(ටී.කේ.ජී.කපිල )

ගිනි අවියක් සහ උණ්ඩ තොගයක්  තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින්  අද(07 )  අලුයම  අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 59 හැවිරිදි  මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන ( Scan ) යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ  සොයා ගෙන තිබේ .