දඹුල්ලේ ව්‍යාපාරික සාලිය දයානන්ද මහතා සුරතලයට ඇති කළ ගොන් නාම්බකු තම ගව පට්ටියේ දෙනුන්ට ගැබ් ගැන්වීම සඳහා ඉල්ලාගෙන ගිය මිතුරකු එම ගොනා රුපියල් 80,000 කට මස් කඩයට විකිණූ බව සැලවීමෙන් පසු ව්‍යාපාරිකයා මිතුරාට අමතක නොවන පාඩමක් ඉගැන්වීය.
ඔහු ලවා දඹුල්ලේ අඩු ආදායම් පන්සල් 30 කට රුපියල් 5000 ගණනේ රුපියල් ලක්ෂ එක හමාරක් පිනට දෙන ලෙසත් එසේ දුන් බවට හාමුදුරුවන්ගෙන් සහතිකයක් රැගෙන එන ලෙසත් ව්‍යාපාරිකයා මිතුරාට දැන්වීය.
මිතුරා එම සහතික ව්‍යාපාරිකයාට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොනා කෝ? (අ)
හනේ, සාලිය මහත්තය මොහුනම් බොහොම අපුරු මිත්‍රයෙක්.(අ)
චන්ද්‍රා වීරසිංහට හා සංජීවට: .මට තරහ ගියේවත් මෝඩවත් නෑ. මම ආයෙම කියන්නේ දඬුවම් දීලා සදාචාරය ඇති කරන්න බෑ. (බ)
ව්‍යාපාරික සාලිය මහත්තයා කළ කාර්යය ඉහළින්ම අගය කරමි (නි)
අම්මා වගේ සතකුට මෙහෙම කරන මිනිසුන්ට හොඳ දඩුවම් කළ යුතුයි (දිල්)
හොඳ වැඩේ! (නි)
සහතික ඉදිරිපත් කරලා තියෙන්නේ වරද පිළිගත්තා නිසානේ .(දිල්)
වැඩේ බොහොම හොඳයි. ඒ ගැන වැරදි කියන අයත් ඉන්න එකයි දුක. එහෙමවත් වැඩක් කරලා ඒ වගේ අයට පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)
එතකොට ගොනාගේ වටිනාකමින් දෙගුණයක්. හොඳ වැඩක්. ආයේ මේවගේ අසමජ්ජාති වැඩ නොකරන්න. අද මිනිස්සු සල්ලි වලට තමුන්ගේ බිරිද ,ළමයින්වත් විකුනනවා. මම දකින විදිහට මේ රටේ සදාචාරය බල්ලටම ගිහිල්ල. (ස)
ජීවක මහත්මයෝ ගොනෙක් රුපියල් 80.000 ක් වටිනවා උනාට, මිනිසෙක්ව ගොනාට සතයක් වටින්නේ නැහැ. මොකද මිනිසුන් වගේ තුච්ච ගනුදෙනු ගොනා නොකරන නිසා. (බ)
80, දාහක් ? ...මනුස්සයෙක් කොච්චර වටිනවා ඇද්ද? (ස)
නිසාර්, රටේ නීතියක් තිබුනත් තිරිසනුන්ට නීතියක් නැහැ (නි)
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු........ (ස)
එහෙම නීතිය අතට අරගෙන මිනිස්සුන්ට දඩුවම් කරන්න පුලුවන්නම් අධිකරන මොකටද රටකට, අනේ රටකට ගිය කලක්.(හේ)
නිසාර්ට මොකද මේ තරහා ගිහිල්ලා? (නි)
කථාව පැහැදිලි නෑ. හරක කාගෙද? හොරකමක් නම් පොළීසියට ගියේ නැද්ද? (ස)
රුපියල් 80,000 කට විකුණලා පන්සල් ගානකට රුපියල් 5000 ගානේ බෙදන්නේ කොහොමද? 5000 ගානේ 30 ක් 1,50,000යි. (ස)
මෙහෙමත් නොමිනිසුන් අප අතර ඉන්නවානේ! (නි)
රටේ නීතියක් නැද්ද ??? නීතිය අතට අරන් (බ)
සාලිය මහතාගේ හරකා වෙනත් පුද්ගලයෙක් ගෙනගොස් ඔහු විකුණා ඇති බව හැගෙනවා. මෙය පොලිසි නොගොස් ගොඩින් බේරා ගැනීමට නම් සාලිය මහතාට ඔහුගේ හරකාගේ වටිනාකම අනෙකාගෙන් අයකරගත හැකිය. මට පෙනෙන්නේ මෙම මුදල තමයි පන්දල් වලට ලබාදී ඇත්තේ. අවාසනාවට හරකාගේ වටිනාකම විකුණු මුදලට වඩා වැඩි වී තිබෙනවා. (බ)
ප්‍රීතියි ශ්‍රී ලංකා නීතිය අපුරුයි, ගොනා මස්කඩේට දුන් ‘ගොනාට‘ යස පාඩමක් මාතෘකාවත් හොදයි. මාධ්‍ය ක්‍රියාකාරකම් ඊට වඩා හොදයි. (බ)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
නිසාර්, මේක අහිංසක සතෙක් උයාගෙන කන්න ඌටත් හොරෙන් මරන්න විකිණූ පුවතක්. ඔබේ හදවත රිදෙන්නේ නැද්ද මේ පුවතින්. මේ දෙය ඔබට හෝ ඔබේ දරුවකුට සිදුවුණා නම්... ටිකක් හිතලා බලන්න. (නි)
නියම පාඩම (දිල්)
හරක් හොරාගේ කකුල් දෙක කඩන්නයි තියෙන්නේ (දිල්)
හුරතලේට ඇති කරපු අහිංසක සතා මසට විකුනපු කෙනා තිරිසනෙක්. සාලිය මහතා කරපු වැඩේ උතුම් ක්‍රියාවක්. තම තමන් කරපු වැඩ වලට අවසානයේ වන්දි ගෙවාවී. (ර)
කුමාර රාජකරුණා මහතා හරක් අයිතිකරුගේ නෑදෑයෙක්ද? නැත්නම් හරකාගේ දන්නා හඳුනන කෙනෙක්ද? මොකද ඔච්චර තරහා ගිහින් තියෙන්නේ? (නි)
නිසාර් මිනිස්සු හරක් වැඩ නොකර සාමයෙන් සමගියෙන් ජීවත්වෙනවානම් හැමදේකටම නීතියේ පිහිට හොයන්න ඕනි නැහැ නේද? (බ)
දියයුතු හොඳම දඬුවම කුමක්ද කියා අදහසක් ඇතත්, එය මෙතන සඳහන් කිරීම අපහසුය (නි)
හරක මස් කඩේට දුන් මුදල් වලින් කොහොමද පන්සල් වලට මුදල් දෙන්නේ? (නි)
රාජකරුණා, නිකන් මෝඩ කතා කියන්න එපා (නි)
මේක නම් මතක හිටින පාඩමක් වෙයි (නි)
කාන්තිට නම් මේක විශාල ගණිත ගැටළුවක් වගෙයි (නි)
නිසාර්ට ටිකක් කේන්ති ගිහිල්ලා වගෙයි (නි)
සමහර අයගේ අදහස් දැක්කහම අනේ අපොයි කියලා හිතෙනවා (නි)
හොරා හිතන්න ඇති උසාවි යනවාට වැඩිය මේ විදියට බේරෙන එක පහසුයි කියලා (නි)
බොහෝ මිනිස්සු හිතන හැටි ලියන හැටි එකමදෙයක්වත් මිනිස්කමට ගැලපෙනවද.? වරද පිළිකුල් කරන්න. නමුත් එහිකතුවරයා සමග වෛරී නොවන්න. ඔය වගේ දේවල් නිසා තමා තුල ඇති හොද සිතුවිලි දුෂණ කරගන්න එපා. එවැනි මාතෘකා තවත් නොලියනවානම් නේද හොද, වෛරය වගා නොකරමු. (ර)
හුරතලේට ඇතිකළ අහිංසක සතා මසට විකිණූ කෙනා තිරිසනෙක් වැනියි. සාලිය මහතා කළේ උතුම් ක්‍රියාවක්. තම තමන් කළ වැඩ වලට අවසානයේ වන්දි ගෙවාවී (නි)
මේක නම් ඇත්තටම යස පාඩමක් (නි)