
(කාංචන කුමාර අරියදාස)
කණ්ඩලම ජලාශයේ ජලය බීම සඳහා එන ගෝනුන් සහ වෙනත් වන සතුන් මරා මස් සඳහා අලෙවි කරන අයියා මලෝ දෙදෙනෙකු ගෝන මස් කිලෝ හතළිහක් සමග කණ්ඩලම වැව් රක්ෂිතයේ දී සැකපිට අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
කාලයක් තිස්සේ කණ්ඩලමන් ප්රදේශයේ රක්ෂිත වල සිටින වන සතුන් කණ්ඩලම ජලාශයෙන් ජලය බීම සඳහා පැමිණෙන වන සතුන් වෙඩි තබා ඝාතනය කොට ඒවා මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත සිගිරිය වනජීවී නිලධාරීහු කණ්ඩායමක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැකවල්ලා සිට මෙම ජාවාරම හෙළිකර ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට මස් තොගයක් සමඟින් පැන ගිය බවත් වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිද සොයා ගැනීමට නොහැකි වූ බව වනජීවී නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝන මස් සමඟ අයිය මලෝ දැලේ
Yatadola resident Sunday, 28 July 2024 04:45 PM
මේ වගේ අයව අල්ලලා දඬුවම් දෙන එක හොඳයි. හැබැයි මේත් හාල් මැස්සෝ.ලොකු තෝරු මෝරු ඉන්නවා..
සද්ගුණවත් මන්ත්‍රී උත්තමයා Monday, 29 July 2024 02:00 AM
මේ හලෝ, ගමේ ඉන්න වැදගත් උත්තමයෙක් වශයෙන් දඩ මස් කිලෝ දෙක තුනක් මන්ත්‍රී උත්තමයාගේ වලව්වට දුන්නාම තමුන්ට තියෙන රුදාව මොකක්ද ? මේ සත්තු තමුසෙගේද ?තෝරු මෝරු කියන්නේ අපිටද ?
තොත්ත බබාMonday, 29 July 2024 09:08 AM
වනජීවී නිළධාරි දැකලා අල්ලාගෙන තියෙන්නෙත් සැකපිට නිසා ඉදිරියේ වත් සීසීටීවී මගින්වත් අල්ලාගැනීමට හැකි වුනොත් සැකපිට කියන්න බැහැ කියලා හිතෙනවා
Nimal Monday, 29 July 2024 01:52 AM
අයියා මලෝ කිව්වාට මේ ෆොටෝ එකේ ගෑනියෙකුත් ඉන්නවානේ.මම හිතන්නේ අයියාගේ ගෑනි වෙන්න ඇති. එයා තමයි සත්තුන්ව මස්කරලා තියෙන්නේ.