(අංජුල මහික වීරරත්න)
ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනා ගෙන තිබෙි.
කජීමා වත්ත ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්දයෙන් නාගරික සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාවක් මගින් මේ බව අවධාරණය කර තිබේ.
ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්රතිපත්තීන්වලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නැතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
ගිනි ගැනීමට ලක්වූ මෙම කජීමා වත්ත ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් අතර අක්කර පහක පමණ විශාලත්වයකින් යුතුය. 2011 වසරේදී ආරම්භකළ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ එම ඉඩම්වල පදිංචි පවුල්වෙත ස්ථීර නිවාස ලබාදෙන තෙක් තාවකාලික අතරමැඳි කඳවුරක් පවත්වාගෙන යෑමට තාවකාලික පදනම මත කජීමා වත්ත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් බවද අදාළ වාර්තාවේ සඳහන්වෙයි.
නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඉඩම් නිදහස් කර ගැනීමේදී අවතැන්වන පවුල් මෙම කජීමා වත්තෙහි තාවකාලිකව පදිංචි කර ඇත. එලෙස පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව 275කි. අනතුරුව එම පිරිසට විකල්ප නිවාස ලබාදී කජීමා වත්ත නිදහස් කර ගෙන ඇත.
ඉන් පසුවද අවස්ථා කිහිපයකදීම මෙම අතරමැදි කඳවුර තුළ පවුල් ඒකක 50ක් පමණ පදිංචිකරවා ඇති අතර 214 වසරින් පසුව දේශපාලන මැදිහත්වීම මත මෙම ඉඩමෙහි අනවසර පවුල් 291 පමණ පදිංචිකරවා ඇත.
එමෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලන මැදිහත්වීම මත යළි අවස්ථා කිහිපයකදීම විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙහි අනවසරයෙන් පදිංචිකරවා ඇති බවද එම වාර්තාවේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතැනද වරදක් වී ඇත්තේ එතැන තක්කඩි දේශපාලනය...
මේ ලිපියේ කොතනද ගිනි ගන්න හේතුව සඳහන් වෙන්නේ කියලා කවුරුහරි පොඩ්ඩක් කියනවද.?