මුස්ලිම් කතක මෙන් ඇස් දෙක පමණක් පෙනෙන සේ මුළු ඇඟම වසාගෙන මහනුවර මහයියාවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ පහක් කොල්ලකෑමට ගිය බව කියන හමුදා කපිතාන් උපාලි සමරකෝන් ලබන 11 වැනිදා තෙක් රිමාන් බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
කොත්මලේ හමුදා කඳවුරේ භාෂා පුහුණු මධ්‍යස්ථානයේ සේවය කළ මේ කපිතාන් වෙස්වලාගෙන බැංකු කළමනාකරුගේ කුටියට ගොස් සල්ලි හොරකම් කිරීමට යද්දී ආරක්ෂක නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘ගෑනු කපිතාන්‘ රිමාන්ඩ්
මුතුකුඩ Friday, 08 February 2013 01:39 PM
සෑමි අප රටේ ගෞරවනීය නායකයකු වු බංඩාරනායක මහතාව ඝාතනය කලේද සිවුරක් දරාගත් පුද්ගලයෙක් බව අමතක නොකල යුතුය. එසේනම් ඔබගේ මෙම අඥාන අදහස අනුව ඒයත් තහනමි කල යුතුද?(නදී)
ඩයස් Friday, 08 February 2013 04:34 AM
එයාට ඔබින ගැහැණු ඇදුමම ඇදගෙන තියෙනවා. ලැජ්ජයි කපිතාන්, ඔයා හමුදාවටත් අගෞරවයක්. ඔයා ඔය ඇදුමෙන්ම ඉදිරියටත් ඉන්න. (නි)
නිසාර්-කටාර් Friday, 08 February 2013 02:31 PM
සෑම්, ජීවා ඔබ හදන්නේ ඒකටත් මුස්ලිම් ජනතාවට අපහාස කරන්නද? (නදී)
නිලංග Friday, 08 February 2013 06:32 AM
ලලිත්-කටාර්, ඔබේ අදහසින් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියා මට හිතාගන්න අමාරුයි. “ගැහැණියක් කියලා හිතාගෙන කටිටිය එකතුවෙලා හොදට සළකන්න තිබ්බනේ“, අපට පොඩ්ඩක් විස්තර කරලා දෙනවද මෙවැනි අවස්ථාවක ගැහැණියකට සළකන්න ඕනෑ මොන විදිහටද කියලා. (නි)
අජිත් Friday, 08 February 2013 06:48 AM
මීට අවුරුදු තුන හතරකට කලින් බියගම මල්වානේ දී රන් ආභරන මන්කොල්ලයකට මුස්ලිම් කාන්තාවක් ලෙස ඇද පැලදගෙන ආ අයෙක් ඇවිත් එම නිවසේ මුස්ලිම් කාන්තාවකුත් ඝාතනය කළා.(නදී)
ජයතිස්ස Thursday, 07 February 2013 04:58 PM
බැංකුවේ ආරක්ෂක නිළධාරීන්ට මාගේ ප්‍රණාමය..!(නු)
රියාස් Friday, 08 February 2013 08:57 AM
මෙය වර්තමානයේ සිදුවන ක්‍රියාවන්ට වාසියක් වන ලෙස සිදුකළ රඟපෑමක්ද? කිසියම් ආගමකට අගෞරව වන ලෙස ආගමික සිරිත් සිරිත් අනිසි ලෙස ප්‍රයෝජන ගන්නන්ට ආපසු ඒ වගේ ක්‍රියාවන් නොකිරීමට දිය යුතු උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අද මුස්ලිම් කාන්තාවන්ගේ කළු ඇඳුම, හෙට වෙන ආගමක ගෞරව කළ යුතු ඇඳුමක් විය හැක. (නි)
උදය Thursday, 07 February 2013 05:26 PM
හිස ගසා දමන්න (ස)
සාලි Friday, 08 February 2013 09:46 AM
සෑම්, ඔය ඇදුම ලංකාවේ අදින්නේ නැතුව සද ලංකාවේ අදින්න.(නදී)
නවුශාඩ් Thursday, 07 February 2013 05:46 PM
ඔන්න තවත් අහක යන ලෙඩක් (ස)
ලාල් Thursday, 07 February 2013 06:21 PM
මොනවද මේ විකාර ඇදුම්, පිරිමියෙකුට (නි)
නිරාන් Friday, 08 February 2013 10:10 AM
මෙතරම් හොඳ රැකියාවක් තිබිලත් මෙවැනි පහත් වැඩ කරන උදවියට උපරිම දඩුවම් දෙන්නම ඕනි (ස)
සෑම් Thursday, 07 February 2013 06:50 PM
ඔය ඇඳුම ලංකාවට ගැළපෙන්නේ නැහැ. ගොඩාක් අපරාධකරුවන් සැඟව පලායන්නත්, අපරාධ කරන්නත් ඕක යොදාගන්නවා. ඔය ඇඳුම ආරක්ෂාවට තර්ජනයක්. ඕක ලංකාවේ තහනම් කළයුතු කාලය පැමිණ ඇත. ඕක අඳින්න ඕනෑම නම් වෙනත් රටක් හොයාගන්න. බංගලිදේශය, පකිස්තානය, ඉරානය හෝ අරාබිය... (නි)
නිර්ෂාඩ් Friday, 08 February 2013 10:14 AM
යම් කෙනෙකුගේ චර්යාව ඇදුමෙන් මනින්න බැහැ. මිනිසුන්ගේ ගැහැනුනුගේ හැසිරීම් රටාව චර්යාව අනුව වෙනස් වෙනවා.(නදී) i
පුෂ්පා Thursday, 07 February 2013 06:58 PM
එතකොට මේ කපිතාන් ගිහිල්ල තියෙන්නෙ හරියටම ලක්ෂ පහක් කොල්ලකන්න??? (නි)
පාලිත Thursday, 07 February 2013 07:04 PM
අනේ මෙහෙමත් රණවිරුවෝ? විරුවන්ගෙත් නම කැතකරපු ‘නිලදැරිවියක්‘. (නි)
නදීෂා Thursday, 07 February 2013 07:24 PM
උපරිම දඩුවම් දෙමුද (ස)
ලලිත්-කටාර් Thursday, 07 February 2013 07:36 PM
ගැහැණියක් කියලා හිතාගෙන කටිටිය එකතුවෙලා හොදට සලකන්න තිබිබනේ.(නදී)
ඉසුරන්දි Friday, 08 February 2013 10:40 AM
මේවා අහද්දිත් කලකිරෙනවා , ඇයි දෙයියනේ හමුදාවේ නම කැත කරන්නේ (ස)
ශාන්ත ලාල් Friday, 08 February 2013 11:01 AM
මට පොළව පලාගෙන යන්න හිතුනා (ස)
ජීව Thursday, 07 February 2013 11:52 PM
ලංකාවේ මේ ඇඳුම ගැන නැවත සළකා බැලිය යුතු බවයි මගේ හැඟීම. සමහරක් රටවල් මේ ඇඳුම තහනම් කරලයි තියෙන්නෙ. (නි)