මුස්ලිම් කතක මෙන් ඇස් දෙක පමණක් පෙනෙන සේ මුළු ඇඟම වසාගෙන මහනුවර මහයියාවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ පහක් කොල්ලකෑමට ගිය බව කියන හමුදා කපිතාන් උපාලි සමරකෝන් ලබන 11 වැනිදා තෙක් රිමාන් බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
කොත්මලේ හමුදා කඳවුරේ භාෂා පුහුණු මධ්‍යස්ථානයේ සේවය කළ මේ කපිතාන් වෙස්වලාගෙන බැංකු කළමනාකරුගේ කුටියට ගොස් සල්ලි හොරකම් කිරීමට යද්දී ආරක්ෂක නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑමි අප රටේ ගෞරවනීය නායකයකු වු බංඩාරනායක මහතාව ඝාතනය කලේද සිවුරක් දරාගත් පුද්ගලයෙක් බව අමතක නොකල යුතුය. එසේනම් ඔබගේ මෙම අඥාන අදහස අනුව ඒයත් තහනමි කල යුතුද?(නදී)
එයාට ඔබින ගැහැණු ඇදුමම ඇදගෙන තියෙනවා. ලැජ්ජයි කපිතාන්, ඔයා හමුදාවටත් අගෞරවයක්. ඔයා ඔය ඇදුමෙන්ම ඉදිරියටත් ඉන්න. (නි)
සෑම්, ජීවා ඔබ හදන්නේ ඒකටත් මුස්ලිම් ජනතාවට අපහාස කරන්නද? (නදී)
ලලිත්-කටාර්, ඔබේ අදහසින් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියා මට හිතාගන්න අමාරුයි. “ගැහැණියක් කියලා හිතාගෙන කටිටිය එකතුවෙලා හොදට සළකන්න තිබ්බනේ“, අපට පොඩ්ඩක් විස්තර කරලා දෙනවද මෙවැනි අවස්ථාවක ගැහැණියකට සළකන්න ඕනෑ මොන විදිහටද කියලා. (නි)
මීට අවුරුදු තුන හතරකට කලින් බියගම මල්වානේ දී රන් ආභරන මන්කොල්ලයකට මුස්ලිම් කාන්තාවක් ලෙස ඇද පැලදගෙන ආ අයෙක් ඇවිත් එම නිවසේ මුස්ලිම් කාන්තාවකුත් ඝාතනය කළා.(නදී)
බැංකුවේ ආරක්ෂක නිළධාරීන්ට මාගේ ප්‍රණාමය..!(නු)
මෙය වර්තමානයේ සිදුවන ක්‍රියාවන්ට වාසියක් වන ලෙස සිදුකළ රඟපෑමක්ද? කිසියම් ආගමකට අගෞරව වන ලෙස ආගමික සිරිත් සිරිත් අනිසි ලෙස ප්‍රයෝජන ගන්නන්ට ආපසු ඒ වගේ ක්‍රියාවන් නොකිරීමට දිය යුතු උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අද මුස්ලිම් කාන්තාවන්ගේ කළු ඇඳුම, හෙට වෙන ආගමක ගෞරව කළ යුතු ඇඳුමක් විය හැක. (නි)
හිස ගසා දමන්න (ස)
සෑම්, ඔය ඇදුම ලංකාවේ අදින්නේ නැතුව සද ලංකාවේ අදින්න.(නදී)
ඔන්න තවත් අහක යන ලෙඩක් (ස)
මොනවද මේ විකාර ඇදුම්, පිරිමියෙකුට (නි)
මෙතරම් හොඳ රැකියාවක් තිබිලත් මෙවැනි පහත් වැඩ කරන උදවියට උපරිම දඩුවම් දෙන්නම ඕනි (ස)
ඔය ඇඳුම ලංකාවට ගැළපෙන්නේ නැහැ. ගොඩාක් අපරාධකරුවන් සැඟව පලායන්නත්, අපරාධ කරන්නත් ඕක යොදාගන්නවා. ඔය ඇඳුම ආරක්ෂාවට තර්ජනයක්. ඕක ලංකාවේ තහනම් කළයුතු කාලය පැමිණ ඇත. ඕක අඳින්න ඕනෑම නම් වෙනත් රටක් හොයාගන්න. බංගලිදේශය, පකිස්තානය, ඉරානය හෝ අරාබිය... (නි)
යම් කෙනෙකුගේ චර්යාව ඇදුමෙන් මනින්න බැහැ. මිනිසුන්ගේ ගැහැනුනුගේ හැසිරීම් රටාව චර්යාව අනුව වෙනස් වෙනවා.(නදී) i
එතකොට මේ කපිතාන් ගිහිල්ල තියෙන්නෙ හරියටම ලක්ෂ පහක් කොල්ලකන්න??? (නි)
අනේ මෙහෙමත් රණවිරුවෝ? විරුවන්ගෙත් නම කැතකරපු ‘නිලදැරිවියක්‘. (නි)
උපරිම දඩුවම් දෙමුද (ස)
ගැහැණියක් කියලා හිතාගෙන කටිටිය එකතුවෙලා හොදට සලකන්න තිබිබනේ.(නදී)
මේවා අහද්දිත් කලකිරෙනවා , ඇයි දෙයියනේ හමුදාවේ නම කැත කරන්නේ (ස)
මට පොළව පලාගෙන යන්න හිතුනා (ස)
ලංකාවේ මේ ඇඳුම ගැන නැවත සළකා බැලිය යුතු බවයි මගේ හැඟීම. සමහරක් රටවල් මේ ඇඳුම තහනම් කරලයි තියෙන්නෙ. (නි)