
(එම්.සුසිල් පියන්ත)
මීටියාගොඩ තොටගමුවේ ගෙවත්තේ වළදමා තිබූ ගිනි අවියක් සමග එක් පුද්ගලයෙක් සැකපිට පශ්න කිරීම සදහා අද (17) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
සැකකරුගේ සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා මත් කුඩු ග්රෑම් පහක් ද අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
ලැබුණු විශ්වාසදායක තොරතුරකට අනුව සැකකරුගේ ගෙවත්ත පරීක්ෂා කිරීමේදී අවශයවූවිට වළහාරා ගොඩ ගැනීමට හැකි අයුරින් වළදමා තිබූ මේ ගිනි අවිය වළදමා තිබූ තැන සංකේතයක් තබා තිබු බවත් පොලීසිය කියයි.
එම ස්ථානය ඉතා පරිස්සමින් හාරා වළදමා තිබූ මේ ගිනි අවිය ගොඩගත් බවත් පවසන පොලීසිය සැකකරු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd