මාවනැල්ල නැගෙනහිර කෙහෙල්පන්නල ජනපදය නායයෑමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පවුල් 12 ක සාමාජිකයන් ඉවත් කළ බව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
මෙම ජනපදය කඳු බෑවුමක පිහිටියේය. පසුගිය දින කිහිපයේ පැවති වැසි සමග තැන තැන දිය උල්පත්ද මතුවිය. හෙම්මාතගම පොලිසියේ පොලිස් කොස්තාපල් ඩී.ආර්.විජිත බණ්ඩාර එම ගමේ වයෝවෘද්ධ මවක රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මෙවැනි මිනිසුන් අද සමාජයේ ඉන්න එක හරිම සතුටක්. (නි)
මෙවන් මිනිසුන් සිටීම අපිට මහත් ආඩම්බරයකි (නි)
ඔබ මෙය කළේ අවංක හදවතින්. ඒ නිසා කවදාවත් ජිවිතේ වරදින්නේ නැහැ. (නි)
පොලිසියේ ඉන්න වෙනස්ම කෙනෙක්. මේ වාගේ අය අද පොලිසියේ නැහැ (නි)
ඔබ මුළු ලොවටම ආදර්ශමත් පොලිස් නිලධාරියෙක් ඔබට ජය සහ සැප!(දිල්)
මනුස්සකම පිරිච්ච සැබෑ මනුස්සයෙක් මේ කාලේ දකින්න ලැබීමත් පිනක්.බුදුසරණයි සහෝදරයා ඔබට(දිල්).
මා පිය සෙනෙහස උතුරාගෙන යන දසුනක්. ඔබ දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දිවිගමන පුරාවටම ...!! (නි)
මෙම නිලධාරියාගේ ක‍්‍රියාව හදවතින්ම කරන බව පැහැදිලි එය සත්‍යයක් පොලිසියේ ඉහළ නිලධාරින් මේවා බලන්නේ නැද්ද අනේ. (හේ)
වටිනා වැඩක්. ඔහුට සුභ පතමු. නමුත් අපේ රට තාම ඉන්නේ ගල්යුගයේ වගෙයි. ආපදා මෙහෙයුමකදී පාවිච්චි කරන්න රෝද පුටුවක් හෝ ගිලන් මැස්සක් හොයාගන්න බැරිද? (නි)
මිනිස්කම අතුගෑවිලා ගිය ලොවක මිනිස්කම පිරි ඉතිරී ගිය හදවතක් ඇති මිනිසෙක්.(හේ)
දුක, මිනිස්කම හඳුනන මිනිසෙක්. මෙතනයි දෙවියන් වැඩ ඉන්නේ. (නි)
දුක හඳුනන මිනිස්සු! (නි)
ඔහුට තව තවත් දහිරිය ශක්තිය ලැබේවා.! (අ)
මල්ලි, ඔයාට බුදු සරණයි! (නි)
ඔබගේ දෑතට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! (නි)
අපුරු දසුනක්. ඔබ වැනි පුතෙකු දැයට දායාද කළ, ඔබේ පින්බර දෙමාපියන්ට මගේ උපහාරය! (නි)
අම්මා ගම දාලා යන්න බැහැ කිවුවද දන්නෙ නැහැ. අපේ අම්මාත් ඒ වගේ විරෝධතා පෑවා ඒ කාලේ. (නි)
හොඳ දෙමාපියන් යටතේ හැදුනු කෙනෙකුට විතරයි මේ වගේ පින් අත්වන වැඩ කරන්න පුළුවන්. ලංකාදීපයට අපේ ස්තුතිය! ඒත් පොලිසියේ පොඩි පොඩි වැරදි හොයන අයට නම් මේවා පෙනෙන්නේ නැහැ. (නි)
මම මේ මල්ලිව හොඳට දන්නවා , මෙයා ඉතාමත් හොඳ කෙනෙක් , හිටියොත් හොඳට හැදී ,දෙවියොත් නමට වදී , (අ)
හොඳ පුතෙක් !(අ)
ඇහැට කදුලක් ආවා.(හේ)
පොලිසියටම ආදර්ශයක්. ඔබට මගේ ප්‍රණාමය! (නි)
මෙවැනි දරුවන් නිසා හැදු වැඩු දෙමාපියන්ට ගෞරවයක් අත්වෙනවා (නි)
ඔහුගේ හැඟීම ඔහුගේ මුහුණින් පෙනෙනවා. හොඳ අම්මා කෙනෙකුගේ හොඳ පුතෙක් (නි)
මේ වගේ යහපත් දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ (නි)
ප්‍රශංසනීයයි ඔබේ සේවය. අපි හැමෝටම ආදර්ශයක් දුන් හොඳ අම්මා කෙනෙක්ගේ පුතෙක් (නි)
මෙවැනි දරුවන් හැදු වැඩු දෙමාපියන්ටත් ලොකු ගෞරවයක් (නි)
මා හිතන්නේ පොලිසිය මොන දේ කළත් පොලිසියේ වාසනාවකට ලැබුණු හොඳ සේයාරුවක්. ඒ වාගේම මේ රාළහාමි නිහතමානීව කළ උතුම් සේවය ඇගයීමට ලැබුණු හොඳ අවස්ථාවක්. මේ රළහාමි පිළිබඳ ඉහළ පොලිස් නිලධාරින් ඇතුළු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රශංසා කර ඔහුට සුභපැතිය යුතුයි නේද? මොකද එවන් නිලධාරින් සැබවින්ම නැති නිසා. ලංකාදිප පුවත්පතේ කතෘ මණ්ඩලය ඉතා හොඳයි. මිනිස් හදවත් වලට අවශ්‍ය වන්නේ මෙම වකවානුවේ කුමන දෙවල්ද කියා හොඳින් තේරුම් අරගත් මොහොතක්. ඒ නිසානේ අද ලංකාවේ හොඳම පුවත්පත වුණේ. මෙවැනි දේවල් ඔබේ ආයතනයට තව තවත් ලැබිලා දියුණුවෙන් දියුණුවට පත්වේවා! මෙම පුවත කරන ලද මාධ්‍යවේදි මහතාටත් දිර්ඝායු ලැබේවා! (නි)
මනුස්සතම කියන්නේ ඔය දේට තමයි.(හේ)
හැබැයි ඉතින් එක එක කතා අහගන්නෙත් මේ වගේම නිලඇඳුම ඇඳගත් නිලධාරීන්ම තමයි (නි)
මෙවැනි දරුවන් හැදු වැඩු දෙමාපියන්ටත් ලොකු ගෞරවයක් (අ)
නියම ශ්‍රී ලංකා මාතාවගේ දරුවෙක් (නි)
ඔබට පින් පුතේ ඔබගේ ජිවිතයට සැමදා යහපත සතුට ලැබේවා! (අ)
මේ වගේ කරුණාව, දයාව, ආදරය පිරුණු නිලධාරියෙක් දැකීමත් සතුටක් (නි)
මනුස්ස කම කියනනේ මේ දේවල් වලටයි.(හේ)
දුක, මිනිස්කම හඳුනන මිනිසෙක්. (නි)
හොද පොලිස් නිලධාරියෙක්.(හේ)
ලොව්තුරු සුවය දැනේ අම්මා යන අකුරු තුනේ.(හේ)
හොඳට නරකට දෙකට අත්මය. (බ)
මල්ලි ඔයා අපේ පවුලට වාසනාවක්, ඔයාට තෙරුවන් සරනයී,(හේ)
පොලිසියේන් වරදක් උනොත් බනින්න නම් ඕන තරම් අය ඉන්නව... එත් හොද දෙයක් අගයන්න කව්රුත් නැහැ.... (බ)
හොඳ ආත්ම ගෞරවයකින් හෙබි පුතෙක්. ඔබට දීර්ඝායු! (නි)
මේ වගේ හොඳ පොලිස් නිලධාරීන්ට උපහාර වේවා! (හේ)
ඔයාට දළදා සමිඳු පිහිටයි, සියලු දෙවි රැකවරනයි.(නදී)
පොලිස් නිලධාරී තුමනි ඔබේ කාරුණික හදවතට අපගේ උපහාරය... ඔබට යහපතක්ම වේවා කියා පතමි.(හේ)
කොහොමත් අපේ උදවිය බලන්න පුරුදු වෙලා තියෙන්නේ ආසන්නම නරක සිද්දිය මිසක් හොඳ නරක සම සමාව නෙවෙයි. ඔය කාකි නිල ඇඳුම යට ඉන්නේ මනුස්සයෙක්. එයාට නීති රෙගුලාසි හැමටම යටත්ව තමන්ගේ කාර්යන් කරගෙන යනකොට විවිධ මානසික තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ අතරේ තමුන්ගේ පුද්ගලික ජිවිතයේ හල හැප්පීම් නිසා රාජකාරියේදී විවිද අතපසු වීම සාධාරණයි. මොනවා වුනත් මෙවන් පුතුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන.(හේ)
ඔබ,ඔබගේ පවුල සහ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ආඩම්බරයක් අනෙක් නිලධාරීන්ට ආදර්ශයක් ඔබ සහ පොලිස් දෙපාර්තමේන්තුව මේ දේශය තුල බැබලේවා .(දිල්)
ගොඩක් දුරට අම්මලා මහමග දමායන අවදියක අමිමලාට නොසලකන දරුවන්ට හොද පාඩමක් (නදී)
ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.(හේ)
විජිත අයියා, ඔයාට සම්මා සම්බුදු සරණයි! (නි)
අනේ පුතේ ඔබට දිර්ඝායු ලැබේවා.(හේ)
ඔබ වැනි පොලිස් නිලධාරින් නිසාම යි නිල ඇදුමේ අභිමානය රැකෙන්නේ ..! ඔබ වැනි මිනිසුන් නිසාම යි යුක්තිය සාධාරණය ආරක්ෂා වන්නේ ..! ඔබ වැනි අතලොස්සක් මිනිස් හැගීම් තිබෙනා මිනිසුන් නිසා අකාරුණික පොලිස් නිලධාරීන්ගේ නුගුණ ද මැකෙනු ඇත ..! ජයෙන් ජය ඔබට ..(හේ)
පොලිසියේ අනිත් නිලධාරින්ටත් ඔබ ඉතා ආදර්ශවත් චරිතයක්... ඔබට ජයෙන් ජයම පතමි! (දිල්)
නියමයි අපේ රාලහාමි. (බ)
රත්තරං පුතේ ඔබට බුදු සරණයි (දිල්)
මේ වගේ නිලධාරීන් නිසා "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" පදය තියන පොලිස් බැජ් එකේ ගෞරවය රැකෙනවා. කළ හොඳ කවදා හෝ ඔබට පිහිටට හිටීවි. බුදු සරණයි.(දිල්)
පුතේ, නුඹට තුණුරුවන්ගේ සරණයි! පොලිස්පතිතුමාගේ අවධානය මේ පුතු වෙත යොමුවේවා! (නි)
වැදුමවත් උපන් බිමත් බේරගන්න පෙරට ගිය පුතේ!.........අදත් නුබේ සහයෝගෙන් මව බේරෙයි පුතේ!.. නුබ හදන්න, ලොකු කරන්න මව් කිරිබිව් ගුනේ!....සන්තෝසයි මේව දැකල නෙතේ කදුළු පිරේ! (බ)
අම්ම ගෙන් බීපු කිරි කඳුලට ණය ගෙවපු පිනැති පුතෙක්. පොලිස් පති තුමා ඔහු පොලිසියට අත් කරදුන් කිර්තිනාමය වෙනුවෙන් ඔහුට ගෞරවය පිරිනමාවි කියා බලාපොරොත්තු වෙනවා. (දිල්)