(රංජන් කස්තුරි)

දුම්රිය වර්ජනය නිසා දුම්රිය ධාවන වාර ගණනාවක් අද අවලංගුවීම නිසා කාර්යාලවලට සහ කොළඹට පැමිණි විශාල පිරිසකට නිවෙස් බලා යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූහ.

දුම්රියක් බලා පොරොත්තුවෙන් කොටුව,මරදාන, දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය,කොල්ලුපිටිය, ඇතුළු නගරාසන්න දුම්රිය ස්ථානවල රැඳී සිටි සේවක පිරිසකට සිය ගමන් පහසුව සඳහා දුම්රය නොලැබිණි.

මේ හේතුවෙන් ධාවනය වූ දුම්රියවල පා පූරුවේ අවදානම් ගමනක යෙදීමට බොහෝ පිරිස සිදු විය. 

කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට ගොඩවීමට ගිය මගීන්ට වෙහෙසක් දැරීමට සිදු වූ අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වී තිබුණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)