වාහනවලින් යන එන පිරිසක් හම්බන්තොට මහ ලේවාය උඩ පාර දෙපස කැලි කසළ බැහැර කරතියි කියති.
මෙම මාර්ගය දෙපස පදිංචි කරුවන් නොමැති අතර වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් සිය නිවෙස් වලින් බැහැර කරන නොයෙක් අපද්‍රව්‍ය සමඟ කසළ රථ වාහන වලින් ගෙනවිත් දමා යන බව මෙම මාර්ගයේ ගමන් කරන අය පවසති.
මහලේවායේ සේවය කරන බොහෝ පිරිසක් පාපැදි වලින් හා යතුරු පැදිවලින් මෙන්ම පා ගමනින්ද මෙම මාර්ගයේ යති. සුචී ගම්මානයේ අය බොහෝ පිරිසක් හම්බන්තොට පැරණි නගරයට පිවිසෙන්නේ මෙම මාර්ගය යොදාගනිමිනි. ගුවන් පාලම ප්‍රදේශයෙන් ගමන් කිරීමේ දී අධික දුරක් ගෙවීමට සිදු ව ඇති නිසා මෙම පැරණි මාර්ගය භාවිතා කරති.
වැසි දිනට මේ කසළ මහලේවායට පවා සේ දී යන බවද ප්‍රදේශයම අධික ලෙස දුගඳ හමන හෙයින් බල්ලන් කපුටන් මෙම කසළ ගොඩවල් එහෙ මෙහෙ විසිරකර දමතියිද හම්බන්තොට කළු දොදොල් කඩ පිහිටා ඇත්තේද මෙම මාර්ගයට සමාන්තරව කුඩා වන රොදකින් වෙන්වූ පෙදෙසක යයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා ඉන්නකොට රටම ලස්සන කරා .දැන් මොකද වෙන්නේ? (ම)
දැන් ඉන්න කට්ටිය ගස කනවා විතරයි වැඩ නැ එකයි වෙලා තියෙන්නේ (අ)
කොකා කෝල කොම්පැනිය විස දාපු සිද්ධිය ගැන කස්ටිය නටලා දගලලා කෑ ගහනවා. ඊට වඩා දරුණු මේ වගේ එදිනෙදා කරන විපත් අපේ අයට පේන්නෙ නෑ...(බ)