IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෙදර කුණු පාරේ : වෙන පාරකින් බඩේ

වාහනවලින් යන එන පිරිසක් හම්බන්තොට මහ ලේවාය උඩ පාර දෙපස  කැලි කසළ බැහැර කරතියි කියති.

මෙම මාර්ගය දෙපස පදිංචි කරුවන් නොමැති අතර වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් සිය නිවෙස් වලින් බැහැර කරන නොයෙක් අපද්‍රව්‍ය සමඟ කසළ රථ වාහන වලින් ගෙනවිත් දමා යන බව මෙම මාර්ගයේ ගමන් කරන අය පවසති.

මහලේවායේ සේවය කරන බොහෝ පිරිසක් පාපැදි වලින් හා යතුරු පැදිවලින් මෙන්ම පා ගමනින්ද මෙම මාර්ගයේ යති. සුචී ගම්මානයේ අය බොහෝ පිරිසක් හම්බන්තොට පැරණි නගරයට පිවිසෙන්නේ මෙම මාර්ගය යොදාගනිමිනි. ගුවන් පාලම ප්‍රදේශයෙන් ගමන් කිරීමේ දී අධික දුරක් ගෙවීමට සිදු ව ඇති නිසා මෙම පැරණි මාර්ගය භාවිතා කරති.

වැසි දිනට මේ කසළ මහලේවායට පවා සේ දී යන බවද ප්‍රදේශයම අධික ලෙස දුගඳ හමන හෙයින් බල්ලන් කපුටන් මෙම කසළ ගොඩවල් එහෙ මෙහෙ විසිරකර දමතියිද හම්බන්තොට කළු දොදොල් කඩ පිහිටා ඇත්තේද මෙම මාර්ගයට සමාන්තරව කුඩා වන රොදකින් වෙන්වූ  පෙදෙසක යයිද කියති.



අදහස් (0)

ගෙදර කුණු පාරේ : වෙන පාරකින් බඩේ

සරත් Monday, 14 September 2015 07:55 AM

ගෝඨා ඉන්නකොට රටම ලස්සන කරා .දැන් මොකද වෙන්නේ? (ම)

:       0       0

විජයබාහු Monday, 14 September 2015 08:21 AM

දැන් ඉන්න කට්ටිය ගස කනවා විතරයි වැඩ නැ එකයි වෙලා තියෙන්නේ (අ)

:       0       0

කපිල Monday, 14 September 2015 08:51 AM

කොකා කෝල කොම්පැනිය විස දාපු සිද්ධිය ගැන කස්ටිය නටලා දගලලා කෑ ගහනවා. ඊට වඩා දරුණු මේ වගේ එදිනෙදා කරන විපත් අපේ අයට පේන්නෙ නෑ...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site