IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගුදය ආශ‍්‍රිත රෝග වලට ආයුර්වේදයෙන් ප්‍රතිකාර

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න

ගුදය ආශ‍්‍රිතව හටගන්නා සියළුම රෝග ශල්‍යකර්ම තෙක් දුර දිග යෑමට නොදී වහා ප‍්‍රතිකාර ගත යුතුය.  ඒ මක්නිසාදයත් ශල්‍ය කර්මයක් සිදුකොට ගුද පේශී කැපී ගියවිට ඒවායේ තානය අඩුවී අප වයස් ගත වන විට මලපිටවීම පාලනය කිරීමට අපහසුතාවයට පත් වන නිසාය.

ගුදය පේශී වර්ග තුනකින් සමන්විතය. මලබද්ධතාවය මල පිට  කිරීමට දැඩි ආයාසයක් දැරීම මලවේග දරාගෙන සිටීම ගුද ප‍්‍රදේශය පිරිසිදු කිරීමේ දුර්වලතා නිසා ගුද රෝග හටගනී.

ආහාර මාර්ගයේ අග අඟල් 4 ක පමණ ප‍්‍රමාණයේ ඇතිවෙන රෝග ගුද රෝග ලෙස සලකයි . ආයුර්වේද වෙදකමට අනුව අර්ශස්, භගන්දරා, පරිකර්තිකා ගුදභ‍්‍රංශ ගුද කණ්ඩු ගුද පිඩකා අර්බුද වශයෙන් දක්වා ඇත.

 

අර්ශස් රෝගය

වැඩිවේලා එක තැන වාඩිවී සිටීම, මලබද්ධයට අහිතකර ආහාර හා පැවතුම්, මානසික හේතු හා පාරම්පරිකව ඇතිවෙන හේතු නිසා හටගනී. අර්ශස්, ශුෂ්ක අර්ශස්, රක්ත අර්ශස් ලෙස වර්ග 2කි.

භගන්දරා

භගන්දරා යනු ඉතා වේදනාකාරී රෝග තත්ත්වයක් ලෙස හැඳන්විය හැකි මෙම රෝගයේදී ගුදයට නුදුරින් සැරව ගෙඩියක් හටගෙන එය ගුදමාර්ගයේ ඉහළ ප‍්‍රදේශය තෙක් ඉහළට කාණුවක් ලෙස දිවගොස් ගුද මාර්ගයට විවෘත වේ. කල්ගත වන විට ඒ තුළින් අසූචි ඒමට පටන් ගනී. ආයුර්වේද වෙදකමේ මේ සඳහා ඔඩු වෙදකම සාර්ථකව කෙරේ.

පඵරිකර්තිකා

පරිකර්තිකා යනු මලබද්ධය නිසා තද මල කොටස් පිටවීම නිසා ගුදය ඉරී තුවාල වී පැලිමයි. දින පහකට වරක් මලපහ කරන අයද චිකිත්සා කර්මයේදී අපට හමුවේ.

ගුද භ‍්‍රංශ

ගුද භ‍්‍රංශ යනු මල පහ කරන විට මල කොටස් සමඟ ගුදය එලියට පැමිණීමයි. මුල් කාලයේ මෙය ඉබේම ඇතුල් වෙන අතර කලක් යන විට එය එළියට ඇවිත් තිබේ.

ගුද කණ්ඩු

ගුද කණ්ඩු යනු ගුදය කැසිමයි. මෙය අපිරිසුදුකම නිසාත් කිරිපණු රෝගය නිසාත් හටගන්නා ඉතා කරදරකාරී අප‍්‍රසන්න රෝග තත්ත්වයකි .

ගුද පිඩකා

ගුද පිඩකා යනු ගුදය අවට ගෙඩි හට ගැනිමයි. මෙයත් ආහාර පාන වල ඇති ආසාත්මිකතාව නිසා හටගනී.

ගුද අර්බුද

ගුද අර්බුද යනු ගුදය අවට ඇතිවෙන පිළිකා තත්ත්වයකි .

දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් අතර ගුද රෝග සුලභයත අද සමාජයේ රාත‍්‍රී කාලයේ නින්දට යන විටත් කලිසම් ඇඳගෙනම නින්දට යෑම මේ රෝගවල මුලාරම්භයයි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අප අඩු තරමින් රාත‍්‍රියටවත් සරම හා සැහැල්ලු නිදන ගවුමක් ඇඳ නින්දට යන්නේ නම් සුදුසුය. අප රටේ වද භාවයටද මූලිකම හේතුවද පිරිමි පක්‍ෂයේ උදවිය තද ඇඳුම් පැළඳුම්වලට යොමුවි තිබීම බව මගේ විශ්වාසයයි . 



අදහස් (11)

ගුදය ආශ‍්‍රිත රෝග වලට ආයුර්වේදයෙන් ප්‍රතිකාර

දිනුෂ Monday, 21 September 2015 08:31 AM

එක බෙහෙතක් හරි කියනවනම් ගොඩක් පින්. (බ)

:       33       49

සමන්ත Wednesday, 28 October 2015 12:29 PM

මේ ඩොක්ටර් හමුවෙන්නේ කොහොමද (බ)

:       8       19

මහින්ද තිලකරත්න Wednesday, 30 March 2016 04:09 PM

මට ගැටළුවක් තිබෙනවා විමසන්නේ කෙසේද (බ)

:       24       10

චන්දන Monday, 21 September 2015 07:50 PM

කොහොමද මේ වෛද්‍යවරිය සමඟ සම්බන්ධ වෙන්නේ? (නි)

:       2       6

චමිදු විරාජ් Thursday, 17 June 2021 07:16 AM

ලිපිය හොදයිබ පොඩි ප්‍රශ්නයක් තියනවා

:       0       0

එස් ජි සිරිබන්දුල Friday, 19 November 2021 03:51 PM

මහත්මයාණෙනි !!!! මා දැනට මාස දෙකක කාලයක සිට දුක්විදින පුශ්නයක් මගේ ගුද මාර්ගයෙහි පිට කෙලවරේ පොඩි ගෙඩි කිහිපයක් ඇත. සමාන්‍ය වේලාවට මේවා වියලුන දෙයක් සේ තිබුනද සවස් කාලයට ලොවිගෙඩිමෙන් ඉදිමී වේදනාව ගෙනදේ. මා සිංහල ආයුර්වේද බෙ⁣හෙත් කිහිප විටක් බිව්වද සුවයක් නැත .කැමර පර්යේෂණයක් කලද බඩවැල තුල ගෙඩි නැත. ඉංග්‍රීසි බෙහෙත් වලින් ද සුවයක් නැත. මෙය විශේෂඥ ​වෛද්‍යවරුන්ට ද පෙන්නලා බෙහෙත් ගත්තා .ඒත් තාම ලෙඩේට අවශ්‍ය බෙහෙත් නොලැබුණි. බෙහෙතක් කියන්න.

:       2       0

Gamini Wednesday, 18 May 2022 05:20 PM

මහත්මයා මගේත් ගුදය ආශ්‍රිතව තුවාලයක් හටගෙන තිබෙනවා. දැන් මාස දෙකක් පමණ වෙනවා. තවමත් සුවයක් නැහැ. මම බෙහෙත් ගත්තා සුවයක් නැහැ... මට බෙහෙතක් කියන්න

:       0       0

එස් ජි සිරිබන්දුල දෙහිගහවෙල මහඉදුරැව Friday, 19 November 2021 03:59 PM

මහත්මයාණෙනි ගුද මාර්ගයෙහි පිටත පවතින ගෙඩි උදේට ඇකිලී සවසට ඉදිමි ඉතා වේදනාව ගෙන දීමත් ගුද මාර්ගයෙන් ගිනිපිටවිමක් වැනි දැවිල්ලක් ඇතිවෙයි .සිංහල හා ඉංග්‍රීසි යන බෙහෙත් දෙවර්ගයම බිව්වද සුවයක් නැත. කැමරාවක් දමා පරික්ෂණ කලද ගෙඩි නැත. මෙයට හොඳ බෙහෙතක් ලබා දෙන්න

:       2       3

විජේසිංහ බංඩාර Friday, 05 May 2023 12:18 PM

මහත්මයා මගේ ගුදමාර්ගයේ පොඩි ගැටිත්තක්, ගෙඩියක් හට ගෙන ඇත. එය වේදනාකාරියි. මට පිළිතුරක් දෙන්න.. ස්තුතියි ..!

:       0       2

Ireshika Monday, 08 May 2023 12:50 PM

දොස්තර, මට ගුද මාර්ගයේ තුවාලයක් ඇති වුණා... මළපහ කරන්න අපහසු නිසා.... ඉන් පස්සේ මම එයට බෙහෙත් ගත්තා. නමුත් මට සැරෙන් සැරේ ඒ තත්ත්වයට මුහුණ දෙන්න වුණා. ඒ තුවාලය සුව නොවීම නිසා ගුද මාර්ගය වෙනදාට වඩා පටු වී මෙන් මළපහ පිට කරන්න අපහසු වුණා. සැරෙන් සැරේ ඒ තත්ත්වයට මුහුණ දුන්නා. ගුදයේ අතුළත කුඩා ගැටිති දෙකක් වගේ තිබුණේ ඒවා වේදනාවක් දෙනවා පළපහ පිට කරන්න අපහසු වුණාම කොවිඩ් නිසා ප්‍රතිකාරයක් නිසියාකාරව කර ගැනීමට අපහසු වුණා. දැන් වසර තුනක් පමණ වෙනවා මේ තත්වය ඇතිවෙලා... දැන් ගුද මාර්ගයේ ඇතුළතින් ගෙඩියක් තියෙනවා. මට ශල්‍ය කර්මයක් කරන්න ඕනිද...? ඒ නිසා අතුරු ආබාධ එයි ද කියලා මම දන්නේ නෑ. ආයුර්වේද ප්‍රතිකාරයක් මට කරගන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. මේ ප්‍රශ්නය නිසා මානසිකව තරමක් මම වැටිලා ඉන්නේ. ඩොක්ටර් මට සම්බන්ධ කර ගැනීමට පුළුවන්ද? මට දැනගැනීමට අවශ්‍යයි...

:       0       3

අනුර සම්පත්Saturday, 03 August 2019 04:13 PM

කොහොමද වෙෙද්‍යවරිය සම්බන්ධ කරගන්නේ?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site