යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න
ගුදය ආශ‍්‍රිතව හටගන්නා සියළුම රෝග ශල්‍යකර්ම තෙක් දුර දිග යෑමට නොදී වහා ප‍්‍රතිකාර ගත යුතුය. ඒ මක්නිසාදයත් ශල්‍ය කර්මයක් සිදුකොට ගුද පේශී කැපී ගියවිට ඒවායේ තානය අඩුවී අප වයස් ගත වන විට මලපිටවීම පාලනය කිරීමට අපහසුතාවයට පත් වන නිසාය.
ගුදය පේශී වර්ග තුනකින් සමන්විතය. මලබද්ධතාවය මල පිට කිරීමට දැඩි ආයාසයක් දැරීම මලවේග දරාගෙන සිටීම ගුද ප‍්‍රදේශය පිරිසිදු කිරීමේ දුර්වලතා නිසා ගුද රෝග හටගනී.
ආහාර මාර්ගයේ අග අඟල් 4 ක පමණ ප‍්‍රමාණයේ ඇතිවෙන රෝග ගුද රෝග ලෙස සලකයි . ආයුර්වේද වෙදකමට අනුව අර්ශස්, භගන්දරා, පරිකර්තිකා ගුදභ‍්‍රංශ ගුද කණ්ඩු ගුද පිඩකා අර්බුද වශයෙන් දක්වා ඇත.
අර්ශස් රෝගය
වැඩිවේලා එක තැන වාඩිවී සිටීම, මලබද්ධයට අහිතකර ආහාර හා පැවතුම්, මානසික හේතු හා පාරම්පරිකව ඇතිවෙන හේතු නිසා හටගනී. අර්ශස්, ශුෂ්ක අර්ශස්, රක්ත අර්ශස් ලෙස වර්ග 2කි.
භගන්දරා
භගන්දරා යනු ඉතා වේදනාකාරී රෝග තත්ත්වයක් ලෙස හැඳන්විය හැකි මෙම රෝගයේදී ගුදයට නුදුරින් සැරව ගෙඩියක් හටගෙන එය ගුදමාර්ගයේ ඉහළ ප‍්‍රදේශය තෙක් ඉහළට කාණුවක් ලෙස දිවගොස් ගුද මාර්ගයට විවෘත වේ. කල්ගත වන විට ඒ තුළින් අසූචි ඒමට පටන් ගනී. ආයුර්වේද වෙදකමේ මේ සඳහා ඔඩු වෙදකම සාර්ථකව කෙරේ.
පඵරිකර්තිකා
පරිකර්තිකා යනු මලබද්ධය නිසා තද මල කොටස් පිටවීම නිසා ගුදය ඉරී තුවාල වී පැලිමයි. දින පහකට වරක් මලපහ කරන අයද චිකිත්සා කර්මයේදී අපට හමුවේ.
ගුද භ‍්‍රංශ
ගුද භ‍්‍රංශ යනු මල පහ කරන විට මල කොටස් සමඟ ගුදය එලියට පැමිණීමයි. මුල් කාලයේ මෙය ඉබේම ඇතුල් වෙන අතර කලක් යන විට එය එළියට ඇවිත් තිබේ.
ගුද කණ්ඩු
ගුද කණ්ඩු යනු ගුදය කැසිමයි. මෙය අපිරිසුදුකම නිසාත් කිරිපණු රෝගය නිසාත් හටගන්නා ඉතා කරදරකාරී අප‍්‍රසන්න රෝග තත්ත්වයකි .
ගුද පිඩකා
ගුද පිඩකා යනු ගුදය අවට ගෙඩි හට ගැනිමයි. මෙයත් ආහාර පාන වල ඇති ආසාත්මිකතාව නිසා හටගනී.
ගුද අර්බුද
ගුද අර්බුද යනු ගුදය අවට ඇතිවෙන පිළිකා තත්ත්වයකි .
දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් අතර ගුද රෝග සුලභයත අද සමාජයේ රාත‍්‍රී කාලයේ නින්දට යන විටත් කලිසම් ඇඳගෙනම නින්දට යෑම මේ රෝගවල මුලාරම්භයයි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අප අඩු තරමින් රාත‍්‍රියටවත් සරම හා සැහැල්ලු නිදන ගවුමක් ඇඳ නින්දට යන්නේ නම් සුදුසුය. අප රටේ වද භාවයටද මූලිකම හේතුවද පිරිමි පක්‍ෂයේ උදවිය තද ඇඳුම් පැළඳුම්වලට යොමුවි තිබීම බව මගේ විශ්වාසයයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක බෙහෙතක් හරි කියනවනම් ගොඩක් පින්. (බ)
මේ ඩොක්ටර් හමුවෙන්නේ කොහොමද (බ)
මට ගැටළුවක් තිබෙනවා විමසන්නේ කෙසේද (බ)
කොහොමද මේ වෛද්‍යවරිය සමඟ සම්බන්ධ වෙන්නේ? (නි)
ලිපිය හොදයිබ පොඩි ප්‍රශ්නයක් තියනවා
මහත්මයාණෙනි !!!! මා දැනට මාස දෙකක කාලයක සිට දුක්විදින පුශ්නයක් මගේ ගුද මාර්ගයෙහි පිට කෙලවරේ පොඩි ගෙඩි කිහිපයක් ඇත. සමාන්‍ය වේලාවට මේවා වියලුන දෙයක් සේ තිබුනද සවස් කාලයට ලොවිගෙඩිමෙන් ඉදිමී වේදනාව ගෙනදේ. මා සිංහල ආයුර්වේද බෙහෙත් කිහිප විටක් බිව්වද සුවයක් නැත .කැමර පර්යේෂණයක් කලද බඩවැල තුල ගෙඩි නැත. ඉංග්‍රීසි බෙහෙත් වලින් ද සුවයක් නැත. මෙය විශේෂඥ වෛද්‍යවරුන්ට ද පෙන්නලා බෙහෙත් ගත්තා .ඒත් තාම ලෙඩේට අවශ්‍ය බෙහෙත් නොලැබුණි. බෙහෙතක් කියන්න.
මහත්මයාණෙනි ගුද මාර්ගයෙහි පිටත පවතින ගෙඩි උදේට ඇකිලී සවසට ඉදිමි ඉතා වේදනාව ගෙන දීමත් ගුද මාර්ගයෙන් ගිනිපිටවිමක් වැනි දැවිල්ලක් ඇතිවෙයි .සිංහල හා ඉංග්‍රීසි යන බෙහෙත් දෙවර්ගයම බිව්වද සුවයක් නැත. කැමරාවක් දමා පරික්ෂණ කලද ගෙඩි නැත. මෙයට හොඳ බෙහෙතක් ලබා දෙන්න
මහත්මයා මගේ ගුදමාර්ගයේ පොඩි ගැටිත්තක්, ගෙඩියක් හට ගෙන ඇත. එය වේදනාකාරියි. මට පිළිතුරක් දෙන්න.. ස්තුතියි ..!
දොස්තර, මට ගුද මාර්ගයේ තුවාලයක් ඇති වුණා... මළපහ කරන්න අපහසු නිසා.... ඉන් පස්සේ මම එයට බෙහෙත් ගත්තා. නමුත් මට සැරෙන් සැරේ ඒ තත්ත්වයට මුහුණ දෙන්න වුණා. ඒ තුවාලය සුව නොවීම නිසා ගුද මාර්ගය වෙනදාට වඩා පටු වී මෙන් මළපහ පිට කරන්න අපහසු වුණා. සැරෙන් සැරේ ඒ තත්ත්වයට මුහුණ දුන්නා. ගුදයේ අතුළත කුඩා ගැටිති දෙකක් වගේ තිබුණේ ඒවා වේදනාවක් දෙනවා පළපහ පිට කරන්න අපහසු වුණාම කොවිඩ් නිසා ප්‍රතිකාරයක් නිසියාකාරව කර ගැනීමට අපහසු වුණා. දැන් වසර තුනක් පමණ වෙනවා මේ තත්වය ඇතිවෙලා... දැන් ගුද මාර්ගයේ ඇතුළතින් ගෙඩියක් තියෙනවා. මට ශල්‍ය කර්මයක් කරන්න ඕනිද...? ඒ නිසා අතුරු ආබාධ එයි ද කියලා මම දන්නේ නෑ. ආයුර්වේද ප්‍රතිකාරයක් මට කරගන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. මේ ප්‍රශ්නය නිසා මානසිකව තරමක් මම වැටිලා ඉන්නේ. ඩොක්ටර් මට සම්බන්ධ කර ගැනීමට පුළුවන්ද? මට දැනගැනීමට අවශ්‍යයි...