IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ගීතයෙන් ජීවිතය විඳින්න කතා කර පොකැට් එකට විදලා

(අංජුල මහික වීරරත්න)

"ගීතයෙන් ජීවිතය විඳගන්න එන්න" යනුවෙන් සඳහන් කරමින් ටිකට් පත් විකිණූ නිට්ටඹුව හොරගොල්ලේ සංගීත සංදර්ශනයක් නොපවත්වා ටිකට් පත් ගාස්තු ද නැවත නොගෙවීම නිසා නරඹන්නෝ දැඩි අපහසුතාවයට පත් වූහ.

රුපියල් 5000 සහ 2000 මිල ගණන් වලට මෙම ප්‍රසංගයේ ටිකට් පත් අලෙවි කර තිබිණි.

මාර්තු 23 වැනිදා හවස 6.30ට හොරගොල්ලේ  උත්සව ශාලාවක ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබූ අතර ප්‍රසිද්ධ නිවේදකයකු සංගීත ගීත ප්‍රසංගය මෙහෙයවන බවත් ප්‍රසිද්ධ ලේඛකයකු ගීත විචාර කරන බවත් ටිකට් පතේ සඳහන් වී තිබිණි.තරුණ ගායක ගායිකාවන් හතර දෙනකු එහි ගීත ගායනයට සහභාගී වන බවද සඳහන් විය.

සවස 6.30ට පටන් ගන්නා බව කියූ ප්‍රසංගය පැය දෙක තුනක් ඉකුත් වීමෙන් පසුවත් පටන් ගන්නා බවක් නොදුටු හෙයින් නොසන්සුන් වූ ප්‍රේක්ෂකයන්  ටිකට් පත් වල මුදල් ඉල්ලූ විට සංවිධායකයා පවසා ඇත්තේ එලෙස මුදල් දීමට නොහැකි අතර ගිණුම් අංක ලබාදී පිටත්ව යන ලෙසයි.

ගායක ගායිකාවන්ට මුදල් ගෙවීම් ප්‍රශ්නයක් නිසා ඔවුන් එහි ගීත ගායනය ප්‍රතික්ෂේප කර තිබූ බව දැනගන්නට ඇති අතර අවසානයේ ගීතයෙන් ජීවිතය විඳගන්නට පැමිණි ජනතාවට හිස් අතින් ගෙවල්වලට යන්නට සිදුව තිබේ.



අදහස් (0)

ගීතයෙන් ජීවිතය විඳින්න කතා කර පොකැට් එකට විදලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 16 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 327 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 209 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 771 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 140 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 353 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site