කලාපුරවරය ලෙස හැඳින්වෙන හලාවත නගරයෙන් ජනප්‍රිය බොහෝ සංගීත කණ්ඩායම් මෙන්ම ජනප්‍රිය ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් බිහිවී තිබේ. නමුත් කලාපුරවරයෙන් ගීත රචකයන් බිහි වී ඇත්තේ ඉතාමත් අතළොස්සකි. එවන් පසුබිමක් ක්ෂේත්‍රයට පැමිණි කෙනෙකු ලෙස රංග ප්‍රනාන්දු හැඳින්විය හැකිය. මේ ඔහු "සාරවිට" සමග එකතු වූ මොහොතකි.
ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත්?
මගේ නම රංග ප්‍රනාන්දු. මම ඉගෙන ගත්තෙ හලාවත ජාතික පාසලෙයි. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරලා. යුද්ධය නිමාවත් සමගින් එතැනින් ඉවත්වුණා. ඊට පස්සෙ මම විදෙස්ගත වුණා. සයිප්‍රස්වල තමයි ඉන්නේ. මම මේ නිවාඩුවට තමයි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. දැනට මාස ගාණක් වෙනවා.
සංගීත ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද?
මට තිබ්බ ලොකුම ආසාවක් තමයි සිංදු ලියන්න. ඒ වුණත් කරගන්න උනන්දුවක් තිබුණේ නැහැ. මෑතකදී තමයි ඒ සඳහා උවමනාවෙන් යොමුවුණේ. මාස 06ක් ඇතුළත තමයි ගීත තුනක් එළිදැක්වුවේ. එහි එක් ගීතයක් වන "මගේ පිවිතුරු ආදරේ" ලක්ෂ්මන් හිල්මි ගායනා කරනවා. තව ගීතයක් වන "නෙතු කඳුළින් බර වෙලා" කිංග්ස්ලි පීරිස් ගායනා කරනවා. මෑතකදී එළිදක්වපු ගීතය වන "සඳවතියේ" ඉසුරු ජයරත්න ගායනා කරනවා. එහි මියුසික් වීඩියෝවේ වැඩ කටයුතුත් මේ දිනවල කෙරී ගෙන යනවා.
මීට අමතරව ඔබ විසින් රචිත ගීත තියෙනවාද?
දැනට තව ගීතයක් ලියලා තියෙනවා. ඒක දිමන්කට දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේ වැඩකටයුතු ටිකක් ඉස්සරහට තියෙනවා.
දැන් ගීත රචනාව වෘත්තීය වෙලාද?
නැහැ. මේ දේ කරන්නෙ මගේ විනෝදාංශය වෙනුවෙන්. මම විදෙස් ගත වෙලා තමයි රැකියාව කරන්නේ.
කලාපුරවරයෙන් බිහිවූ ගීත රචක ශිල්පියෙකු ලෙස ඔබේ අදහස මොකක්ද?
කලාපුරවරයෙන් වැඩි වශයෙන්ම බිහිවෙන්නෙ සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් තමයි. නමුත් ගීත රචකයන් බිහි වෙන්නේ ඉතාමත් අතළොස්සයි. ලොකු ආඩම්බරයක් දැනෙනවා. පද රචකයෙක් විදිහට දියුණු වෙලා ඉස්සරහට එන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා.
පදරචකයෙක් වෙන්න උදව් කරපු අය ඇතිනේ?
විශේෂයෙන්ම මගේ බිරිඳව මතක් කරන්න ඕනේ. එයා තමයි මාව දිරිගැන්නුවේ ගීත ලියන්න කියලා. ඊට පස්සෙ මගේ නංගි මගේ ලියපු ටිකක් බලලා එයා කිව්වා නිකන් ඉන්න එපා සිංදු ලියපු ටික කරන්න කියලා. ඒ දෙන්නා තමයි මේ දේට විශේෂ උනන්දුවක් තිබ්බේ.
ඩිලාන් ක්‍රිෂාන්ත
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගීතයක් ලියලා තියෙනවා . ඒක දිමන්කට දෙන්න හිතාගෙන ඉන්නවා
වසන්ත Friday, 24 June 2016 05:59 AM
ඔබට සුබ පැතුම්! (නි)