(විමුක්ති එස් රුද්‍රිගු)
බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී පවසා ඇත.
එම ණය මුදල ගෙවීම සඳහා ලබා දිය හැකි අවසන් කාල සීමාව මෙය බවද ඔහු සඳහන් කර තිබේ.
අසීරු කාලයක් ගෙවමින් සිටියදී බංගලාදේශය ලබා දුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකාව ස්තුතිවන්ත වූ බවද එහිදී ඔහු සඳහන් කර ඇත.
විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දුන් අතර එය ගෙවීම සඳහා බංගලාදේශය අමතර මාස 6 ක කාලසීමාවක් ලබා දෙන ලදි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් තවත් ණය කාල සීමාව දීර්ඝ කිරීමක් ඉල්ලා ඇති අතර ඒ අනුව සැප්තැම්බර් මාසය දක්වා කල් ලබා දීමට බංගලාදේශ රජය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශය - ඔබ තවමත් මෙම මුදල් ආපසු ලබා ගැනීම ගැන සිහින දකිනවාද? සුබපැතුම්
බංගලාදේශය වැනි රටකටත් ණය වීමට සිදුවී, එයද ගෙවා ගැනීමට නොහැකිව ඉන්නා අවස්ථාවක නේද අප මේ නිදහස් දිනය වෙනුවෙන් උත්සව තියා රටේ මුදල් නැති නාස්ති කළේ..? මෙහෙමත් අමන වැඩ ...
මේ කාලකණ්ණි දේශපාලකයින් රට කෑවා.
පිනට දුන්නා කියලා හිතාගන්න. පවු ඔයාලා... ඔයාලගේ මිනිස්සු මහන්සියෙන් හම්බ කරපුවා... අපේ හොර තක්කඩි රැළට දුන්නා .... පව්...