(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අද සිකුරාදා(22) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 528 ක් අත්අඩංගුවට ගෙන වාහන එකසිය පනහක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මාර්තු මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මැයි 22 සිකුරාදා උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව හැට එක්දහස් හයසිය විසිඑකක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව දාහත්දහස් තුන්සිය විසිදෙකක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසා සිටී.
තවද ඉකුත් මාර්තු 18 දින සිට මැයි 22 (සිකුරාදා) උදෑසන 6 දක්වා ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාල නඩුපැවරීම් හා දඩුවම් පැමිණවීම් සම්බන්ධව නඩු පැවරූ සංඛ්‍යාව දහඅට දහස් හාරසිය අනූහයක් වන බවත්, නඩු පැවරීම් වලට අදාළව දඩුවම් නියම කරනලද සංඛ්‍යාව හයදහස් නමසිය අනූඑකක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගත වූ පැය 24 දී ඇඳිරිය කඩ කළ 528 ක් අත්අඩංගුවට
Lakmal Friday, 22 May 2020 05:44 AM
රාත්‍රියට දාන ඇඳිරි නීතිය නම් නමට විතරයි.