IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගීත රූප රචනා හරහා නිතර දකින 'විරාජ්'

2016-04-18-ent-40

ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ "ඉඳුවරී" ටෙලි නාට්‍යයේ "කේසර බේබි" ලෙස චරිත නිරූපණය කරමින් කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ විරාජ් පෙරේරා මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන "යකඩ කහවුණු" ටෙලි නාට්‍යයේ "තිලංක" ලෙස ඔබේ ආලින්දයට ගොඩවදියි. මේ විරාජ් සිය අලුත්ම කලා කටයුතු පිළිබඳව අපිට පැවසූ තොරතුරුයි.

 

2016-04-18-ent-41කොහොමද වැඩ කටයුතු?

පසුගිය ටිකේම ගීත රූප රචනා කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ අතරේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වෙන "යකඩ කහවුණු" ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලටත් සම්බන්ධ වෙලා වැඩ කළා. අවුරුදු දවස් නිසා ඉක්මනට කරන්න තිබුණ වැඩ ඉවර කරගත්තා.

 

කාලෙකට පස්සේ නේද ඔබ ටෙලි නාට්‍ය රංගනයක නියැළෙන්නේ?

මේ මගේ තුන්වැනි ටෙලි නාට්‍යය. මා පළමුවෙන්ම රඟපෑවේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "ඉඳුවරී" ටෙලි නාට්‍යයේ. මා චරිත තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. ඒ නිසා ආරාධනා ලැබෙන හැම ටෙලි නාට්‍යයකම රඟපාන්නේ නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් ඒකට අනිවාර්යෙන්ම දායක වෙනවා.

 

ඒ වුණත් ඔබ ගීත රූප රචනා බොහෝ ප්‍රමාණයක අපි දකිනවා?

වැඩි කාලයක් වැය වෙන්නේ නැති නිසා තමයි මම ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්නේ. අනික මම රැකියාවක් කරන කෙනෙක්. ඒ නිසා රැකියාවත් එක්ක ටෙලි නාට්‍යයක වගේ එක දිගට වැඩ කරන්න අමාරුයි. ඒත්, ගීත රූප රචනා වගේ අඩු කාලයකින් නිර්මාණය වෙන ඒවාට දායක වෙන්න මට කාලය හදාගන්න පුළුවන්.

 

දැනට කොපමණ රූප රචනා ප්‍රමාණයකට ඔබ දායක වෙලා තියෙනවාද?

සියයකට අඩු මිසක් වැඩි නැහැ. මම හිතන්නේ ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ ප්‍රමාණයකට දායක වුණ රංගන ශිල්පීන් අතළොස්ස අතර මම ඉන්නවා කියලා.

 

ඔබ රඟපෑ ජනප්‍රිය රූප රචනා මොනවද?

අසංක ප්‍රියමන්තගේ "ආදරේ මං ඔය හිතට", ජුඩ් රොගැන්ස්ගේ "වැරදි කරලා" සහ "මං හින්දා අඬන්න එපා", දයාසිරි ජයසේකර අමාත්‍යතුමාගේ "ලෝකේට වඩා", කවිෂ කවිරාජ්ගේ "හිතුමනාපේ", මංජුල පුෂ්පකුමාර "ඇස් දෙක", දිමන්ක වෙල්ලාලගේ ගායන කරන "පාර කියන තාරකා", සිරස සුපර් ස්ටාර් ගාමිණි සුසිරිවර්ධනගේ "ආව ගිය" ගීතය වගේම අජිත් මුතුකුමාරණගේ පළමු ගීත රූප රචනාවන වුණ "රතුපාට හැන්දෑව" කියන ගීතවලට රංගනයෙන් දායකවෙලා තියෙනවා.

 

වෙළෙඳ දැන්වීම් වලත් විරාජ්ව අපි දකිනවා?

මේ දවස්වල විකාශය වන ටෙලිකොම් හා කොමර්ෂල් බැංකුව නිර්මාණය කරලා තියෙන වෙළෙඳ දැන්වීම්වල ප්‍රධාන චරිත මම නිරූපණය කරනවා. ඊට අමතරව ඉදිරියටත් මා දායක වුණ වෙළෙඳ දැන්වීම් විකාශය වෙන්න නියමිතයි.

 

2016-04-18-ent-42



අදහස් (0)

ගීත රූප රචනා හරහා නිතර දකින 'විරාජ්'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site