පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙසට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස හා වීසා කාලය දීර්ඝ කරන ලෙස ගුණරත්නම් කළ ඉල්ලීම ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත. ගුණරත්නම් දැන් රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුයි පුරවැසිභාවය ඉල්ලන්න මතක්වෙලා තියෙන්නේ. ඉල්ලන්නේ නැතුව දෙන්නලු, අනේද කියන්නේ. (නි)
අර මහින්ද මහත්තයා පාලනය කරන කාලේ විදිහට රටේ අාගමන සහ විගමන නිතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විදිහට ක්‍රියාත්මක කරන්න කියලද මේ ඉල්ලන්නේ? (නි)
සංචාරක වීසා වලින් මෙරටට පැමිණි විදේශිකයෙකුට මෙහි දේශපාලනය කරන්න තහනම්. ඒක කුමාර් දැනගත යුතුයි (නි)
ගුණරත්නම් මහින්දගේ පිල්ලියක් (අ)
එතකොට යහපාලන ගිවිසුමෙන් ජවිපෙට දීපු පොරොන්දුවක් කැඩෙනවනේ! (අ)
මෙයා 2012 අප්‍රියල් මාසයේ දී යවනකොට දිනේෂ් හිටියේ නිදාගෙනද? කන්න හිතුනාම කබරගොයාත් තලගොයා වෙනවා ? (බ)
කුමාර ගුණරත්නම්ට පමණක් ආගමන විගමන නීති අත්හිටුවීමට ඇති උවමනාව මොකක්ද? (නි)
මොහුගේ අරමුණ කුමක්ද..? විද්‍යාලයන්හි ජවිපෙට තිබු තැන පෙරටුගාමීන් වන මෙයාලා අල්ලාගත්තා වගේ මට නම් පෙනෙන්නේ. (නි)
පුරවැසි බාවයවත් නැතුව තමා මෙයාල මේ රට විනාශ කරන්නේ. පුරවැසි බාවය තිබුණානම් කොහොම කරයිද? දෙන්න එපා රටේ පස් පාගන්න (බ)
ඇයි අනේ එහෙනම් ඒ කාලෙ පිටුවහල් කළේ? (නි)
පිටුවහල් කළ කෙනාට ආයෙත් ඡන්දෙ කාලේ එන්න වීසා දීලා දැන් අහුවුණාම බේරාගන්නත් ඉදිරිපත් වෙනවා. (නි)
මගෝඩිස්ලා හදන්නේ බළලා ලවා කොස් ඇට බාවන්න.(බ)
සුසන්ත..මාරයි නේ ජවිපෙ කියන විදිහට තමයි දැන් පොලිසි උසාවි නීතිපති අගමැති ජනපති වැඩ කරන්නේ....එහෙම වුණානම් කොච්චර හොදද..එහෙම වුනා නම් හොරු ඇතුලේ (බ)
දන්න කෙනෙක් කියනවාද මෙයා දෙමල පොරක්ද කියලා කුමාර් ගුනරත්නම්ට එහෙමනම් දෙන්න එපා පුරවෑසිබාවය රට විනාශ කරන්න උසස් අධ්‍යාපනය කරන දරුවන්ගේ මොල කන්න (බ)
මහ බැංකු අධිපතිට අදාළ නීතිය අදාළ නැද්ද (බ)
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති කිසිවෙකුට මොනම හේතුවක් මතවත් පුරවැසිභාවය නොදිය යුතුය මේ පුද්ගලයා හා ඔහුගේ අනුගාමිකයන් රට හා රජය අස්ථාවර භාවයට පත් කිරීමේ කටයුතු කරගෙනයාම නිසා අනාගතයේ විශාල කරදර වලට රට පත් වීමට එදා ඇත (බ)
මහින්දගේ කාලේ ගුණරත්නම්ව පැහැරගෙන ගිහිල්ල දෙකක් ඇනල පස්සේ එයාපෝර්ට් එකට ගෙනල්ල කනින් අල්ලලා එලියට විසිකරපු වෙලාවේ (පිටුවහල්) දිනේෂ් හිටියේ කොහෙද? (බ)
මං හිතුව ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ටිකක් හරි මොළේ තියෙන අයගෙන් සමන්විත එකක් කියල. (බ)
රටේ විශ්ව විද්‍යාල පද්ධතිය අවුල්කරන සියළු සංවිධාන තහනම් කළයුතුයි (නි)
ඒකාබද්ධ විපක්ෂයට වෙන වැඩ නැද්ද? අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන අන්තිමේ කනවෝ කනවෝ කියල කෑගහන්න එහෙම එපා.(බ)
දෙන නොදෙන එක කොහොම උනත් ඉල්ලීමක් කරන්නම වෙනවා මොකද, එයාලගේ උවමනාව මතනේ ලංකාවට ආවේ.(ම)
සතුරාගේ සතුරා අපේ මිතුරාය. වාසි ඇතිතාක් දේශපාලනයේ සදා සතුරන් හෝ මිතුරන් නැත. මෝඩයන් බහුතරය ඉන්නා රටක ප්‍රඥාවන්තයින් දේශපාලනයට ඒම මෝඩකමකි (නි)
සුසන්ත, ජවිපෙ එච්චර බලවත්ද? (නි)