පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත්, ඔහු දැනට නීති විරෝධීව මෙරට රැඳී සිටින බවත් නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම් දීම සිදු කළේ ගුණරත්නම් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා මොනවා කරන්නද එහෙ රක්ෂාවකුත් නැති එකේ.....ඔන්න ඔහේ ලංකාවේම හිටපුවාවේ.(ස)
ශ්‍රී ලංකාවේ පුරවැසිකම තමන්ට ඉබේම අහිමිවන බව නොදැන වෙන්න ඇති ඕස්‌ට්‍රේලියාවේ පුරවැසිකම ගත්තේ. ඒ නිසා ලංකාවට ඇවිල්ලා හොරෙන් ඉන්නවා ඇති. (නි)
එක්කෙනෙක් වෙනුවෙන් ආගමන විගමන නීතිය වෙනස් කරන්න පුලුවන්ද ? නීතිය තමුන්ට ඕන ඕනා විදියට හසුරුවන්න නේද මෙයාලා හැදුවේ. ඕස්ට්‍රේලියාවේ ඔය සෙල්ලම් පුලුවන්ද ? (නදී)
ඔන්න ඔහේ පුළුවන් නම් දීලා දාමු. මේ මෛත්‍රී යුගයක් නේද. (නදී)
ඉතින් මොකටද තියාගෙන ඉන්නේ හොරෙන්නම්.පටවන්නේ නැතිව ගිය පාර වගේ .කෝ නීතිය පොඩි අයට විතරද (අ)
මෙයා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අතහරින්න කැමති නෑළු. හැබැයි ලංකාවේ ඉන්නත් ඕනෙලු. පුදුම වැඩක් නේ. (අ)
ජයන්ත, ඔහුගේ වැඩ දන්නෝ දනිති. නොදන්නා අයට ඔහු හොඳ වැඩකාරයෙකි. (නි)
ලංකාව ගැන හතරේ අතේ බොරු කියල වැඩ පෙන්නලා තමයි මෙහෙ පුරවැසි කම ගත්තේ. යැපෙන්නෙත් ඕස්ට්‍රේලියන් ආණ්ඩුවේ පුරවැසි දීමනාවෙන්. මෙයා වගේ කට්ටිය ඉන්න කිසිම රටකට වගතුවක් වෙන්නේ නැහැ. නිකම් ඉඳල අනිත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් කකා බිබි දේශපාලනය කරන්න හරි ලේසියි නේ. (අ)
ජේ. වී. පි. එක කුමාර් මහත්තයට බයයි. ඒකයි ඇත්ත.(නදී)
ඔහු හොරෙක් නොව හොඳ වැඩකාරයෙකි (නි)