රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාල අසලදී තරුණියකට බිම දමාගෙන පහර දුන් බව කියන පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
කාන්තාවන් දෙදෙනකු අසභ්‍ය වචන කියමින් සිටියදී ඔවුන් පළවා හැරීමට උත්සාහ ගත් අවස්ථාවේදී එක් කාන්තාවක් සැරයන්ට ගලකින් පහරදීමෙන් පසු මෙම සිද්ධිය ඇති වු බව පැවසේ.
සති තුනකට පෙර සිදු වු මෙම මෙම සිද්ධිය යු ටියුබ් අන්තර් ජාල වෙබ් අඩවියේ පළ වීමෙන් පසු පොලීසිය ක්‍රියාකාරී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ කාන්තාව මාධ්‍යට දක්වපු අදහස් ඇතුළත් වීඩියෝව දැක්කා. ඒකේ හැටියට නම් පළිගැනීමක් වශයෙනුයි පොලිස් නිලධාරියා මැයට ප්‍රසිද්ධියේ මේ පහරදීම කර ඇත්තේ.(නි)
අනේ මට බලයක් නැතිවුණ හැටි මොහුට දඬුවම් දෙන්න? (නි)
රත්නපුර පොලිසියට රත්නපුර බස් නැවතුම් පොළේ සිට අතේ දුරක්නේ තියෙන්නේ. මේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න හිතක් පහළ වුණේ මෙය සිදුවී සති තුනකට පසු අන්තර්ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කිරීමෙන් පසුවද? (නි)
මේ ගැනිට ගහපු එක මම අනුමත කරනවා. ඒකි මොකටද ගලකින් ගහන්නේ. ඔය ගෑනි ගැන කතා කරන අයට ගලකින් ගැහුවොත් මොකද කරන්නේ ? (දී)
මේ පොලිස් නිළධාරියා විතරක් නොවෙයි, මේ නින්දිත ක්‍රියාවට විරුද්ධත්වය පළනොකර ඒ දෙස ආශාවෙන් බලාහිටි හැම පිරිමියෙකුටම දඬුවම් දියයුතුයි. (නි)
මානසික ව්‍යාධියකින් පෙළෙනවා වගෙයි. වෛද්‍ය ප්‍රථිකාර දුන්නා නම් තමයි හොඳ (නි)
මට නම් ඒ කාන්තාවගේ අහිංසකකමක් පෙනෙන්නේ නැහැ. තරහාගිය පළියට මොන වරද තිබුනත් කාන්තාවකට ප්‍රසිද්ධියේ ඔහොම ගහපු ගමන් තමන්ටත් ඒ සමඟ සියදිවි නසාගන්න වෙන බව හිතන්න බැරිද මේ නිළධාරියාට? (නි)
එකපාරක් කිව්වා වීඩියෝ ඒවා විශ්වාස කරන්න බැහැ කියල. මාධ්‍යට බොහොම ස්තූතියි. මෙයාව රිමාන්ඩ් කරන්න ඕනේ. අසරණ ගැහැනියකට ප්‍රසිද්ධියේ පහර දීම එල්ලුම් ගසට යවන ක්‍රියාවක්. (ස)
සමහර මන්ත්‍රී වරුන්ගේ ගෙවල් වල සේවයට ඉන්නෙත් පොලිසියේ අය පොඩි මිනිහට චන්ඩි කම් කරනවා .නින්දිත ක්‍රියාවක්.පිරිමි කමටත් නින්දාවක්. (දී)
මෙන්න පොලීසියෙ ඇස් අරින්න පුලුවන් නියම ක්‍රමය. කලින් හිටි උසස් පොලිස් නිළධාරියෙකුත් මේ ගැන කිවුවා මතකයි. (නි)
සැරයන් කළේ දෙදෙනාගේ රණ්ඩුව නතර කිරීමට උත්සහ කිරීමයි.නමුත් ඒ තරුණිය ගලකින් ගැසීම වැරදියි. මේ සිදුවීම අනුව එක් අයෙකුට දොස් පැවරීමත් වැරදියි. නීතියෙන් සාධාරණයක් වියයුතුයි. (නි)
මොන වරදක් කළත් ඔහොම ගහන එක වැරදියි. පොලීසිය ඔය සද්ද ලොකු මිනිස්සුට දානවද? (නි)
පොලිස් සැරයන් ගැන කණගාටුයි! (නි)
ඒ කාන්තාව වරදක් කල කියමුකෝ නමුත් එහෙම ගහන එක අසාධාරණයි (දී)
පොලිස් සැරයන් ගල්පරා කාගෙන නිකන් හිටියා නම් ඉවරයි. අහිංසක පොලිස් සැරයන්! පොලිසියටම ඇවිල්ලා පොලිසියට ගහලා බැනලා රිමාන්ඩ් එකේ ඉන්න අයත් අරගෙන යන කාලෙක මේක සුළු සිද්ධියක් (නි)
කාන්තාවන්ට පහරදීලා පුරුදු කෙනෙක් වගෙයි (නි)
මිට දින කීපයකට ඉස්සරවෙලා මම මූනුපොතේ දැක්ක බිමත් මිනිහෙක් මහජනයාට අවහිර වෙන විහිහට මාර්ගය හැසිරෙනවා. එත් එතන හිටපු පොලිස් නිලධාරීන් ඔහුට කාරුණිකව යමක් කිව්වා විනා ඔහුට විරුද්ධව කිසිම දැඩි පියවරක් ගත්තේ නැහැ. එක නිසා ඔහුත් දිගටම එතන පිස්සු නැටුවා. මමත් එවෙලාවේ හිතින් පොලිස්නිලධාරින්ට බැන්නා. එත් මට දැන් තේරෙනවා ඔහුන් එසේ කලේ ඇයි කියල. ඔහුන් හිතන්න ඇති වැඩිය කතා කරන්න ගිහින් අර බේබද්දා එක්ක ගැටුමකට යන්නේ මොකටද කියල. මොකද ඔහුන්ට රැවුලත් ඕනේ කැඳත් ඕනේ වගේ රාජකාරිය කරන්නත් ඕනේ මානව හිමිකම් රකින්නත් ඕනේ. (දී)
අපරාධකරුවන්ට, වැරදිකරන්නන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. නමුත් ගැහැණියකට මෙසේ පහරදීම නොකළ යුතුයි (නි)
මුළු දෙපර්තමෙන්ත්වටම අවමානයට ලක්කළ , පොලිස් කියන අකුරු හයේ තේරුම නොදන්නා අමනයෙක්. වරදක් කලානම් දඩුවම් කරන ක්‍රමයක් තියෙනවා. නිල ඇදුමක් ඇදගෙන නගරයක් මැද ගැහැනියකට බිමදාගෙන ගහන්නේ නැහැ මව් කිරි බීපු කෙනෙක් . උපරිම දඩුවම් දෙන්න ඕන. (දී)
යුරෝපයේ නම් ගැහැණියට අත තැබීම දරුණු දඩුවම් ලැබිය හැකි වරදක්. සැමියාට වත් බිරිදට අතක් තබන්න බැහැ. (කෝපයෙන්) සමාජයේ අසම්මත යයි කියන මෙම කතට මේ දෙන වදහිංසාව අනුමත කරන්නවුන් මවගේ කිරි බිවු අය නොවේ. ඇයගේ බුද්ධි මට්ටමත් රජයේ පොලිස් සැරයන්ගේ බුද්ධි මට්ටමත් එක ලෙස සැලකීම වැරදියි. (දී)
ප්‍රසිද්ධ ස්ථානයන්හි කාන්තාවන් හෝ පිරිමින් අසභ්‍ය වචන කීම, රණ්ඩු සරුවල් කිරීම මහජනයාට හිරිහැරයක්. කාන්තාවක් හැටියට පොලිස් නිලධාරියෙකුට ගල්ගැසීම බලවත් වරදක්. සැරයන්වරයා එක අතකට හරි . (නි)
හරි වැඩක්නේ? අර කොල්ලෙකුට කෙල්ලෙක් ගහපු වෙලාවේ ඔක්කොමල කෙල්ල පවු කියුවා! දැන් කියනවා සැරයන්ට හොඳ වැඩේලු! කුණුහරුප කියල ගලකින් ගහද්දීත් කොයි පිරිමියද ඇත පය බැඳන් ඉන්නේ? (දී)
දෙන්නාගේම මොන මොනවා හරි වැරදි ඇති (දී)
මොන වරද කලත් දඩුවම අස් කරන එක (වැඩ තහනම් )කරන එක විතරයි .එතකොට කෝ දඩුවමක් පහර දුන්නට.අර විදිහට පහර දුන්නම අර මනුස්සයාගේ ඉල අට බිඳිලා ඇති (දී)
දැන් පොලිසිය ක්‍රියාකාරී වෙන්නේ යූටියුබ් නිසානේ! (නි)
මොහුට උපරිම දඬුවම් දෙන්න. මොන වරදක් කළත් ඔහොම ගහන්න හොද නැහැ (නි)
යුක්තිය මිනිස්සු තුළින්ම එන්න ඕනෑ එකක්. මිනිස්සු යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් ඒ දේ ඉෂ්ට වෙනවා.මිනිස්සු යුක්තිගරුක දේශපාලකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම්, ඒ වෙනුවෙන් හඬක් නඟනවා නම්, ඒ අපේක්ෂාව තියෙනවා නම් හැංගිලා ඉන්න නායකයින් ඉදිරිපත් වේවි. ඔවුන් රටට අවශ්‍ය දේ කරාවි. ඔය ඉන්න අය වුණත් ඒ වෙනුවෙන් යොමු වේවි. ඒක මිනිස්සු තුළින් එන්න ඕනෑ දෙයක්. රටේ තියෙන්නේ එක නීතියයි.ඒක දේශපාලකයාටත් එකයි,පාරේ ඉන්න හිඟන්නාටත් එකයි. උස්තැන් දැක හැකිලෙන්නත් මිටිතැන් දැක පුප්පන්නත් පොලිසියට අයිතියක් නැහැ. (නි)
සරසවි සිසු සිසුවියන්ට තඩිබාන අයටත් මේ හැන්දෙන්ම බෙදුවා නම් හොඳයි නේද? (නි)
සාධාරණය ඉටු උනා (දී)
මෙන්න වෙනස කාන්තාවකට ගැහුවොත් දඩුවම් ,ගැනියෙක් මිනිහෙකුට ගැහුවොත් ?දෙකම එකම වරද නේද .(දී)
කෝ කාන්තා හා ළමා කාර්යාංශය ? මේක අපරාධ වරදක් නෙමේද? (දී)
සීල, හරියට කියෙවුවද? මේ වගේ දෙයක් කරන්න පුලුවන් ඇය "අසරණද"? (නි)
අපේ ප්‍රකාශකතුමාගෙ පිළිතුරත් බලමුකෝ. (නි)
මෙහෙම වැඩ තහනම් වෙන එක අපි නම් දැනගෙන හිටියා.මේ නිල ඇඳුම ඇතුළට ගියාම සමහරුන්ට තමන් පාලනය කරගන්න බැහැ (නි)
උපරිම දඩුවම නියම කරන්න ......... පොලිස් පති තුමනි .. (දී)
මොකක්ද පොලිසියේ සදාචාරය? රටේ නමත් කැතකරනවා. (නි)
පොලීසිය පිරිමින්ට නම් ඕනෑතරම් ගහනවා. (නි)
පොලිස් නිලධාරියාට මෙවැනි ක්‍රියාවකට යාමට සිදු වන්නේ ඔහුගේ සරල විදානයක් නොපිළිගන්නා පසු බිම තුලයි. පුද්ගලයාට නොවුනත් මහජනයා තුල නිල ඇදුමට ගරුත්වයක් තිබිය යුතුය. එය නැති උනේ කවදා කුමක් නිසාදැයි සොයා එයට පිළියම් කල යුතුය. එදිනට පොලිස් නිලධාරියෙකුට මෙවැනි දුරක් යාමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. (දී)
මෙහෙමත් ගහනවද අම්මපා (දී)
මෙම කාන්තාව අසරණ කාන්තාවක් නොව ,නිතිය නොදන්නා ,දරදඬු කාන්තාවකි.එනිසාවෙන් මෙම කාන්තාව රාජ්‍ය නිලධාරියෙකුට ගලකින් ගසා ඇත .පොලිස් මහත්මය නිතිය මගින් දියයුතු දඩුවම් තිබියදී ,එම කාන්තාව ටම ගැලපෙන විදියේ ප්‍රතිචාරයක් දී ඇත.මෙම දෙන්නම '' තකට තක '' වගේ.එනිසා සැරයන්ගේ සේවය අත්හිටෙව්වා වගේම මෙමෙ කාන්තාවට එරෙහිවද නිතිය ක්‍රියාත්මක විය යුතුය.(රාජ්‍ය නිලධාරියෙකුට පහර දුන් නිසා.) (දී)
හොඳ වැඩේ (දී)
මෙයාගේ වැඩ තහනම් කරලා මදි හිරේට දන්නා ඕනේ අවරුදු දෙකකට විතර (දී)
හැම මනුස්සයෙක්ටම මොන වරද කලත් ආත්ම ගරුත්වයක් තියෙනවා,මේ වගේ තිරිසන්නු තියන්න වටින්නේ නෑ,ගෙදර යවල මදි ........(දී)
මේ වගේ තිරිසන් විදියට හැසිරෙන මිනිස්සු නිසා තමයි පොලිසිය සහ මහජනතාව අතර අප්‍රසාදයක් ඇතිවී ඇත්තේ. සමාජය යහමඟට ගන්න නම් වැරදිකරන සිවිල් පුද්ගලයන්ට වගේම වැරදිකරන පොලිස් නිලධාරීන්ටත් ක්ෂණිකවම විනිවිදභාවයකින් යුතුව උපරිම දඬුවම් ලබදිය යුතුයි. (නි)
මෙවැනි වීඩියෝ අන්තර්ජාලයට එක් කළයුතුයි. එවිටයි, යම්කිසි දෙයක් සිද්ධ වෙන්නේ. නැත්නම් කවුරුත් දන්නෙත් නැහැ, නිකම්ම ලිස්සලා යනවා. මෙම වීඩියෝව, රූපවාහිනි නාලිකාවකින් විකාශනය කළ පසු, එක බලධාරියෙකුට කේන්ති ගිහිල්ලා කියලත් ආරංචියි. (නි)
හැබැහැටම පිරිමින්ට අයිතිවාසිකම් නැද්ද? (දී)