බරපතල වංචා හා දූෂණවලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති වත්කම් ප්‍රකාශවල තොරතුරු පූර්ව අනුමැතියකින් තොරව ලබාගැනීමේ බලය වහාම ක්‍රියාත්මක වන පරිදි බරපතල වංචා දුෂණ විමර්ශන විශේෂ ජනපති කොමිසමට ලබාදීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කර ඇත.
එම කොමිසමේ පරීක්ෂණ දිගින් දිගටම කල් යාමට හේතුව බැංකු ගිණුම් හා වත්කම් ප්‍රකාශ ලබාගැනීමේ දී සිදුවන ප්‍රමාදය බවට කොමිසම මගින් දැනුම් දීමක් අනුව ජනපති මෙම නියෝගය ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ ජනතිපතිතුමාගේ මල්ලි පොරව පාරකින්, එම්කේඒඩීඑස් පිළිකාවකින්, සෝභිත තෙර හෘද අමාරුවකින්............... මේ දේව සාපයක්ද? (බ)
පුද්ගලික බැංකු ගිණුම් විස්තර දෙයිද ජනාධිපති කිව්වට? (බ)
අනේ සුජීව, ඔයා තව ටික දවසක් බලාගෙන ඉන්න. හොර මගඩි එකින් එක එළිවෙනකොට දේව ශාපය කාටද කියලා රටටම තේරෙයි. (නි)
අනේ සුජීව වගේ ආත්මාර්ථකාමියෙක්? (නි)
හා හා දුමින්ද කට කට.., මහා බැංකු හොරකම් ගැන නෙවෙයි වගේ (බ)
බරපතල වංචා හා දූෂණ වලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති වත්කම් පමණක් මදි. කලින් කට්ටිය ගසාකාලා ලෝකයේ පුරවපු බැංකු වල විස්තරත්, එම මුදල් ප්‍රමාණයත්, එම මුදලුත් නැවත ජනතා සතු කරන්න. දැඩි දඬුවම් දෙන්න. (නි)
ඉතා හොඳයි (නි)
ඇත්තටම සතුටුයි මේ තීරණයට (නි)
සුජීව, මොනවද මේ කියවන කතා? (නි)
බොහොම හොඳයි (නි)
අනේ සුජීව පරිස්සම් වෙන්න. හෙට කවුද දන්නෙ නැහැනේ... (නි)
ඉතාම හොඳ තීරණයක්. යහපාලනයෙන් ජනතාව අපේක්ෂා කළ එක අංශයක් මෙය. තවද, මම දන්නා තරමින් හුඟක් අය තමන්ගේ නියම වත්කම් හෙළි නොකර, නියමිත ආදායම් බදු නොගෙවා අයථා ලෙස ධනය රැස් කරනවා. දේශීය අදායම් පරිගණකගත කිරීමටත් විරුද්ධ වන්නේ මෙවැනි වංචාසහගත දේශපාලකයන් සහ ව්‍යාපාරකයින්. මේ ගැනත් ජනාධිපති සහ අගමැතිගේ අවධානය යොමුවෙතැයි බලාපොරොත්තු වෙමි (නි)
නියමයි! දුප්පත් අපේ සල්ලි කොල්ලකාපු අය කවුද කියලා අපිට දැනගන්න ඕනෑ. (නි)
සුජීව, තම තමාගේ චරිත ස්වභාවය දාන අදහස් වලින් පේනවා. හොරකම වංචාව නොකරන මිනිස්සු කවුරු ඒවා කළත් විරුද්ධයි. අනිත් මිනිස්සු තමාගේ වාසියට හෘද ශාක්ෂියට විරුද්ධව කතාකරන්නේ. ඒ අදහස් මිනිස්සු පිළිගන්නේ නැහැ. (නි)
පසුගිය කාලය පුරාවට හොරකම්, දූෂණ, මැරකම්, මිනීමැරුම්, පොදු ජනතාවගේ මුදල් කුට්ටි පිටින් පවුලට, යාළුවන්ට, නෑදෑයින්ට බෙදු බව දැන් ජනතාව දැනගෙන හමාරයි. එම කල්ලිය තවත් ඉන්නේ මහින්ද පසුපසය. ඉතින් මොවුන් පස්සේ යන අයටයි මඩුවලිගෙන් තලන්න ඕනෑ. (නි)
සුජීව ගැන මට කියන්න වචන නැහැ (නි)
ජාතික ආණ්ඩුවේ සිටින පිරිසටත් අදාල ද ? (ම)
ඔය ෆයිල් ටිකත් අරය යද්දී ගෙනිහින් තිබුනානම් මේ ජනපති කොමිසමට ඉතින් ....."සොරි.කොම් " තමා....(බ)
බලයට ඇවිත් කරපු දේකුත් නැහැ, පලි ගැනීමේ නිමකුත් නැහැ, (ම)
බොහොම හොද තීරණයක්. එෆ්සීඅයිඩී තව තවත් ශක්තිමත් කරන්න ඕනා (බ)
වංචාව සහ දුෂණය තුරන් කිරීමේ ජනතා බලාපොරොත්තුව වර්තමාන ජනාධිපතිතුමා ඉදිරියටම ගෙන යන බව අපි තවදුරටත් විශ්වාස කරමු. (බ)