
(මනෝ ප්‍රිය ගුණසේකර)
තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක්වැල්ල මහත්මිය විසින් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලි මහත්මියට අද (26) දැනුම් දුන්නේය.
තමාගේ නමට ගිණුමක් විවෘත කර ඇතත් එම ගිණුමේ පාස් පොත ඇතුළු සියලු දේ ඇත්තේ අමාළි රඹුක්වැල්ල මහත්මිය ළඟ බව බස්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කළ 2021/2023 කාලයේදී ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15 දෙනකු බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් කලයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිෂන් මේ බව දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි දැනුම් දුන්හ.
කෙසේ නමුත් සැකකරුගේ නමින් නැති ගිණුමේ භාවිතා කිරීමට සැකකරු ඔහුගේ අනුදැනුම ඇතිවම වෙනත් පාර්ශවයකට ඉඩ සලසා ඇතැයිද ඒ අනුව ඔහු මෙම අපරාධය කිරීමට අදාළ අනුබල දී ඇතැයි ද දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නයි ඉල්ලා සිටියහ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේමාදායකයා අල්ලස් කොමිසම විසින් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන නමුත් ඔහු මෙම නඩුවේ සාක්කිකරුවකු විය යුතු යැයි පැවසීය.
අල්ලස් කොමිසමේ කැඳවීමක් හෝ නොමැතිව තම සේවා දායකයා ස්වේච්ඡාවෙන් අල්ලස්ගො කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙමින් මෙම ගිණුම පිළිබඳ සියලු විස්තර හෙළි කළේ යැයිද ගිණුමට අදාළ පාස්පොත බැංකු කාඩ් පත් ආදිය සියල්ල ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය සතුව බවත් ගිණුමට ලැබෙන මුදල් කවුරුන් විසින් දමන මුදල්ද යන්න පිළිබඳ තම සේවා දායකයාගේ දැනුවත්භාවයක් නැතැයිද කී නීතිඥවරයා මෙම සිද්ධියේ සාක්කිකරුවකු විය යුතු තම සේවා දායකයා ඇප මත මුදා හරින්නයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතියේ එදින වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළියගේ දුවටත් බැරිද, වේලපහින්ම ඔය නඩුවේ සාක්කිකාරයෙක් වෙන්න..
හිතනවාද ජාතික ජනබලවේග රජයක් හැර වෙන රජයක් ආවා නම් මේ මජර ක්‍රමය වෙනස් වෙයි කියලා, සජබේ ආවා නම් මීට එහා යනවා... ඔය ලුණු නැහැ කියලා කෑගහන්නේ ඔය හඬ තමයි. ඒක නිසා යම් අඩුපාඩු තිබුණත් මේ අපේ මුදල් පොකට් ගහපු මජර ක්‍රමය වෙනස් කළ මේ රජය රැකගන්න එක කාටත් යහපතක්. අපි පඩිය මාසෙ අමාරුවෙන් රෝල් කරන කොට මොවුන් ගෙදර ඉඳගෙන දහදෙනෙකුගේ වැටුප ගන්නවා. මැක්ස්ලා ගුණරත්නලා මේ හොර වරප්‍රසාද නැතිවෙච්ච අය වෙනුවෙන් පෙනී ඉන්න දෙන්නෙක්...!
පවුලම හොරු !!
බලවතුන්ට කඩේ යන අයට හොඳ පණිවුඩයක්... අනාගතයට වටිනා නඩුවක්.
මේවා අතරම, වත්මන් ජනපතිගේ ග්‍රීසියේ ගිණුම්, පරීක්ෂාවෙන් තොරව මුදාහළ රතු ලේබල් කන්ටේනර් 323 ආදියත් සොයා බලනවා.. නම් පමණක් නීතිය බලපෑම්වලින් තොරව සාධාරණව ක්‍රියාත්මක වන බවට අනුමාන කළ හැකියි.
සිය පවුලම බෝඩිමට යවමු. කර ඇති අපරාධ බොහෝම දරුණුයි...!
දැන ගන්න අහන්නේ. ඇමතිවරුන්ට කාර්ය මණ්ඩලය සඳහා දීමනා ගෙවනවා නම් ඒ දීමනා ගෙවන්නේ ඒ කාර්ය මණ්ඩලය බඳවාගත්තාම ඒ සේවකයින්ගේ ගිණුම්වලට වැටුප් විදිහටද නැත්නම් ඇමතිටම දීමනාවක් ලෙසටද?
එකට හොරා කෑවා නම් දැන් එකටම හිරේ ලැගපල්ලා බොරු කෙඳිරිලි නවත්වලා...
ගුණේ අයියේ යෝගා රම්බොඩ, මේ බලන්නකෝ ඔයාලාගේ සර්ලාට විරුද්ධව බොරු සාක්ෂි දෙනවා මාලිමාවේ අපුල්ලන්නෝ...
අනේ ඉතින් ඒ අසරණ ළමයා ආදායමකුත් නැති එකේ කෝටි කීපයක් ගන්න ඇත්තේ කන්න බොන්න නේ. දැන් ගණන්වල හැටියට ඕකත් මහ දෙයක්ද? ඔන්න ඔහේ යන්න අරින්න.
බලාගෙන ගියාම මහ එකා වගේම තමයි පවුලේ අයත්..?
පවුල් පිටින් හවුල් වෙලානේ මහජන මුදල් කාබාසිනියා කරලා තියෙන්නේ. උපරිම දඬුවම් දෙන්න. ජවිපෙ කැලෑ නීතියෙන් නොවෙයි, ශ්‍රී ලංකා රාජ්‍යයේ අධිකරණයෙන්...!
කොපමණ හම්බකළත් මොකටද? ජීවිතය අවසාන කාලයේ පවුලම අන්ත දූෂිතයන් ලෙස මහජන අප්‍රසාදයට පත්වූ විට...
ඒකත් ඇමැතියාම ගසකනවා ඇති. තාත්තාට එහා දුවත් හොරකම් කරනවාද මන්දා...!
දැන් දුවව බිල්ලට දිලා ඇග බේරගන්න හදන්නේ..!
මොවුන්ගේ පවුල් පිටින්ම හොරකම් නේ කරලා තියෙන්නේ.. අම්මපා ලැජ්ජා නැද්ද?
කෙහෙළියට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ආවේලේ ඔහු නිර්දෝෂයි කියා අත උස්සපු අයට මොනවා හිතෙනවා ඇද්ද දැන්