ගණපති දෙවියන් උපන් දිනය සමරමින් විනායන චතුර්ති උත්සවය සෙල්ල කතරගම ගණපති කෝවිලේ විශේෂ පුජා පැවැත්විණි.
සිව දෙවියන්ගෙත් පාර්වතිගෙත් වැඩිමහල් පුතාවන ගණ දෙවියන් කතරගම දෙවියන්ගේ එකම සොහොයුරා ලෙස ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.
ලංකාවේ ගණපති දෙවියන් වෙනුවෙන් ඇති ප‍්‍රධානම කෝවිල වන්නේ සෙල්ල කතරගම ගණ දෙවි කෝවිලයි.
ගණ දෙවියන්ගේ උපන් දිනය සමරමින් හින්දු බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සෙල්ල කතරගම මැණික් ගඟ අසබඩ කෝවිලට පැමිණ පූජාවන් පැවැත්වූහ.
ගණදෙවි පිළිරුව මැණික් ගඟට වැඩමවා ගෙන විත් නානමුර පුජාව පැවැත්වීම අද උදෑසන සුබ මොහෙතින් සිදු කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණපති රජා නමෝ නමෝ !! (බ)
මුළු රටටම ගනදෙවියන්ගේ පිහිට ලැබේවා ! (ර)
ඔබ නියම බෞද්ධයෙක් නම් ගණ දෙවිඳුගේ ආශිර්වාදය ලබා ගැනීමට මෙම පූජාවට සහභාගී විය යුතුමයි. (බ)