බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් හිමිපාණන් වහන්සේ නමක් වන වාධීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ 193 වන ජන්ම දිනය අදට යෙදී ඇත.ඒ වෙවෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් උන්වහන්සේගේ උපන්ගම වන බලපිටිය මිගෙට්ටුවත්තේ පිහිටි උන්වහන්සේගේ පිළිරුව අසලදී සිදු කෙරිණි.
1823-02-09 දින ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ,මිගෙට්ටුවත්ත නම් ගමෙහි ගිංගම ලද්දු මිගෙල් යන නමින් ඉපිද පසුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද යන නමින් පැවිදි වූ උන්වහන්සේ විසින් සිදු කළ ශාසනික මෙහෙය අති මහත් වේ.
1890 වසරේ අපවත් වූ උන්වහන්සේ විසින් පවත්වන ලද පංචමහා වාදයන් ඉතා සුප්‍රසිද්ධය.
ඉංග්‍රීසීන් විසින් බෞද්ධයන්ට අහිමි කරණ ලද පොහොය නිවාඩුව නැවත ඇතිකරලීම වෙනුවෙන් ද උන්වහන්සේගේ කැපවීම ඉවහල් විය.
උන්වහන්සේගේ ජන්ම දින සැමරුමට ප්‍රදේශවාසීන්.පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - දේමුණි සම්පත්
වීඩියෝ - දීපාල් ද සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ගුණසමරු පින්කමට සහභාගී වෙනවා.(හේ)
ගුණානන්ද හිමියෝ මහ විරයෙක්, කොළඹ බෝ ගස් රැස තවම තිබේ , ජීවිතය අනියතයි හිමියනි. (හේ)