( රංජිත් රාජපක්ෂ )

තමන්ට පහර දි තුවාල සිදු කළ බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ අද (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙහිදි අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි මා පහර දුන් බවටත් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වු බවටත් ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්තා හතරකදි මාධ්‍යය හරහා මට චෝදනා කර තිබුණා.

මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා , මම මගේ නිතිඥයවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න කියලා.

ගුණතිලක රාජපක්ෂ මහතා එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදි පරුෂ වචනයෙන් බැන වැදුණා , මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා.

එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා.