ගණිත අංශයට හා විද්‍යා අංශයට වැඩිපුර අවස්ථාව ලබාදීම සඳහා රජය නව ක්‍රමවේදයන් හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රජය අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමට තීරණය කර ඇතැයිද අධ්‍යාපන ඇමැතිවරයා කීය.
පසුගියදා තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ජයග්‍රහණ ලබාගත් ලක් සිසුන් විසිදෙදෙනකුට සම්මාන ප්‍රදානය කරමින් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම‘ පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදී කාරියවසම් මහතා මේ බව කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා ගැන විතරද හිතන්න ඕනි. (ර)
එසේ නම් මොකද මේ පාර ඕ ලෙවල් ගණන් අමාරු. (ර)
ජයරත්න, මම සාමාන්‍ය පෙළ අසමත් නිසා මට ලැබුනේ අකන්ඩ වසර 11 ක අධ්‍යාපනයක්. මම හිතන්නේ ඇමති තුමා කියන්නේ සා.පෙ . අසමත් උනත් තවත් අවුරුදු 2ක් දෑතේ වැඩක් හරි උගන්නන එක වෙන්න ඕනේ. (ර)
නුවන්ගේ අදහස අගය කරනවා (බ)
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මීට රජයන් ගණනාවක පෙර සිට තියෙන අඩුපාඩුවක්. ආණ්ඩු මාරුවෙලා බලයට එන අලුත් රජයන් මුලින්ම කරන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමයි. මේ රජයටත් ඒකෙ වෙනසක් නැහැ. තියෙන ක්‍රමවේද වෙනස් කරන එක තමා දේශපාලකයන්ගේ ක්‍රමය. (හේ)
එතකොට වානිජ, කලා අංශ වලට මොකද වෙන්නේ.(හේ)
ඒ විෂයන් වලට වැඩි තැනක් දුන්නාම අනිත් විෂයන් වලට මොකද වෙන්නේ.(හේ)
අපේ එදිනෙද ජීවිතය කඩාකප්පල් කරගෙන පෙළපාලි යන්න තියෙන නිසා කලා වාණිජ අල්ලලා දාන්න.කොහොමත් ලෝකෙට ණය වෙලා නිකම් දෙනකොට අපේ අයට අගයක් නැහැනේ .(හේ)
ගණිත විද්‍යා තාක්ෂණ විෂයධාරා වලට වැඩි අවස්ථා දීම කාලීන අවශ්‍යතාවක් වෙන්න පුළුවන්. ඒත් කලා සෞන්දර්ය ආදියෙන් දරුවන් ඈත්කිරීම නිසා පාසල්වල අද ඉන්නෙ ළමයින්ට වඩා රොබෝවන්. ගුණාත්මක අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබේ නම් සියලු විෂයයන් රැකියා උත්පාදන මාර්ග බවට පත්කළ හැකියි. (නි)
රටේ බිහිවෙන්න ඕනෑ දොස්තරලයි ඉංජිනේරුවොයි විතරද? අනිත් විෂයන්ටත් ඒදේම කරන්න බැරිද? අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. ඒත් විද්‍යා දක්ෂයන්ට පමණක් මුල්තැන දෙන ක්‍රමය අධ්‍යාපනයෙන් අතුගා දැමිය යුතුයි. (නි)
ගණිතය වැඩිපුර උගන්වන එක හොඳයි. අයවැය කොටඋඩ ගියෙත් ඕක වැරදිලා තමයි. (නි)
ඇමතිතුමා හරියටම හරි (නි)
මම ගණිත අංශයෙන් උසස් පෙළ කළේ. ලෝකයේ වැඩි අවස්ථා ප්‍රමාණයක් ගණිත හා විද්‍යා අංශ වලට තිබෙනවා. අපේ රටේ මිනිස්සු හරි බුද්ධිමත්. අපි රට නංවන්න රටට තැනක් ගන්න ගණිත විද්‍යා විෂයයන් වලට වැඩි අවස්ථාවක් දෙන එක වැදගත්. එසේම කලාව මිනිසා පරිපූරණ කරනවා. මිනිසුන් මානුෂීය චින්තනයට ඉඩ හසර ගෙන එනවා. එනමුත් අද වෙලා තියෙන්නේ කලාවට ගුණාත්මකභාවයකින් යුතු අයගේ පැමිණීම අඩුවීම. මම නම් හිතන්නේ ගණිත විද්‍යා අංශ වලට වැඩි තැනක් දෙනගමන්, අපි කාගේ කාගේත් මානුෂීය සිතුවිලි වර්ධනය කරන කලා විෂයකුත් අනිවාර්ය කළයුතුයි. නැත්නම් බිහිවෙන්නේ අසම්පූර්ණ පුද්ගලයෙක්. (නි)
ඇයි ඒ විෂයන් වලට විතරයි වෙනසක් අනික් විෂයන් විෂයන් නෙමෙයිද ? (ම)
සාපෙළ දක්වා ළමුන් අසමත් නොකර ඉන්නවා වගේ ප්‍රතිපත්තියක් උසස් පෙළ දක්වා ගේන්නද හදන්නේ? (නි)
දෑනටත් රජය අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙනවා තමයි. ඒ ගැන නැවත තීරණයක් කරනවානම් ඒ කප්පාදුවක් වෙන්න පුලුවන්.(ම)