IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ගණිතයටයි විද්‍යාවටයි වැඩි අවස්ථා‘

ගණිත අංශයට හා විද්‍යා අංශයට වැඩිපුර අවස්ථාව ලබාදීම සඳහා රජය නව ක්‍රමවේදයන් හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රජය අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමට තීරණය කර ඇතැයිද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

පසුගියදා තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ජයග්‍රහණ ලබාගත් ලක් සිසුන් විසිදෙදෙනකුට සම්මාන ප්‍රදානය කරමින් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම‘ පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදී කාරියවසම් මහතා මේ බව කීවේය.

karu_20151215 karu_20151215-2 karu_20151215-3 karu_20151215-4

 



අදහස් (0)

‘ගණිතයටයි විද්‍යාවටයි වැඩි අවස්ථා‘

තිස්ස Tuesday, 15 December 2015 11:30 AM

ඒවා ගැන විතරද හිතන්න ඕනි. (ර)

:       0       0

ශ්‍රියානි Tuesday, 15 December 2015 11:57 AM

එසේ නම් මොකද මේ පාර ඕ ලෙවල් ගණන් අමාරු. (ර)

:       0       0

චමල් Tuesday, 15 December 2015 12:08 PM

ජයරත්න, මම සාමාන්‍ය පෙළ අසමත් නිසා මට ලැබුනේ අකන්ඩ වසර 11 ක අධ්‍යාපනයක්. මම හිතන්නේ ඇමති තුමා කියන්නේ සා.පෙ . අසමත් උනත් තවත් අවුරුදු 2ක් දෑතේ වැඩක් හරි උගන්නන එක වෙන්න ඕනේ. (ර)

:       0       0

ගයාන් Wednesday, 16 December 2015 04:29 AM

නුවන්ගේ අදහස අගය කරනවා (බ)

:       0       0

ස්ටැන්ලි Tuesday, 15 December 2015 12:23 PM

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මීට රජයන් ගණනාවක පෙර සිට තියෙන අඩුපාඩුවක්. ආණ්ඩු මාරුවෙලා බලයට එන අලුත් රජයන් මුලින්ම කරන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමයි. මේ රජයටත් ඒකෙ වෙනසක් නැහැ. තියෙන ක්‍රමවේද වෙනස් කරන එක තමා දේශපාලකයන්ගේ ක්‍රමය. (හේ)

:       0       0

උපුල් Tuesday, 15 December 2015 12:21 PM

එතකොට වානිජ, කලා අංශ වලට මොකද වෙන්නේ.(හේ)

:       0       0

ඉන්දික Tuesday, 15 December 2015 12:35 PM

ඒ විෂයන් වලට වැඩි තැනක් දුන්නාම අනිත් විෂයන් වලට මොකද වෙන්නේ.(හේ)

:       0       0

සිරියලතා Tuesday, 15 December 2015 02:05 PM

අපේ එදිනෙද ජීවිතය කඩාකප්පල් කරගෙන පෙළපාලි යන්න තියෙන නිසා කලා වාණිජ අල්ලලා දාන්න.කොහොමත් ලෝකෙට ණය වෙලා නිකම් දෙනකොට අපේ අයට අගයක් නැහැනේ .(හේ)

:       0       0

අනුර Tuesday, 15 December 2015 02:24 PM

ගණිත විද්‍යා තාක්ෂණ විෂයධාරා වලට වැඩි අවස්ථා දීම කාලීන අවශ්‍යතාවක් වෙන්න පුළුවන්. ඒත් කලා සෞන්දර්ය ආදියෙන් දරුවන් ඈත්කිරීම නිසා පාසල්වල අද ඉන්නෙ ළමයින්ට වඩා රොබෝවන්. ගුණාත්මක අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබේ නම් සියලු විෂයයන් රැකියා උත්පාදන මාර්ග බවට පත්කළ හැකියි. (නි)

:       0       0

අනුරාධ Tuesday, 15 December 2015 03:19 PM

රටේ බිහිවෙන්න ඕනෑ දොස්තරලයි ඉංජිනේරුවොයි විතරද? අනිත් විෂයන්ටත් ඒදේම කරන්න බැරිද? අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. ඒත් විද්‍යා දක්ෂයන්ට පමණක් මුල්තැන දෙන ක්‍රමය අධ්‍යාපනයෙන් අතුගා දැමිය යුතුයි. (නි)

:       0       0

ඇසළ Tuesday, 15 December 2015 03:35 PM

ගණිතය වැඩිපුර උගන්වන එක හොඳයි. අයවැය කොටඋඩ ගියෙත් ඕක වැරදිලා තමයි. (නි)

:       0       0

උදය Tuesday, 15 December 2015 03:51 PM

ඇමතිතුමා හරියටම හරි (නි)

:       0       0

නුවන් Tuesday, 15 December 2015 08:48 PM

මම ගණිත අංශයෙන් උසස් පෙළ කළේ. ලෝකයේ වැඩි අවස්ථා ප්‍රමාණයක් ගණිත හා විද්‍යා අංශ වලට තිබෙනවා. අපේ රටේ මිනිස්සු හරි බුද්ධිමත්. අපි රට නංවන්න රටට තැනක් ගන්න ගණිත විද්‍යා විෂයයන් වලට වැඩි අවස්ථාවක් දෙන එක වැදගත්. එසේම කලාව මිනිසා පරිපූරණ කරනවා. මිනිසුන් මානුෂීය චින්තනයට ඉඩ හසර ගෙන එනවා. එනමුත් අද වෙලා තියෙන්නේ කලාවට ගුණාත්මකභාවයකින් යුතු අයගේ පැමිණීම අඩුවීම. මම නම් හිතන්නේ ගණිත විද්‍යා අංශ වලට වැඩි තැනක් දෙනගමන්, අපි කාගේ කාගේත් මානුෂීය සිතුවිලි වර්ධනය කරන කලා විෂයකුත් අනිවාර්ය කළයුතුයි. නැත්නම් බිහිවෙන්නේ අසම්පූර්ණ පුද්ගලයෙක්. (නි)

:       0       0

ගමගේ Tuesday, 15 December 2015 10:07 AM

ඇයි ඒ විෂයන් වලට විතරයි වෙනසක් අනික් විෂයන් විෂයන් නෙමෙයිද ? (ම)

:       0       0

සමන් පිරිස් Wednesday, 16 December 2015 01:46 AM

සාපෙළ දක්වා ළමුන් අසමත් නොකර ඉන්නවා වගේ ප්‍රතිපත්තියක් උසස් පෙළ දක්වා ගේන්නද හදන්නේ? (නි)

:       0       0

ජයරත්න Tuesday, 15 December 2015 10:43 AM

දෑනටත් රජය අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙනවා තමයි. ඒ ගැන නැවත තීරණයක් කරනවානම් ඒ කප්පාදුවක් වෙන්න පුලුවන්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site