IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ගණිත ප්‍රශ්නපත්‍රය පිටවෙලා

බස්නාහිර පළාත් සභාවේ අද පැවැත්වූ වර්ෂාවසාන විභාගයේ 11 වැනි ශ්‍රේණියට දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය මිනුවන්ගොඩ ,දිවුලපිටිය ආදී පෙදෙස්වලින් පිටවී ඇතැයි ගුරුවරු කියති.

ටියුෂන් ගුරුවරයකු මෙම ප්‍රශ්න පත්‍රය කළින් පිටකර ඇති බවත් දුර්වල ළමයින් පවා අසාමාන්‍ය ලෙස උනන්දුවකින් පිළිතුරු සැපයීම නිසා ඇතිවූ සැකය මත පිළිතුරු ලිවීමේ රහස හෙළිවී ඇති බවත් කියති.

අටවරක් චක්‍රය බැරි ළමයකුද ප්‍රශ්න පත්‍රයට දක්ෂ ලෙස පිළිතුරු ලියා ඇතැයි එක් ගුරුවරයෙක් කියයි.

 

 



අදහස් (0)

ගණිත ප්‍රශ්නපත්‍රය පිටවෙලා

චාන්දනී Wednesday, 12 November 2014 11:05 AM

ප්‍රශ්නපත්‍ර රාජකාරි සඳහා කලකට පෙර යොදා ගත්තේ වගකීම් දැරිය හැකි විශ්වාසවන්ත අදාළ කාර්යයේ දක්ෂ උදවිය. දැන් කවුරු මේවා සම්බන්ධව කටයුතු කරනවාද යන්න දෙවියොම තමයි දන්නේ. (නදී)

:       0       0

කැලුම් Wednesday, 12 November 2014 11:16 AM

අටවරක් බැරි වුණ එකට ළමයට වැඩිය බනින්න ඕනි ගුරු වරුන්ට. 11 වසර වෙනකන් පාස් වුණේ කොහොමද..?(දිල්)

:       0       0

සම්පත් Wednesday, 12 November 2014 11:25 AM

මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. දැන් අලුත්ම ක්‍රමය මේක තමයි (නි)

:       0       0

සමන් Wednesday, 12 November 2014 11:35 AM

ළමයින්ට 100ක් ලකුණු දෙමු. ප්‍රශ්නේ ඉවරයිනේ. ළමයි සන්තෝෂ වෙයි. (ර)

:       0       0

ඉල්ලෙපෙරුම Wednesday, 12 November 2014 11:39 AM

වාර විභාග ප්‍රශ්න පත්‍රයක් වංචනිකව රැගෙන නියමිත දිනට පෙර තම ටියුෂන් පන්තිය් ඉගැන්වීමන් ටියුෂන් ගුරුවරුන් බලාෙපාෙරාත්තු වන දෙය කුමක් ද? දරුවාන් නොමග යවා රැවටීමකට ලක් කර ලකුණු ගන්න සැලැස්වීමෙන් දරුවනට සිදුවන යහපත කුමක් ද? වාර විභාග කියන්නේ විභාග නීති යටතේ පවත්වන විභාග නාෙවයි. (ර)

:       0       0

සේනක Thursday, 13 November 2014 11:24 AM

ඇයි මේ ළයින්ව අමාරුවේ දාන්නේ.(හේ)

:       0       0

මැණික් Wednesday, 12 November 2014 11:58 AM

මේ රාජකාරි භාර දීල තියෙන්නේ , රාජ්‍ය සේවයේ විශ්වාසවත් බව රකින්න බැරි අයට කියල නේද මේකෙන් පේන්නේ ? (දිල්)

:       0       0

ජිනේන්ද්‍ර Thursday, 13 November 2014 05:32 AM

එහෙනම් එකත් එකටම ඔය ප්‍රශ්න පත්‍ර පිට වුන පාසල් ප්‍රදේශයේ බලවතෙකුගේ ගණන් බැරි ළමයෙක් ඇති. (හේ)

:       0       0

සුමුදු Wednesday, 12 November 2014 12:02 PM

රුවනි, කවදාවත් මේවා පිළිවෙලක් වෙන්නැ. පිළිවෙලක් කරගන්න ඕනේ. (ර)

:       0       0

රුචිර Thursday, 13 November 2014 12:01 AM

අනේ මන්දා, හරියට විභාගයක් තිබුණේ නැහැ මට මතක ඇති කාලයකට (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 12 November 2014 01:23 PM

මහා ඉහළින් කියනවා තමන්ගේ ගෝලයෙකුට අටවරක් චක්‍රය බැහැ කියලා. ඔහු හරි නම් හිනාවෙන්න නෙමෙයි අඬන්නයි ඕනෑ (නි)

:       0       0

රන්ජිත් Thursday, 13 November 2014 01:08 AM

එතකොට අපේ දරුවන් ලොකු වියදමක් කර පාසලට යැවීමෙන් අපි බොරු වැඩක් කරලා වගේ. ගෙදර තියාගෙන හොර ගුරෙකුට බාරදුන්නා නම් හරි වගේ. (නි)

:       0       0

නෙතුමි Wednesday, 12 November 2014 02:39 PM

මෙම ප්‍රශ්න පත්‍ර පිටකරලා ළමයින්ටත් ගුරුවරුන්ටත් ලැබෙන වාසිය ප්‍රයෝජනය මොකක්ද? අහිංසක හිත් බලාපොරොත්තු වලින් පුරවලා සාමාන්‍ය පෙළ විභාගයට යවනවා විතරයි (නි)

:       0       0

ලලිත් Thursday, 13 November 2014 07:45 AM

එහෙම කරන්නත් හොඳ මතකයක් ඕනෑ (නි)

:       0       0

බෙනට් Wednesday, 12 November 2014 03:05 PM

8 වරක් චක්‍රය බැරි දරුවෙක් නම් 7 පන්තියේ නවත්තන්න එපායැ. (නදී)

:       0       0

සුජාතා Thursday, 13 November 2014 03:24 AM

එහෙම කරලා හරි මතක ශක්තියෙන් ලියපු එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ (නි)

:       0       0

කපිල Thursday, 13 November 2014 03:35 AM

එහෙත් කොළඹ සමහර ප්‍රධාන පාසල් වල සිසුන් කිවුවේ ප්‍රශ්න පත්‍රය තරමක් සංකීර්ණ බවත්, වෙලාව මදි වූ බවත් තමයි (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 12 November 2014 05:18 PM

රටට රටේ අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නදී)

:       0       0

සීල ද සිල්වා Wednesday, 12 November 2014 05:44 PM

මෙය අධිකරණයේ පිහිට පැතියයුතු අවස්ථාවක් යැයි මම සිතමි (නි)

:       0       0

කසුන් Wednesday, 12 November 2014 06:01 PM

මෙච්චරටම දුර්වලද අපේ රටේ අධ්‍යාපනය දැන්? (නි)

:       0       0

ගිහාන් Wednesday, 12 November 2014 10:30 AM

අට පාස් උදවිය ඉහල තනතුරු ලබා ගන්නකොට අට වරක් බැරි ළමයා එහෙම ලිවීම පුදුමයක් ද ? (නදී)

:       0       0

ලසිත් Wednesday, 12 November 2014 10:35 AM

ප්‍රශ්න පත්‍ර කටයුතු සඳහා පත් කරන්න ඕන සැකසීමේ සිට සෝදු පත් බැලීම මුද්‍රණය ප්‍රවාහනය , විභාග ශාලා කටයුතු ආදිය දක්වාම විශ්වාස වන්ත , අදාළ රාජකාරි සඳහා සුදුස්සන්. මින් එහාට දේශපාලනය ගැන ලුණු ඇඹුල් ඇතිව වචන කටට එන නිසාත් , මම ප්‍රතිපත්තියක් ලෙස මෙතන දේශපාලනය කතා නොකරන නිසාත් මීට එහා කියන්න දෙයක් නැත. (නදී)

:       0       0

කොඩිතුවක්කු Wednesday, 12 November 2014 10:37 AM

අපොයි අපොයි ... අටවරක් චක්‍රය වත් බැරි ළමයකු කොහොමද 11 වැනි ශ්‍රේණියට ගියේ . එතරම් දැන් ළමයින්ගේ මානසික තත්වය අවුල්ද ? (බ)

:       0       0

රුවනි Wednesday, 12 November 2014 10:41 AM

කවදාද මේ දේවල් පිළිවෙලක් වෙන්නේ ? දිගින් දිගටම මේක සිද්ධ වෙන්නේ කලින් මේවාට අහු වුන උදවිය තවමත් සේවයේ නිසාදෝ කියල මහජනතාවට හිතෙන්න ඉඩ තිබෙනවා. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:30 AM

කපිල.ඔබ හරි.මගේ දරුවත් ඒ කතාවමයි කිව්වේ.(අ)

:       0       0

ජෙහාන් Wednesday, 12 November 2014 10:43 AM

කලබල වෙන්න දෙයක් නැහැ.අදාළ බලවතාම නේද කිව්වේ ගණන් ප්‍රශ්න පත්‍ර ලේසි කරනවා කියල . ඔන්න ලේසි කරලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1804 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site