බස්නාහිර පළාත් සභාවේ අද පැවැත්වූ වර්ෂාවසාන විභාගයේ 11 වැනි ශ්‍රේණියට දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය මිනුවන්ගොඩ ,දිවුලපිටිය ආදී පෙදෙස්වලින් පිටවී ඇතැයි ගුරුවරු කියති.
ටියුෂන් ගුරුවරයකු මෙම ප්‍රශ්න පත්‍රය කළින් පිටකර ඇති බවත් දුර්වල ළමයින් පවා අසාමාන්‍ය ලෙස උනන්දුවකින් පිළිතුරු සැපයීම නිසා ඇතිවූ සැකය මත පිළිතුරු ලිවීමේ රහස හෙළිවී ඇති බවත් කියති.
අටවරක් චක්‍රය බැරි ළමයකුද ප්‍රශ්න පත්‍රයට දක්ෂ ලෙස පිළිතුරු ලියා ඇතැයි එක් ගුරුවරයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නපත්‍ර රාජකාරි සඳහා කලකට පෙර යොදා ගත්තේ වගකීම් දැරිය හැකි විශ්වාසවන්ත අදාළ කාර්යයේ දක්ෂ උදවිය. දැන් කවුරු මේවා සම්බන්ධව කටයුතු කරනවාද යන්න දෙවියොම තමයි දන්නේ. (නදී)
අටවරක් බැරි වුණ එකට ළමයට වැඩිය බනින්න ඕනි ගුරු වරුන්ට. 11 වසර වෙනකන් පාස් වුණේ කොහොමද..?(දිල්)
මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. දැන් අලුත්ම ක්‍රමය මේක තමයි (නි)
ළමයින්ට 100ක් ලකුණු දෙමු. ප්‍රශ්නේ ඉවරයිනේ. ළමයි සන්තෝෂ වෙයි. (ර)
වාර විභාග ප්‍රශ්න පත්‍රයක් වංචනිකව රැගෙන නියමිත දිනට පෙර තම ටියුෂන් පන්තිය් ඉගැන්වීමන් ටියුෂන් ගුරුවරුන් බලාෙපාෙරාත්තු වන දෙය කුමක් ද? දරුවාන් නොමග යවා රැවටීමකට ලක් කර ලකුණු ගන්න සැලැස්වීමෙන් දරුවනට සිදුවන යහපත කුමක් ද? වාර විභාග කියන්නේ විභාග නීති යටතේ පවත්වන විභාග නාෙවයි. (ර)
ඇයි මේ ළයින්ව අමාරුවේ දාන්නේ.(හේ)
මේ රාජකාරි භාර දීල තියෙන්නේ , රාජ්‍ය සේවයේ විශ්වාසවත් බව රකින්න බැරි අයට කියල නේද මේකෙන් පේන්නේ ? (දිල්)
එහෙනම් එකත් එකටම ඔය ප්‍රශ්න පත්‍ර පිට වුන පාසල් ප්‍රදේශයේ බලවතෙකුගේ ගණන් බැරි ළමයෙක් ඇති. (හේ)
රුවනි, කවදාවත් මේවා පිළිවෙලක් වෙන්නැ. පිළිවෙලක් කරගන්න ඕනේ. (ර)
අනේ මන්දා, හරියට විභාගයක් තිබුණේ නැහැ මට මතක ඇති කාලයකට (නි)
මහා ඉහළින් කියනවා තමන්ගේ ගෝලයෙකුට අටවරක් චක්‍රය බැහැ කියලා. ඔහු හරි නම් හිනාවෙන්න නෙමෙයි අඬන්නයි ඕනෑ (නි)
එතකොට අපේ දරුවන් ලොකු වියදමක් කර පාසලට යැවීමෙන් අපි බොරු වැඩක් කරලා වගේ. ගෙදර තියාගෙන හොර ගුරෙකුට බාරදුන්නා නම් හරි වගේ. (නි)
මෙම ප්‍රශ්න පත්‍ර පිටකරලා ළමයින්ටත් ගුරුවරුන්ටත් ලැබෙන වාසිය ප්‍රයෝජනය මොකක්ද? අහිංසක හිත් බලාපොරොත්තු වලින් පුරවලා සාමාන්‍ය පෙළ විභාගයට යවනවා විතරයි (නි)
එහෙම කරන්නත් හොඳ මතකයක් ඕනෑ (නි)
8 වරක් චක්‍රය බැරි දරුවෙක් නම් 7 පන්තියේ නවත්තන්න එපායැ. (නදී)
එහෙම කරලා හරි මතක ශක්තියෙන් ලියපු එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ (නි)
එහෙත් කොළඹ සමහර ප්‍රධාන පාසල් වල සිසුන් කිවුවේ ප්‍රශ්න පත්‍රය තරමක් සංකීර්ණ බවත්, වෙලාව මදි වූ බවත් තමයි (නි)
රටට රටේ අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නදී)
මෙය අධිකරණයේ පිහිට පැතියයුතු අවස්ථාවක් යැයි මම සිතමි (නි)
මෙච්චරටම දුර්වලද අපේ රටේ අධ්‍යාපනය දැන්? (නි)
අට පාස් උදවිය ඉහල තනතුරු ලබා ගන්නකොට අට වරක් බැරි ළමයා එහෙම ලිවීම පුදුමයක් ද ? (නදී)
ප්‍රශ්න පත්‍ර කටයුතු සඳහා පත් කරන්න ඕන සැකසීමේ සිට සෝදු පත් බැලීම මුද්‍රණය ප්‍රවාහනය , විභාග ශාලා කටයුතු ආදිය දක්වාම විශ්වාස වන්ත , අදාළ රාජකාරි සඳහා සුදුස්සන්. මින් එහාට දේශපාලනය ගැන ලුණු ඇඹුල් ඇතිව වචන කටට එන නිසාත් , මම ප්‍රතිපත්තියක් ලෙස මෙතන දේශපාලනය කතා නොකරන නිසාත් මීට එහා කියන්න දෙයක් නැත. (නදී)
අපොයි අපොයි ... අටවරක් චක්‍රය වත් බැරි ළමයකු කොහොමද 11 වැනි ශ්‍රේණියට ගියේ . එතරම් දැන් ළමයින්ගේ මානසික තත්වය අවුල්ද ? (බ)
කවදාද මේ දේවල් පිළිවෙලක් වෙන්නේ ? දිගින් දිගටම මේක සිද්ධ වෙන්නේ කලින් මේවාට අහු වුන උදවිය තවමත් සේවයේ නිසාදෝ කියල මහජනතාවට හිතෙන්න ඉඩ තිබෙනවා. (බ)
කපිල.ඔබ හරි.මගේ දරුවත් ඒ කතාවමයි කිව්වේ.(අ)
කලබල වෙන්න දෙයක් නැහැ.අදාළ බලවතාම නේද කිව්වේ ගණන් ප්‍රශ්න පත්‍ර ලේසි කරනවා කියල . ඔන්න ලේසි කරලා. (බ)