
(දයානන්ද අධිකාරි සහ ඉන්දිකා රාමනායක)
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය කියයි.
මහඔය බොරපොළ ප්රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අම්පාර මල්වත්ත කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි (21) හමුදා සෙබළෙකි.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තෙ මින්නේරිය යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි (24) සෙබළකු බව ද පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ සෙබළා සැකකාර සෙබළාගේ බිරිය සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම සෙබලා නිවසේ නොමැති අවස්ථාවක මරණකරු නිවසට පැමිණ සැකකරුගේ බිරිය සමඟ කාමරයක් තුළ සිටියදී, සැකකාර සෙබළා නිවසට එද්දී එය දැක නිවසේ තිබූ මන්නයකින් එම සෙබළා කපා කොටා ඝාතනය කර තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියම් සම්බන්ධකම් පිළිබඳව සැමියා මෙන්ම බිරිදත් වගකිව යුතුයි.
රණවිරු දඩයමක්...