රන් ලෙස පාට කළ යකඩ කැබලි තොගයක් හා බොරු මැණික් ගල් තොගයක් අනුරාධපුරයේ තඹුත්තේගම හිමිනමකට දී රුපියල් ලක්ෂ 10 ක් වංචා කළැයි කියන ජෝඩුවක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
පන්සල හදාගැනීමට එම ‘රන් හා මැණික්’ විකිණීමෙන් විශාල මුදලක් ලබාගත හැකියැයි කියමින් මුදල් වංචාකර ඇති බව පෙනේ යැයිද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අහලා තිබෙන විදියට හාමුදුරුවන් කියලා කියන්නේ ඇලීම් ,බැඳීම් වලින් මිදී ශාසනයට ඇතුළුවී අටවන භවයෙන් පසුව සෝතාපන්නභාවයට පත්වීමට වෙරදරන උත්තමයෙක් කියලයි. (නි)
රැවටෙනවා කියන එක කෙළවරක් නෑනේ දැන් හාමුදුරුවරුත් අහුවෙනවනේ ගැටවලට (බ)
'ආනන්ද දුටුවාද සර්පයෙක්?' කියා මඟ වැටී තිබුන රන් කාසි පාර්සලයක් දැක බුදුන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවේ මේ නිසයි.(බ)
තන්හාය ජායතී සෝකෝ කියා හාමුදුරුවරුමයි අපට කියල දෙන්නේ (බ)
අපි නම් අහුවෙයි ඕවාට... (නි)
හාමුදුරුවන්ට කොහෙන්ද ලක්ෂ 10ක්? තණ්හාය ජායති ශෝකෝ කියන්නේ ඕකට තමා හාමුදුරුවනේ...(බ)
තන්හාය ජායති ශෝකෝ (බ)
රත්තරන් අතුරා ඉඩම් මිලට ගෙන සදා පුජා කල විහාර වල මහන දම් පිරුවා මිස රත්තරන් මිලට ගෙන වැඩිමිලට විකුණා පන්සල් හදා ගන්න ව්‍යාපාරික සංකල්ප දරන චීවර ධාරීන් සිටන මේ රටේ එවන් අනිකුත් හාමුදුරුවරුන්ටත් හොඳ පාඩමක්. අනේ පිඩු සිටුගේ භූමිකාව ගිහියාට භාරදෙන්න. ඔබ වහන්සේලා ධර්මය නියෝජනය කරන්න. (අ)
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටිලා වගේ. (අ)
දැන් දැන් නිවන් යන ක්‍රම නෙමෙයි හොයන්නේ .. ආදායම් මාර්ග හොයන්නයි කට්ටිය උත්සහ කරන්නේ ? (අ)
ඔය දීපු ලක්ෂ 10 න් පන්සල හැදුව නම් ඉවරයිනේ. හාමුදුරු නමක් වෙලත් තණ්හාව නිසානේ ඔයටික වුනේ. (අ)
ජෝඩුවම ගැහැණුද? පිරිමි ගැටයක් වෙන්නත් පුළුවන් සමහරවිට (නි)
රටම ගිලගත් වර්තමාන දේශපාලන පිළිකාවෙන් මිදීමට තරම් ආධ්‍යාත්මක ශක්තියක් භික්ෂුන් යයි කියා ගන්න බොහෝ දෙනෙකුට නැත. (අ)
දැන් ලංකාවේ ඉන්න මිනිසුන්ට වෙලා තියෙන දේ නම් හිතාගන්න බැහැ (නි)