
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පරිගණක මෘදුකාංග ගැටලුවක් නිසා සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2017, 2018 සහ 2019, වර්ෂවලට අදාළ මූල්‍ය ප්‍රකාශන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණයවිය.
මේ ගැටලුව නිසා එම සංස්ථාව 2016 වර්ෂයෙන් පසුව කිසිදු මුල්‍ය ප්‍රකාශන වාර්තාවක් සකස් කර නැතැයි කෝප් කමිටුව පවසයි.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2015 සහ 2016 මූල්‍ය වර්ෂ සඳහාවූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය මන්ත්‍රී චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් (19) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මෙම රැස්වීමට පැමිණ සිටි එම සංස්ථාවේ ප්‍රධානීන් පැවසූවේ පරිගණක මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් 2017, 2018, 2019, වර්ෂවලට අදාළ දත්ත මැකී ගොස් ඇති බවයි.
මේ නිසා මූල්‍ය ප්‍රකාශන පිළිබඳ තොරතුරු නොමැති බවද ඔවුහු සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා පැවසුවේ එය නිදහසට කාරණාවක් නොවන බවයි.
මෙම දත්ත අමතර ස්ථානයක ගබඩා කළ යුතු බවත් එම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු හෙළි කළ යුතු බවත් ඔහු පැවසුවේය.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගිය බව සඳහන් කළද එහි යම් ගැටලුවක් පවතින බවට සාධාරණ සැකයක් මතුවන්නේ යැයි සඳහන් කළ චරිත හේරත් මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නැයි නිර්දේශ කළේය.
විශේෂයෙන්ම මෙම මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු සඳහන් නොවන හෙයින් එම ආයතනයේ 2016 වර්ෂයේ සිට සිදුවී ඇති යම් යම් මූල්‍ය කටයුතු ගැන නිවැරදිව සාකච්ඡා කළ නොහැකිවී ඇතැයි කෝප් කමිටුව පවසයි.
එසේම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව 2018 වර්ෂයේදී ලංකා බැංකුවෙන් ලබාගෙන තිබූ රුපියල් රුපියල් කෝටි 50 ක ණය මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
ණය මුදලෙන් වැඩි ප්‍රමාණයක් සේවක වැටුප් ගෙවීම සඳහා වියදම් කර ඇති බව මෙම රැස්වීමේදී තොරතුරු අනාවරණයවිය.
තවද 2017 වර්ෂයේදී ගොඩනැගිල්ලක සිදුකරන ලද නවීකරණ කටයුත්තක් හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන ලිපිගොනු අස්ථානගතවී ඇති බවද රැස්වීමේදී ප්‍රකාශවිය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, මධුර විතානගේ, ජයන්ත සමරවීර සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ නම් හොඳයි වගේ. අපි පුරුදු වෙලා ඉන්නේ දේශපාලකයින්ට විතරක් ඇඟිල්ල දික් කරන්නනේ... ඒ අයට මුවාවෙලා රාජ්‍ය ආයතනවල හොරකම් කරන හැටි හොයලා ගත්තා නම් අපේ රට මේ තරම්වත් ඉතිරිවෙලා තියෙන එක ගැන පුදුම හිතේවි...!
නියමයි, ඔන්න ලොකුම විහිළු සෙල්ලම් කඩ කරනවා වගේ මෙයාලා මේවා කරන්නේ. කට්ටියම ඇතුළට දාන්න ඕනෑ.
දත්ත ආරක්ෂණය දන්නේ නැත්නම් බැංකු ක්ෂේත්‍රයෙන් ඉගෙන ගන්න.
එහෙනම් ඒකාලේ හිටපු අය එව්වට වගකියන්න ඕනෑ.
පිටිපස්සෙනුත් හිනා යනවා මේවට..!