
(ගයාන් සූරිය ආරච්චි)
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
හෙට (07) දින 14 ක් ඇතුළත එම පැමිණිලි විභාග කර අවසන් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව තල්දුව මහතා කීය.
ඉකුත් මැතිවරණ කාල සීමාව තුළ 65,000 කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් විශේෂ රාජකාරී සඳහා යොදවා තිබුණි. එම කාල සීමාව තුළ දිවයිනේ පොලිස් ස්ථානවල විවිධ පැමිණිලිවල ගොඩගැසීමක් දක්නට ඇති බව වැඩ බලන පොලිස්පති වරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව තල්දුව මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේස මත ගොඩගැහිලා තිබෙන ලිපිගොනු සියල්ලත් ඉදිරි සති 2-3 තුළ ඉවරයක් කරලා දමන්න කියලා නියෝගයක් දෙන්න බැරිද? රාජ්‍ය පරිපාලන ඇමැතිට? එහෙම නැතිනම් ලැබුන දින පිළිවෙලට පරණ ඒවා ඉවරයක් කරලා අලුත් ඒවා පටන්ගන්න කියලා නියෝග කරන්න බැරිද? අවශ්‍ය පමණට වැඩිය නිලධාරිනුත් ඉන්නවා 3 ගුණයකට වැඩියි. මේක කරන්න බැරිද ?
පැමිණිලි විභාග කරන්න පොලිස් ස්ථාන වලට ගෙනෙන ඉතාමත් වැදගත් ලියකියැවිලි වල පොලිස් නිලධාරින් කරන සටහන් යෙදීම නොකරන්න කියලා පොලිස් නිලධාරින්ට නියෝග කරන්න...!
පොලිස් ස්ථාන ගැන නම් කියන්න දන්නේ නැහැ , නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලනම් සේවකයෝ අවශ්‍ය පමණට වැඩිය තුන් හතර ගුණයක් ඉන්න බව පෙනෙනවා , ඔවුන් උදේ ඇවිත් පොත් අත්සන්කරලා පිටවෙලා යනවා , නැවත හවස ඇවිත් පොත් අත්සන් කරලා නැවත ගෙදර යනවා . සමහර ලිපිගොනු රාක්ක වල ගොඩ ගැහිලා වසර ගණන් තිබෙනවා , අල්ලස් දුන්නොත් , නැතිනම් දන හැදුනුම් කමක් තිබුනොත් පමණි ලිපිගොනු ඉදිරියට යන්නේ , රජයට පුළුවන් විශේෂ කඩා පනින ඒකකයක් ස්ථාපනය කරන්න , පුරව දැනුම් දීමකින් තොරව කාර්යාල වලට ඇවිත් විමර්ශනය කරන්න , අත්සන්කරපු මිනිස්සු කාර්යාලේ ඉන්නවද ? ඒගොල්ල වැඩ කරනවද