මැතිවරණ කටයුතුවලදී බංකොළොත්වූ එජාපය ගොඩගත යුතු මළ සිරුරු වෙනුවට ඔවුන්ට අදාළ නැති වෙනත් මළ සිරුරු ගොඩගනිමින් තම ඡන්ද ප්‍රමාණය වැඩි කරගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා අද (10) ශ්‍රීලනිප මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මහ මැතිවරණය ගැන බුද්ධිමතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා නීතිඥයන් පිරිසක් වෙන වෙනම කළ සමීක්ෂණ අනුව සන්ධානය ආසන් 118ක්, 114 ක් හෝ 112 ක් ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයිද ඩිලාන් පෙරේරා මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොද වෙලාවට බදුල්ලෙන් ඡන්දෙ ඉල්ලන්නේ නෑ මේ පාර ඉල්ලුවානම් බදුල්ලෙන් නියම උත්තරයක් දෙන්න හිටියේ ජනතාව. (බ)
කොතැන ඉඳල කතා කළත් කියල තියෙන්නේ ඇත්ත කියලයි මට හිතෙන්නේ..ගොඩ ගන්නවා නම් කි දාහක් ගොඩ ගන්නද? මේක තනිකකර ඡන්ද කඩා ගන්න කළ දෙයක්..1988-89 කාලේ නැතිවුණ මැරුන අයගේ අම්මල තාත්තල අනිත් අය තවම බලන් ඉන්නවා ඒ අය ගෙදර එනකම්..කතා කළොත් කියන්න ගොඩක් දේවල් තියෙනවා. (බ)
ගණන තවත් වැඩිවෙනවා මාර්ග අනතුරුවලින් මිය යන පුද්ගලයන් නිසා (බ)
තම පක්ෂේ දේශපාලන ප්‍රභූ වරයා හෝ ඔහුගේ පුතා මෙම මිනීමැරුම කිරීමට අණ දුන්නේ නැත්නම් , මිනිය ගොඩ ගැනීම ගැන මෙතරම් කලබල වෙන්න මොකටද ? යුද්දේ දිනලා අච්චර ජනප්‍රිය වෙලා හිටපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමත් ජනාධිපතිවරණය පැරදුන , මෙච්චර දුෂණ වංචා චෝදනා තිබෙන ජනතා අප්‍රසාදයට පත්වුණා හිටපු අැමතිවරුන් මන්ත්‍රී වරුන් ගෙන් සමන්විත සන්ධානය කොහොමද පාර්ලිමේන්තුවේ ආසන 118 ගන්නේ ? ඔබතුමාගේ අාසනෙත් පරාදනේ , මෛත්‍රී ජනාධිපති තුමා සහ පිරිසිදු දේශපාලන චරිත ටිකක් පෙරටු කරගෙන හෙළ උරුමය වැනි ජනතා ප්‍රසාදයට පත් වුන දේශපාලන බලවේග සමග සම්බන්ධව ජනතා අප්‍රසාදයට පත් වුන අය පලවාහැර නැගිටීමට තිබු අවස්ථාව ශ්‍රී ල නි පෙ නැති කර ගත්තා , මගේ වැටහීමේ හැටියට සන්ධානෙට උපරිම ආසන 60 ලැබේවි (බ)
තාම කොන්ඩෙ බැඳපු චීන්නු ලංකාවේ ඉන්න නිසා ඡන්ද ටිකක් ලැබේවි ඔයාලට. (බ)
ඔව් වැඩිය පරණ ඒවා ගොඩ ගන්න එපා. සුරියකන්දේ , බටලන්දේ ඒවත් ඇමිණිලා අවොත් පරීක්ෂණ අවසාන කරන්නම අවුරුදු 20 ක් වත් කල් ගත වේවි. (බ)
මේ සිද්ධිය දේශපාලනිකරණය කරගන්න මෙයාලාට ඕනේ. (ම)
හරියට හරි. තව කොපමණ අපරාධ සිදුව ඇද්ද? (නි)
දේසපාලන අනාථයෝ දැන් උඩු බුරනවා වසර 10 රටේ නිතිය පාලනය කළේ රාජපක්ෂලා ඉතින් කෝමද රට හරිමගට ගන්නේ දැන් හැම කෙනෙකුටම නිදහස තිබෙනවා නැවත ඒ නිදහස අපිට නැතිකරගන්න ඕනි නැහැ ඔය පම්පෝරි නවතගන්න. (බ)
මෙයා කියවනවා විතරයි. කොරන දෙයක් නැහැ. (බ)
මොකද මේ රගර් ගහපු කට්ටියටත් වැඩිය තේ අල්ලපු උදවිය කලබල වෙලා. (ම)
දොනියන්ද කිව්වා නේද තාත්ත අසනීපෙන් කියල , ඔය ඉන්නේ අගේට පුටුවට වෙලා , දැන් බොරු කියන්නේ දුවද , අප්පච්චිද ? (ම)
මියගිය කෙනාගේ මිනියටත් අගෞරව කරවන්න එපා (නි)
18 වෙනිදාටම බලමුකෝ (නි)
සිල්වා, ඔයාගේ වැටහීම හොඳ නිසා වෙන්න ඇති තාමත් බර්ලින් වල ඉන්නේ. නිකන් පිස්සු කියවන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා බලන්න හොඳට ඇස් දෙක ඇරලා. මහින්ද මහත්තයා ප්‍රමුඛ සන්ධානය ආසන 113 වඩා දිනනවා. (නි)
ලැජ්ජාව කියලා දෙයක් සමහරුන්ට නම් ඇත්තෙම නැහැ (නි)
18 වෙනිදායින් පස්සෙම ඕවා ගැන හිතමු (නි)
ඉතින් එහෙම කියලා වළදාපු හැම සිරුරම හාර හාරා ගොඩගන්න කියලද කියන්නේ? (නි)
මෙහෙම ගියොත් මේක කෙළවරක් වෙන එකක් නැහැ (නි)
එහෙනම් අපි ඒ සිරුරුත් ගොඩගනිමු (නි)
ප්‍රියාන්, ඔයා කියන දේවල් හොයන්න 1994 සිට 2015 වෙනතුරුම බලය දීලා තිබුනා. 3/2 පාර්ලිමේන්තු බලයකුත් දීලා තිබුනා. ඉතින් මොනවද හොයාගත්තේ ? (නි)
මාතලේ මිනී වළ ගැනත් හෙව්වා නම් හරි (නි)
අන්තිමට වුණේ ලංකාවට අතිදක්ෂ ක්‍රීඩකයෙකු අහිමිවීමයි (නි)
ප්‍රියාන්, පක්ෂග්‍රාහී නොවී හිතන්න බලන්න. කවුරුත් එකයි. 88/89 මළෙත් අහිංසක කොල්ලෝ. සුදු වෑන් වලින් ගෙනගියෙත් අපේ රටේ කොල්ලෝ. ඔච්චර හාරන්න දෙයක් නැහැ. අහම්බෙන් මාතලේ මතුවුණේ සමුහ මිනීවළක්. (නි)
රිදෙන තරමින් පේනවා වෙලා තියෙන්නේ මොකද්ද කියලා...(අ)
අවුරුදු 17 ක එක්සත් ජාතික පක්ෂ පාලන සමයක සිටි අපිට මිනි වලක් හාරාගෙන මෙයාල මේ පෙන්නන්න හදන ටෙලිය අරුමයක් නෙමෙයි.එදා තරුණයෙකුට වැලලේන්නවත් අවස්තාවක් නොදුන් මොවුන් මේ මිනි වලවල් හාරන්නේ මැරුණු තරුණයාට තියෙන ආදරෙකටද? ඔහුට සාධාරණය ඉෂ්ට කරන්නද? රිය අනතුරකින් මිය ගිය බව සදහන් වුනු මොහුගේ මරණය සැකයක්නම් කිසිදු ඇසින් දුටු හෝ ඔප්පු කල හැකි සාක්ෂියක් නැතුව ඒක ඍජුවම යම් ඉලක්කයකට යොමු කොට මේ හදන්නේ දේශපාලන වාසි සදහා මළමිනී විකිණීමක් කියල නොතේරෙන තොත්ත බබාලා මේ රටේ නැහැ මහත්තුරුනේ.(අ)
ඔබතුමාට අමතක ද රිචඩ් ද සොයිසා නිසා ඔය ගොල්ලෝ ගොඩගිය බව . ඉස්සර ප්‍රගතිශීලී ඔබ මහින්දට කඩේ යනවා පව් . (අ)
ඡන්දෙන් පස්සේ මෙයාගේ ඇම්ම සනීප වෙයි (අ)
එහෙනම් ඒවාත් ගොඩගෙන පරීක්ෂණ කරමු (නි)
පසුගිය ආණ්ඩු කාලේ වළලන්නවත් ඉතුරු නොකළ මළ මිනී හොයාගන්නවත් නැති තත්වයක් තියෙන්නේ. අල්මාරි ඇරලා බැලුවහොත් මිනී ඇටකටු ගොඩගන්න පුළුවන් යුගයක් පසුකරලයි අපි ඇවිල්ලා තියෙන්නේ. " හඳ සාක්ෂි" දුන් මාර්ටින් වික්‍රමසිංහ ශුරින්ගේ කෙටි කතාවේ වගේ තජුඩීන්ගේ ඇටකටුත් ඒ බිහිසුණු යුගය ගැන සාක්ෂි දේවි. අසත්පුරුෂයන්ගේ ජීවත්වන සිරුරු වලට වඩා අපට මේ වීර තරුණයාගේ ඇටකටුත් ගෞරවනීයයි
අනේ මන්දා මෙයාලගේ මේ කතා මොනවද කියලා? (නි)
වැඩිය පරණ ඒවා ගොඩ ගන්න ඕනේ නැහැ , පසුගිය දශකයේ ඒවා පමණක් ගතහොත් , සියයකට වැඩියි , ලසන්ත , එක්නැලිගොඩ , සහ තවමත් හමු නොවූ , සුදු වෑන් වලින් උස්සපුවා (අ)
ඩිලාන් මහතාගේ ජොබ් එක නියමට කරනවා. ජයවේවා. බදුල්ලෙන් චන්දෙ ඉල්ලුවා නම් 25000ක් වැඩි ඡන්ද .අපරාදේ මෙතුමා නැති නිසා බදුල්ල අලියට යනවා. (අ)
ඩිලාන් වැන්නන් ගැන ඇතිවන්නේ අප්පිරියාවක් මොකද ඕනෑම දෙයක් තමන්ගේම වාසියට බලන මේවගේ මිනිස්සු රටට ආදරය කරයිද (බ)
ඔබතුමා නීතිඥයෙක් වෙලත් මේ මල සිරුර ගොඩ ගැනීම ගැන උපහාසයෙන් කතා කිරීම වැරදියි . කෙනෙකුගේ විපතක් තම දේශපාලන කටයුතු වලට ඈඳා ගැනීමට තරම් පහත තත්වයකට වැටීම ගැන කනගාටුයි . (අ)
අනේ වැදගත් මිනිහෙක් කියන කතා දාන්නකෝ ඡන්දෙන් එන්න බැරිනිසා ජාතික ලැයිතුවට රිගාගෙන දවල්ට මෛත්‍රීට රෑට මහින්දට කඩේ යන ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් අනුන්ට මඩගහනවා (අ)
අපි 18 බලමු. දැන් දඟලන්න එපා. (නි)
මොකද මේ කට්ටිය බයවෙලා? ඒවත් ගනී. හදිසි වෙන්න එපා දැන්මම (නි)
පුදුම බයක්නෙ තියෙන්නෙ මෙයාලට (නි)
ඒ කාලේ යට ගහපුවා දැන් තමා එළියට එන්නේ. ඔය වගේ තව කීයක් නම් යටගහලා ඇද්ද? (නි)
දැන් ඕවා ගොඩගෙන මොනවා කරන්නද? (නි)
ඇත්ත තමයි. (නි)
දැන් මේවා අමතක කරලා දාමු අපි (නි)
කවුරු කළත් වරදට දඬුවම් දෙන්න ඕනෑ. එය ඔබත් පිළිගත යුතුයි (නි)
අනේ සෑම් මහත්තයෝ, ඔයා එජාපයට කඩේ ගියාට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඇත්ත එ්කයි. මළමිනී උඩින් තමයි හැමදාමත් එජාපය ගියේ. අපිට මතකයිනේ 88-89 බටලන්ද. (බ)
ඔබතුමා කියලා කියන එකත් ඔබතුමන්ලාට අපහාසයක් (බ)
ඇයි එතකොට ආණ්ඩුව මේක ගොඩගන්නේ දේශපාලනයට නෙවේ දේවාලේ බාරයක් ඔප්පු කරන්ට වෙන්ටැති. සෑම් හොරුත් එක්ක හෙළුවෙන් (බ)
ඔය හොර සන්ධාන නඩයට මිනිස්සු ඡන්දෙ දෙන්නේ.මොන සමීක්ෂණ කළත් දිනන්නේ රනිල්. (බ)
ලලින්දර. සැම්සන් ඔය ප්‍රශ්නේද දැන් තියන ලොකුම ප්‍රශ්නය ? (බ)