පාදයේ ඇති තුවාලයක් සුවකර ගැනීමට ඉබ්බාගමුවේ නගරයේ බටහිර බෙහෙත් අලෙවිහලකින් ඉල්ලාගත් බෙහෙත් පෙත්තක් බිව් ඉබ්බාගමුවේ කරණවෑමියකු විනාඩි 10ක් ඇතුළත මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
බෙහෙත් පෙත්ත ගැනීමෙන් පසු ඔහුගේ මුළු සිරුරම ගැහෙන්නට පටන් ගත් බවත් ඒ සමග ඇද වැටුණ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
බෙහෙත් හල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ මා වැඩකරන්නේත් බෙහෙත් ගබඩාවක. අපිට ලෙඩක් හැදුනොත් අපි යන්නේ වෛද්‍යවරයා ලඟට. ඔහු නිර්දේශ කරන බෙහෙත කොම්පියුටරය මගින් ඔහුම මෙඩි සෙන්ටර් එකට යැව්වාම අපේ නම කතාකලාම කවුන්ටරයෙන් බෙහෙත ලැබෙනවා නියමිත මාත්‍රාව සමග. එහෙම නැතිව නීතියෙන් බැදිලා සිටින කිසිම ෆාමසියක වැඩ කරන කෙනෙකුගෙන් බෙහෙත් පෙත්තක් ලැබෙනවා බොරුයි. කිසිවෙක් ඉල්ලන්න, අහන්න, ගියොත් කරන්නේ පොලිසියට කෝල් කිරීමයි. ඒ නිසා මිනිසුන් කව්රුත් බයයි නීතියට. (නදී)
රූපවති අක්කට කේන්ති ගිහිල්ලා වගේනෙ.කේන්ති ගන්න මම යමක් කිව්වේ නැහැනේ. මට පේන විදියට අක්කා බෙහෙත් ගන්න යන්නේ නිකන් බෙහෙත් දෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට වගෙයි. අක්කා කලින්ම කිව්වා නම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන්නේ කියලා මම අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැහැනේ. එ්වායිත් අක්කා කියන විදියට තමයි බෙහෙත් දෙන්නේ. ඉස්පිරිතාලවල දොස්තර මහතා නිර්දේශ කරන බෙහෙත අක්කා කියන මෙඩි සෙන්ටර් එකට යන්නේ කොම්පියුටර් මාර්ගයෙන් තමයි. මම යන්නේ පෞද්ගලික දොස්තර කෙනෙක් ලගට. ඒ දොස්තර මහත්මයා නම් බෙහෙත කොලේක ලියලා සීල් එක ගහලා දෙනවා කැමති ෆාමසියකින් ගන්න කියලා. මම හරි කැමතියි අක්කා ජීවත් වෙන රට මොකද්ද කියලා දැනගන්න. කැමති නම් කියන්න. (නදී)
ලංකාවට යනවා නම් සංචාරකයින්ට කියල තියෙන්නේ කිසිම දෙයක් ගෙනියන්ට අවශ්‍ය නැහැ. කිසිම එන්නතක් අවශ්‍යත් නැහැ. නමුත් ඔබේ සුපුරුදු බෙහෙත් වට්ටෝරුව පමණක් මෙහෙන් අරන් යන්න කියලා. (නදී)
අනේ, රූපවතියෝ උඹ ඉල්ලන් කෑව නේද? (නදී)
වෙලාව ආවම යන්න ඕනේ. මොන බෙහෙත් බිවවත් වැඩක් නැහැ (නදී) ...
රූපවති මහත්මියගේ අදහස ඉතා අගය කරනවා. මොන තරම් අපි නොදන්නා නවීන ආරක්ෂාකාරී ක්‍රමවේදයන් භාවිතා කරනවද දියුණු රටවල. අපිව දැනුවත් කරාට බොහොම ස්තුතියි. (නදී)
මේක කිසිම වග කීමක් නැති ගොඩ වෙද්දු වගේම කේන්දර කාරයන්, නැකතියන් කියන මනස්ගාත ඉහලින්ම පිළිගන්න රටක්. කොටින්ම කියනවා නම් ඉහලම ඉන්න ලොක්කොත් වැඩ කරන්නේ උන්ගේ උපදෙස් අනුවයි කියනවනේ. ගරු බාබර්තුමාගේ අපවත්වීම ගැන අපගේ බලවත් ශෝකය පල කරමු! (නදී)
සුදුසුකම් තියන අය අරගෙන ගෙවන්න සල්ලි කෝ? (නදී)
මමත් ටානියගේ අදහස අනුමත කරනවා. මම ඉන්නේ ඩුබායි වල. මෙහෙත් දොස්තරගේ බෙහෙත් තුණ්ඩුව අරගෙන ගියාම ඕනෙම ෆාමසියකින් බෙහෙත් ගන්න පුළුවන්. සමහරවිට රූපවති කියන විදියට බෙහෙත් දෙනවා ඇති පුද්ගලික රෝහල්වල. එයාලගෙන්ම බෙහෙත් ගන්න ඕනේ තැන්වල. එ්ත් අපිට ෆාමසියකින් අවශ්‍ය විස්තරයක් අහගන්න බැරිවෙන්න හේතුවක් නෑ. (නදී)
මේ හිඟන රටේ සුදුසුකම් තියන අය අරගෙන ගෙවන්න සල්ලි කෝ, ඔක්කොම දේසපාලුවෝ කනවා නේ, ඒ අස්සේ රටේ ප්‍රශ්ණ අමතක වෙන්න බල සේනාත් හදල, මේ වගේ රටවල උපදින්න කොච්චර පව් කරන්න ඕනද, තාමත් කවූරුත් පාමසි මනුස්සයට බැනල නෑ, දොස්තර මහත්තයෙක් කරා නම් අම්ම තාත්ත මතක් කරලා, කුහක රටට හරියන් නෑ. (අ)
රුපවති අක්කේ පිටරට ඉන්න දොස්තරලා තීරණය කරන්නේ නැහැ ලෙඩ්ඩු බෙහෙත් ගන්න ඕනේ මොන ෆාමසියෙන්ද කියලා.දොස්තරට තියෙන්නේ නියමිත පත්‍රිකාවක බෙහෙත ලියලා දෙන එක විතරයි.අපේ තේරීම අනුවයි අපිට ඕන ෆාමසියට යන්නේ.ලංකාවේ වගේ දොස්තරලට අයිති ෆාමසි නැහැ පිටරවල්වල, ඒ ෆාමසියෙන්ම බෙහෙත් ගන්න කියන්න.අනිත් එක තමයි බෙහෙතක් ඉල්ලුවයි කියලා පොලිසියට කෝල් කරන ෆාමසි තියෙන රටක් ගැන මගේ ජිවිතයට අහලා නැහැ.බෙහෙත ගැනීමට වෛද්‍යවරයෙකුගේ අනුමැතිය අවශ්‍ය නම්, ඒ පිලිබදව අපව දැනුවත් කිරීමක් පමණයි ෆාමසිය මගින් සිදු කරන්නේ.අප සියලු දෙනාගේ දැනගැනීම සදහා, ඔබ කියනා ඔවැනි පොලිසිට කෝල් කරන ෆාමසි ඇත්තේ මොන රටේ දැයි සදහන් කරන්න. (අ)
ටානිය සොයුරි ජීවත්වෙන රටේ නීතිය මෙහෙට වැදගත් නැහැ..මා සිංහලෙන් අකුරු කලේ ටානියට කියවල වැරදි මානසිකත්වය නිවැරදිව තේරුම් ගන්න ..මේ රටේ රජයේ රෝහලකට ගියත් ..එම රෝහල් කවුන්ටරයෙන් ..අපේ නම කියවා කතාකොට අපිට දොස්තර නියම කල බෙහෙත් මාත්‍රාව ලැබෙනවා. ප්‍රයිවෙට් ගියත් එකාරයෙන්ම අපිට නම කතාකර දොස්තර මහතා නියම කල බෙහෙත කවුන්ටර් පාමසියට ගෙවුවාම ලැබෙනවා..?මේ ටික කියවල දෙන්න මොන්ටිසෝරි යවන්න ඕන තරමට මේ මිනිසුන් මනසින් කුඩාවෙලා..? බිංදුවෙන් නැගිටලා ටිකක් එහාට දුවන්න පුරුදුවෙන්න..?(අ)
අපිටත් පුළුවන් ෆාර්මසියෙන් දොස්තරමතාගෙන් ලබාගත් තුන්ඩුව ඉදිරිපත් කරලා බෙහෙත් ගන්න ඕනෑම වෙලාවක, එත් පර්මසි කාරයට කියල බෙහෙත් තුන්ඩු නැතිව ඒ මිනිසා කිසිම බෙහෙතක් දෙන්නේ නැහැ .අපේ රටේ වගේ අපේ රටේ..පිළිකා රෝගීන්ට දෙන අාදි වේදනා නාශක . "ඩ්‍රග්ස්" හෙරොයින් , කොකේන්, වගේ දේවලුත් ඕනෙම පුද්ගලයෙකුට ෆාර්මසියෙන් ලබාගන්න පුළුවන් බව ප්‍රචලිතයි ...? (ස)
මැදපෙරදිග රටවල උණට හෙම්බිරිස්සාවකට බෙහෙත් සැලකින් බෙහෙතක් ගන්න බැහැ වෙදමහතකුගේ අවසරයකින් තොරව. එ්කට අපේ රටේ බෙහෙත් සැල්. (නදී)
නීතිය හැමෝටම සදාරනව ඉටු වෙන දවසක රට හැදෙයි .එතකම් ඔයවගේ දේවල් අනන්තවත් සිදුවෙනවා .තව අවුරුදු සිය ගණනක් බලාගෙන ඉම්මු .(අ)
ටානියා, ඔයා මෝඩයෙක් උනාට මට ඔයාට මොලේ දෙන්න බැහැ. අපි යන්නේ කොතනටද බෙහෙත් ගන්න එම ස්තානේ බෙහෙත් කවුන්ටරයට දොස්තර මහතා අපිට නිර්දේශ කල බෙහෙතේ තුණ්ඩුව කවුන්ටරයට යැව්වාමයි අපිට බෙහෙත ලැබෙන්නේ එම කවුන්ටරයෙන්. එයා තීරණය කරන්නේ නැහැ ලංකාවේ වගේ කොයි පාර්මසියෙන්ද බෙහෙත් ගන්නේ කියලා. ඔයාල ලංකාවේ ඇතැම් දොස්තරලා වගේම හිතන්න පුරුදුවෙලා නේද (නදී)
මම මීට පෙරදිනක මෙම බෙහෙත් ගැන දැනුම් දුන්නා රජයේ අනුමැති නැති හෝ දොස්තර මහත්තයෙක්ගේ නිගමනයක් නැතුව බෙහෙත් වීකිනීම දඩුවම් ලැබිය යුතු වරදකි. (අ)
ටානියා සොයුරිය ඔයාගේ මොලේ දොදොල් වෙලානම් මට කරන්න දෙයක් නැහැ. ලංකාවේ මිනිසුන් සිතන්නෙම කණපිට පැත්ත. බුද්ධිමත්ව සිතන්නේ තීරණ ගන්නේ ඉතාමත් අඩු පිරිසක්. අපි බෙහෙත් ගන්න යන්නේ කොහාටද එම ස්තානේ වෛද්‍යවරයා රජයේ හෝ පෞද්ගලික වේවා වැඩ කරන්නේ මේ ආකාරයෙන්. අපිට තුණ්ඩුව ගෙනියන්න දෙන්නේ නැහැ කවුන්ටරයට. මේ මා සිටින රටේ නීති ක්‍රමය මා පැහැදිලි කලේ රටින් රටට වෙනස් නීති මාලාවක් ලෝකේ හැම රටකම එක හා සමාන නීතියෙන් කටයුතු කරන්නේ නැහැ. අපේ රටෙත් මේ ප්‍රශ්ණය උග්‍රවෙලා දැන් නීති ගෙන එන්න කාලය ඇවිත්. එයින් ප්‍රතිවිපාක විදින්නේ අසරණ මහජනයා. අපේ රටෙත් මේ විදේශ රට වල වගේ දැඩි නීති දැමුවොත් මිනිසුන් නීතියට ගරු කරලා වැඩ කරාවි. එදාට ඔයාල ජීවත් වෙලා සිටියොත් මතක් වේවි. දවසක් ලංකාදීප පාඨකයෙකුත් තර්ක කළා මේ ක්‍රමය ගැන කියලා (නදී)
බෙහෙත් පෙත්තක් බිව්වා කියල මැරෙන්නේ නැ. එම පෙත්ත දොස්තර උනත් ලියල දෙයි. මේ දුර්ලභ අසාත්මික තාවක් වෙන්න ඕන . (ස)
රෝගියාට අසාත්මිකතාවයක් තිබුනා කියමු. වෛද්‍යවරු ඒ ගැන දන්නා නිසා බෙහෙත ලිවීමට පෙර රෝගියාගෙන් එවැනි තත්ත්ව ගැන අසා දැනගෙනයි එවැනි බෙහෙත් ලියන්නේ. ෆාමසියේ සුදුසුකම් ලැබූ කෙනෙක් සිටියා නම් මෙම මරණය වළක්වාගන්න තිබුනා. මම දන්නා පරිදි රාජ්‍ය ඔසුසැල් වල වැඩකරන සේවකයින් එවැනි බෙහෙත් දීමට පෙර රෝගියාගෙන් එවැනි අසාත්මික තත්ව ගැන විමසනවා. (නි)
කලින් වෛද්‍යවරියක් බම්බලපිටියේ මැරුනේත් මේ වගේ අසාත්මිකතාවකින් නේද? ඒ වෙලාවේ ඒ දොස්තර මහත්තයට පත්තර වලින් කොච්චර මඩ ගැහුවාද. කලින් අසාත්මික බවක් නැති ලෙඩුන් මේ විදියට බොහොම කලාතුරකින් මරනයට පත්වීම සිදුවෙනවා. මම ඇමෙරිකාවේ ඉන්නේ. මේ වගේ දේවල් වුනාම පොලිසියට කිසිම දොස්තර කෙනෙක් මෙහේ නම් පොලිස් අත් අඩංගුවට ගන්නේ නැහැ. මේ රට දියුණු වෙන්න මිනිසුන්ගේ අධ්‍යාපන තත්වය දියුනු වෙන්න ඕනෑ (නදී)
මෙවැනි දේවල් වෙන එක නවත්වන්න අමාරුයි.ඔක්කොටම ඉස්සල්ලා කරන්න ඕනේ සුදුසුකම් නැතුව බෙහෙත් විකුණන ෆාමසි කාරයෝ අල්ල ගන්න එක. මේ අය හිතන්නේ ඒ ගොල්ලෝ දොස්තරලටත් වැඩිය දන්නවා කියලා. (නදී)
ඉල්ලන් කනවා කියන්නේ ඕකට.(හේ)
මොකක්හරි ලොකු අසාත්මිකතාවයක් වෙන්න ඇති (නි)
දොස්තර කෙනෙක් බෙහෙත් ලබාදෙන්නේ ලෙඩාගෙන් බොහෝ ප්‍රශ්න අසා බෙහෙත පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසුවයි. (නි)
දොස්තර මහත්තයෙක්ගේ අතින් වුණා කිව්වා නම් කුණු හබ්බ විතරයි, කමෙන්ට්ස් සැහෙන්න වැටිලත් එක්ක, කුහක රටක්, කරනවෑමිය ගැන දුකක් නෑ, මට හිතෙන්නෙම මේවගේ කුහක රටවල් කොහොම දියුනු කරන්නද, ඕනෑම පාමසි එකක් මෙහෙම බෙහෙත් දෙනවා, කෝ නීතිය, මම ඉන්නේ ඇමෙරිකාවේ එහෙ නම් ඩොක්ට කෙනෙක්ටවත් තුන්ඩුවක් නැතුව බෙහෙත් ගන්න බැ, එහෙම කමෙන්ට් දාලත් නැ කවුරුත්, පාමසියෙ නමවත් දාල නෑ .(අ)
වෛද්‍යවරයෙක් ලඟට ගියා නම් ප්‍රතිකාරයට පෙර තුවාල ඇතිවීමට හේතුව පිළිබඳව රෝග විනිශ්චයක් කරලා සමහරවිට ලේ පරික්ෂාවකුත් කරන්න නියම කරලා තුවාලෙට බෙහෙත් දාල බොන බෙහෙත් නියම කරන්නේ අවශ්‍ය නම් පමණයි. ගොඩ වෙදකම් කරගත්තහම අවදානම තමාටම භාර ගන්න වෙනවා. (නදී)
මේක අපේ සමාජ ප්‍රශ්නයක් කොයිතරම් නීති දැම්මත් ඕනෑම කෙනෙකුට "කඩේ මුදලාලි " හරි " පත්තර බෙදන කෙනා හරි " එහෙම නැත්නම් "පාසලේ ගුරුවරයෙක් " හරි දොස්තරවෙලා "නියම කරන " බෙහෙත අරගෙන බොන්න පුළුවන් මේකේ විදියට බීල මැරෙන්නත් පුළුවන් .අනික හුඟක් පාමසිවල සුදුසුකම් තියන අය නැහැ ඉන්නේ පළපුරුද්දට බෙහෙත් දෙන අය .එයාලව පුහුණු කරන්නත් රටේ වැඩපිළිවෙලක් නැහැ .මේ බෙහෙත අනිවාර්යයෙන්ම මෙයට ආසාත්මික වෙන්න ඇති(අ)
කෙවින් මහත්තයාගේ කතාව හරි. ලියන්න කියවන්න කතාකරන්න පුළුවන් වීම අධ්‍යාපනයේ දියුණුව නොවෙයි. (නදී)
රූපවතී අක්කාගේ අදහස් තොදොල් බසින් නොමැතිව නියම සිංහල වලින් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න. (නි)
ලංකාවේ ෆාමසි නමින් ඇති බොහෝ තැන්වල බෙහෙත් ගැන දන්නා සහතිකලත් ඖෂධ සංයෝජකවරු නොමැත.බෙහෙතක නම කියවීමටවත් බැරි අයයි බෙහෙත් දෙන්නේ. සමහර තැන්වල නිසිපරිදි ගබඩාකර නොමැත. ගතයුතු මාත්‍රාව දන්නේ නැත. (නි)
ඇත්තට රුපවති අක්කේ අපිටත් කියන්නකෝ ඔය පාමසියට එන ලෙඩ්ඩු අල්ලන්න එන පොලෝසිය තියෙන්නේ මොන රටේද කියලා. (නදී)