හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (5) අලුයම 5 ට පමණ රක්වාන ශ්‍රී නාගබෝධි දේවාලයට හදිසියේ පැමිණ සමන් දෙවියන් ඉදිරිපිට දේවාශිර්වාද පූජවකට එක්විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දේවාලයේ භාරකරු පමණක් එහි දොරවල් වසා දමා පැය භාගයක පමණ කාලයක් දේව පූජාවකට සහභාගී වූහ.
අනාවැකි කීමේ ප්‍රසිද්ධියක් උසුලන මෙම දේවාලයට මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද විවිධ මැති ඇමැතිවරුද පැමිණ පූජා පවත්වා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයට ඉතින් කොහොමත් දේවාල වල ඉන්න දෙවිවරු තමයි නිතරම පිහිට. (නි)
කළගුණ නොදත් මිනිසුන්! (නි)
පව් කියලත් හිතෙනවා (නි)
පවු! අන්තිමේදී ඔහුට දෙවි පිහිට පමණයි ඉතුරුවුණේ (නි)
නිවැරදි මිනිස්සුත් වැරදිකරුවන් කරන ලෝකයක් මේක. (නි)
රාජපක්ෂලාට දොස් කියන්න ගොඩාක් හේතු තියෙනවා. පක්ෂග්‍රාහීබව නිසා අපේ මිනිසුන්ට කරපු වින, රටට කරපු වින අමතක කරන්න පුලුවන්ද? යුද්ධය දිනු පමණින් ඕනෑම දෙයක් කරන්න දෙන්න පුලුවන්ද? කවදද අපි පක්ෂග්‍රාහීබව අමතක කරලා අපේ මිනිස්සු ගැන හිතන්න පුරුදු වෙන්නේ? කවදාද අපි වහල් විදිහට හිතන්නේ නැතුව ස්වාධීනව හිතන්න පුරුදු වෙන්නේ? (නි)
ඇමෙරිකානුවන්ට රට අල්ලා ගැනීමට දෙවියන් උදව් කල බව ඔවුන්ගේ මතයයි.එනිසා සෑම වසරකම ඔවුන්ගේ පල්ලිවල පුද පූජා පවත්වා දෙවියන්ට ඉස්තුති කරනවා. අපේ රටේ ප්‍රභාකරන් ජය පතා නොයෙකුත් බිලි පූජා ඔවුන්ගේ දෙවියන් වෙනුවෙන් පවත්වා තිබෙනවා.මගේ මතය දේවාශිර්වාදය හොද දේට ලැබෙන බවයි. මෙතුමා කලේ තම රට ත්‍රස්ත වාදයෙන් මුදා ගැනීමයි.නමුත් අද ඔහු නීතිය හමුවේ අසරණනම් දෙවියන්ට නොකියා වෙන කාට කියන්නද? (අ)
ඔබ තුමා යුග පුරුෂයෙක් . ජය වේවා !
අපිට නිදහස උරුම කරදුන් ඔබව දෙවියන් රැකගනු ඇත . (අ)
කුමාර්, ඔබ සමහරවිට ගොඩ සුද්දෙක් වෙන්නට පුළුවන්.ලංකාවේ අය බුද්ධාගම හැරුණු විට දේවාල කරාත් යනවා.ඒක ඇත්තක්. ඉන් සමහරක් අය ඔබගේ ආගමට අයත් දෙවිවරු ළඟටත් යනවා,ආශිර්වාද ලබා ගන්නට. එතැනදී නොදැනුවත්වම ආගමික සහජීවනයද ඇතිවෙනවා. ශ්‍රද්ධාවෙන් සජ්ජායනය කරන පිරිත් නුලක් අතේ බැඳ ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල නුඹ වැන්නකුට විස්තර කිරීමෙන් ඵලක් නැත.කරුණු කාරණා හොඳින් තේරුම්ගත් දිනක,ඒ සම්බන්ධව නුඹට වැටහේවි (නි)
ඔබ සදධරණ නම් බය නොවන්න. ඔබේ ඒකාදිපති බලය රටේ අහිංසක ජනතාවට දැඩි පීඩනකාරී එකක් වුණ බවද අමතක නොකරන්න. සියල්ලට යහ පාලනයෙන් පිළිතුරු ලබාවි. (අ)
සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ පිනට ඉපදුනු කෙනෙක් ගෝඨා. ඔහු නොහිටින්නට අපි තාමත් කොටින්ගෙන් මැරුම් කනවා. රටෙනුත් කොටසක් කොටි අල්ලාගෙන ඉවරයි. පටු දේශපාලනය නිසා මේ ඇත්ත අමතක වෙනවා සමහරුන්ට.ගෝඨාට සියලු දෙවි රැකවරණයි! (නි)
මොහු යුද්ධය නිමාකිරීමට විශාල මෙහෙවරක් කළ බව ඇත්ත.එය නැහැ කීමට කාටවත් බැහැ නමුත් මොහුගේ සමහර ක්‍රියාකලාපයන් බොහෝ බුද්ධිමත් ජනතාව අනුමත නොකරති.යුද්ධය දිනුවාසේ අනෙකුත් දේවලුත් සමබරව තියාගත්තා නම් මොහු උතුම් මිනිසෙකි.තරාදියේ දෙපැත්තක් තිබෙන බව මෙහි අදහස් දමන සමහර අයට මතක්කරදීමට සිදුව තිබේ. (නි)
දහම්,ඔබ මා කොපමණ දුක්වුණත් පලක් නොවනු ඇත. අප සිංහලුන්ට යමක් වැටහෙන්න මුළු ජීවිත කාලයම වැයකළත් බැරිය. සීපා ගිවිසුම,ඉන්දියාව යාකරන පාලමට අප කොපමණ විරුද්ධ වුවද එයත් ඵලක් නැත.අප රටට වන විපත ගැන සිතා ගැනීමටවත් වෙලාවක් අපිට නැත. ඉන්දියන් සයුරේ මුතු ඇටය අපිට කල්පයකින්වත් මතුකර ගන්න නොලැබෙනු ඇත. (නි)
නිර්මල, ඔබ කියලා තියන දෙය හරියටම හරි. රාජපක්ෂලා සහ ඔවුන්ගේ පාක්ෂිකයින් මගේ රැකියාව අහිමිකර මගේ නෛතික අයිතිවාසිකමක් වු විශ්‍රාමය පවා වළක්වපු එකට මමවත්, මගේ දරුවන්වත්, ඥාතින්වත්, මගේ හිතවතුන්වත්, මා දන්නා කියන කිසිම කෙනෙක්වත් කිසිම දිනක සමාව දෙන්නෙ නැහැ. ඡන්දය දෙන්නෙත් නැහැ. (නි)
රුපවතී, දන්නේ නැති බහුබූත දොඩන්නේ නැතුව ඉන්න. (බ)
සුනිල්,ඔයා ඇත්තටම මොනවද දන්නේ? කියලා දෙන්න බලන්න මට. (නි)
කල වැරදි දන්නා නිසා , කෙසේ හෝ දෙවියන්ගෙන් වත් සහනයක් උදව්වක් බලා පොරොත්තු වෙනවා , යුද්ධය මුවාවෙන් සහ පශ්චාත් යුද්ධයේ නාමයෙන් කළ ඇති විශාල දුෂණ වංචා නිසා ඇති බය , දෙවියන්වත් උදව් කාරවිද මෙහෙව් අයට (ම)
මේ රටේ වැඩක් කළ මිනිසුන්ට අන්තිමට ඉතිරි වෙන්නේ දෙවියන්ගේ පිහිට තමා මහත්තයෝ.. (ම)
නිර්මල. චිනය නැතිනම් යුද්ධය දිනන්නේ නැතයි අද මාධ්‍යට දී ඇති ෆොන්සේකාගේ ප්‍රකාශය දැක්කේ නැද්ද? (ම)
අනුන්ට දෙවියන් සිහිවෙන වැඩ කළොත් තමන්ටත් එවැනි දවසක් එන බව මතක තියාගන්න එක හොඳා.(ම)
දෙවියන් ඔබ සමඟයි ....! (නි)
ගෝඨාභය මහතාට සාධාරණයක් ඉටුවේවා! (නි)
ගෝඨාභය කරපු හැමදේම වැරදියි කියන්නෙ නෑ. නමුත් කරපු වැරදි වලට දෙවියන්ගෙන්වත් සමාවක් ලැබෙන එකක් නෑ. (අ)
ඇත්ත චූලා, කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒක තමයි (නි)
ඇත්තටම මෙතුමාව සමච්චලයට ලක් විය යුතු නොවේ. (බ)
දැන් තැන දැන ගත්තනේ ලංකාවේ නන්දෙසින් බත් කන හරක් පෝලිමේ යන්න පටන් ගනීවි (බ)
තනිකරම දේව බලයෙන් දුවන රටක්. "බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි" ගීතය මතක් වුනා. (බ)
වැරදී නොකළානම් බයවෙන්න දෙයක් නෑ ...(බ)
ඇත්ත. එතුමාට දෙවියන් සිහිවෙන්න ඕනෑ, මේ වගේ කළගුණ නොදත් ජාතියක මරබිය දුරුකළ වරදට.මේ සිදුවන දේ ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක වෙන්න ඇති යහපාලනය. (නි)
දේව විනිශ්චයක් ලැබේවි (ම)
දෑසට පෙනෙන ඇසෙන මිනිසාට කළගුණ අමතක වෙන කොට ..දෑසට නොපෙනෙන දෙවියන් ඇදහීමේ කිසිම වරදක් නොමැත ..! මේ මිනිසා අප ඇදහිය යුත්තේ දෑසට පෙනෙන තවත් එක් මිහිපිට දෙවියකු ලෙසයි. ඒ මන්ද ඒ මිනිසා නිසාවෙන් අද අපිට අනාගත දරුවන්ට අපේ අනාගතේ ගැන බලාපොරොත්තු සිහින දැකිය හැකි වාතාවරණයක් රටතුළ ගොඩ නගා ඇත මේ මිනිසාගේ ශක්තියෙන්...! සියල්ල මොහොතින් අමතක වෙන මිනිසුනේ ආපසු හැරී බලනු මැන..යටගියාව දෙස ..? (ම)
මිත්‍යා විශ්වාස පිළිබදව තවමත් මේ අයට තේරී නැති බවයි පෙනෙන්නෙ.(ම)
සමහරවිට බාරයක් ඔප්පු කරන්න යන්න ඇති. අනික කිසිකෙනෙක් මෙතුමා කළ හොඳ දේවල් වලට වැරදි කියන්නේ නැහැ. වැරදි කරලා තියෙනවා නම් ඒවාට හොඳයි කියන්නත් බැහැ. (නි)
කළගුණ නොදත් මිනිසුන් වැඩිපුර සිටින මේ රටේ අය රාජපක්ෂලාට දොස් නැඟීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
කොහොම කිවුවත් කළකම් පළදීම දෙවියන්ටවත් නවත්වන්න බැහැ (නි)
සුමනදාසගේ අනාවැකි වගේ එකක්ද දන්නෙ නැහැ (නි)
ගෝඨාගේ අගය දැනෙනවිට පෙරහැර ගිහින් හමාරයි. (නි)