(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ලෙස ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහු සතුව ඇති විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැදුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර් මස 02 , 03 සහ 04 සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 30) තීන්දු කළේය.
දේශපාලනමය වැදගත්කමකින් යුත් කරුණක් ලෙස සලකමින් මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කල ඉල්ලීමක් සලකා බලමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අධිකරණය නියම කළේය.
ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 02 වනදා සලකා බැලීමට දින නියම කෙරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කියනවා ලබන සතියේ ගෝඨාභය මහත්තයා ජනාධිපති තරඟයෙන් ඉවත්වෙන්නත් ඉඩ තියෙනවා කියල. ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කරන ලෙස නායක ස්වාමින්වහන්සේලා පිරිසක් විසින් ලිඛිතව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවත් කියනවා.අනේ මන්දා?
එකකට එකක් පසුව එන මෙවැනි බොරු නඩු නිසා මේ මනුස්සයට මෙතරම් යහපාලනය බය මොකද කියලා හිතෙන්නේ මට විතරද...?
ගෝඨාභය මහත්මයාණනි, වියතුන්ට පාඩමක් උගන්වන්න ඔබතුමා අැමෙරිකානු පුරවැසි බව අයින් කර ගත්තා පමණක් නොව ඔබේ පවුලත් ලංකාවට ගෙන්නලා පෙන්විය යුතු බව දේශප්‍රේමි අපගේ බලාපොරොත්තුවයි...
ඩොලර් කාක්කන්ගේ තවත් උත්සාහයක්.
ඒ කොහොමද සිරිලියට වාසනාව?... හැඳුනුම්පතක් ගදාගන්නද? නැත්නම් මැණික් මල්ලක්වත් පහළ වෙන්නද?
මැච් එක ගහන්නේ නැතුව පිච් එකට වතුර දාන්න හදන්නේ...
ගෝඨාභය මහත්තයාට ඇයි මේ තරම් යහපාලන නඩය භය... හරිම ලැජ්ජයි. බොරු නඩු කීයක් පටලවන්න හැදුවද මේ ටික කාලයට...
එක ඇමතිවරයෙක් කියල තිබුණා ලබන සතියේ වාරණ නියෝගය ගන්නවා කියලා. තීන්දුව දෙන්න ඉස්සෙල්ලා තීන්දුව ඒ ඇමතිවරයා දන්නවා. උසාවියේ ස්වාධීනත්වය හොඳට පේනවා.
පක්ෂයට ද්‍රෝහී වෙලා ලේකම් වෙලා හිටපු අය යූ.එන්.පී.එකට ගිහිල්ලා ඡන්දේ ඉල්ලුවහම, ඔහුට ශ්‍රී ලංකා කාරයෙක් කියලා කියන්න පුලුවන්ද? පක්ෂේ සභාපතිකම දාලා මහින්ද මහත්තයා ගෙදර යන්නේ නැතිව පක්ෂේ සභාපති හැටියටම හිටියනම් මෛත්‍රි පාල මහත්තයට අද යන එනමං නැහැ, යූ.එන්.පී.එකත් නැහැ, ශ්‍රී ලංකා එකත් නැහැ . දෙගොල්ලම එකතු වෙලා මෙලහකට ගෙදර යවලා. ඔය ඔක්කොම ශ්‍රී ලංකා කාරයෝ මහින්ද මහත්තය නිසා පාර්ලිමේන්තුවට ආපු අය. නිකන් සෝබන කතා එපා. අපි මැරිලා ඉපදිලා නැහැනේ. අපහු එකතු වෙනවානම් දෙන් නැති අස්වීම් ලිපි ජේ.ආර් වගේ ගන්න ඕනේ. නැතිනම් ඔය පාවාදීම ආපහු කරනවා.
ඔය කියන ඩොලර් කාක්කා ප්‍රංශයේ විදේශ තානාපති කාර්යාලයක රියදුරු කෙනෙක් හැටියට වැඩ කරලා රැකියාවෙන් නෙරපපු කෙනෙක්. එයාට තව ගොඩක් කේස් රුසියාවෙයි ප්රන්ශෙයි තියනවා. කලක් කොටි සංවිධානේ සමග ජිනීවා ගිහින් රට පාවලා දුන්නා. තාමත් කරන්නේ රට පාවා දීලා මුදලට කඩේ යන එක.
පුදුම බයක් තියෙන්නේ ගෝඨාභය මහත්තයට. කොහොම හරි අංචියක් අදින්නයි බලන්නේ...
පරාජයට බියෙන් ඉතා පහත් වැඩ කරන බය ගුල්ලන් ඩොලර් කාක්කන් හරහා මෙම බංකොලොත් ආණ්ඩුව කරන්න හදන්නේ රටේ විශාල කලබලයක් ඇතිකරන්න.
ඔවුන් දන්නවා ඇත්තටම වංචාවක් කළා කියලා... ඒ නිසා තමයි දැන්මම චමල් රාජපක්ෂව සූදානම් කරන් ඉන්න හදන්නේ..., එක අතකට බැලුවාම අත්වල ලේ තැවරුණු අයට වඩා චමල් හොඳයි... වැදගත් මහත්මයෙක්..
හොඳටම බයවෙලා වගේ!
මේකෙනුත් රිංගලා යන්න බය... ගෝඨා මොන සෙල්ලම් දායිද දන්නේ නෑ...