( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා අද ( 02 ) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ආගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේය.
2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කල බවද එහිදී ඊට පෙර දෙපාර්තමේන්තුව පැවති කිසිදු ලියැවිල්ලක් විනාශ නොකළ බවද ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ 2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට දැනගන්නට ලැබෙන බවත් , ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශනනොකරන බවද හෙතෙම කියා සිටියේය
ඊට පිළිතුරු කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත් , ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති බවද කියා සිටියේය.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සලකා බැලේ.
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක,රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දවස්වල කච්චේරි එහෙම කොච්චර ගිනිගත්තාද? ඔය ආගමනේ ගිනි ගත්තේ නැත්තේ මොකද?
කොහොමද ඇමරිකන්කාරයින්ගේ ගේම්...? මේ වගේ චරිත නිසා තමයි එවකට ප්‍රාදේශීය සභාවලත් සභාපතිලා වනචාරීන් වගේ හැසිරුනේ...
වගකිව යුතු කෙනෙක්ගේ අත්සන සහිත සහතිකයක් ඇත. දැනට ලිපිගොනු සොයා ගන්නත් නැත. නැතිවුනෙත් නැත. කවුරුත් දන්නෙත් නැත. දෙපාර්තමේන්තුවේ භූතයන් ඉන්නවාද? බොරු සහතික හදලා දෙන, ලිපි ගොනු උස්සන....
අමතක කරන්න එපා.. ගෝඨාභය කොටි බෝම්බ ප්‍රහාරයට ලක්වුණු කෙනෙක්. එහෙම ප්‍රහාර එල්ල කලේ ගෝඨාගේ පාස්පෝර්ට් බලලා නොවේ.
එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියලා සිංහල කියමනක් තියෙනවා.
කොහොමද යන ගේම් එක? ඕගොල්ලෝ තව තව රඟන්න අපි බලා සිටින්නෙමු !!!
නිවට පාහරයින් රටට වින කටින්නමයි මේ වගේ පහුබූත ප්‍රශ්න අදින්නේ... මොවුන් කාගේ බළල් අත්ද කියලා කාටත් පැහැදිලියි...
යහපාලන නඩේට ඕනෑනම් මේ ලියකියවිලි විනාශ කරන්නත් පුළුවන්නේ. එහෙම නම් කොහොමද ජා.හැ. පතක් නිකුත් කරලා තියෙන්නේ.. ගමන් බලපතක් නිකුත් කලේ. මේවා මේ යහපාලන හොර වැඩ.. මේ අය හදන්නේ ගෝඨාව තරගෙටත් කලින්ම අයින් කරලා නිතරගයෙන් දිනන්න.. පල් හොරු
නොදන්න කමට අහන්නේ... අදාල සහතික නිකුත් කරන්න කලින් අයදුම්පත් පුරවාගන්න ඕනෑ නිලධාරින් නේද...? ඒවා නැතුව සහතික නිකුත් කළා නම් සහතිකය දරන්නා වග කිවයුතු වන්නේ කෙසේද? එම ලිපි ලේඛන අස්ථාන ගත වී නම් එම වගකීම දැරිය යුත්තේ නිලධාරීන් මිසක් වෙනකකු නොවේ නේද?
හැමදාම මිනිසුන් රැවටිය නොහැක
අපේ රටේ පැවති තත්වය කොච්චර නරකද?බලය ඇති මිනිසුන්ට නීතියක් නොමැත යන සිද්ධාන්තය නොවේද මේ කියා පාන්නේ? මෙවැනි දේ කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය හැකිද ?
ඇමරිකාව සහ ලංකාව අතර සටන... ගෝඨාට බැරි වුණොත් වෙන කෙනෙක් දාලා හරි මේ සටන දිනන එක ලොකු දෙයක් නෙවෙයි. ලංකාවට ජය..!!!
ඒවා අතුරුදන් කිරීම යහපාලනයට කජ්ජක්ද?
ගෝඨා මෙරට පුරවැසියකු නොවන නිසා ඔහුට ඇති සියළුම චෝදනා, නඩුහබ බලරහිත වන අතර වෙනත් රටකින් පැමිණ ත්‍රස්තවාදය අවසන් කිරීම හේතුවෙන් එය රටේ නීතියට වලංගු නොවන නිසා යුද්ධයට පෙර පැවැති තත්වයට රට පත්කර ප්රභාකරන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන ලෙසටද?
ගෝඨාභය පුරවැසිභාවය අහිමි වීමට ආසන්නයි..
හරියන් නෑ පරිස්සමින්..............
ඕකනේ.., මහින්ද ලොක්කා යනකොට කිව්වේ ඕන කරන ෆයිල් ඔක්කොම මගේ ළඟ තියෙනවා කියලා. මේ රංචුව හොඳට හොයල බලලා තමයි ඔක්කොම හොරමැරකම්, ජාවාරම් එහෙම කරලා තියෙන්නේ කියා රටටම පහදා දෙන්න මේකත් වටිනා උදාහරණයක්..!!!
ගෝඨාභය සිතුවේ නැහැ කවදාවත් මේවගේ පොල්ලක් වැටෙයි කියලා.
කවුරුත් කොමෙන්ට් දාන්නෑ ප්‍රවෘත්තිය කියවන්නේ නැතිව. මේකේ කොහේවත් කියලා නැහැ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු නැහැ කියා. කියන්නේ ද්විත්ව පුරවැසිබව පිළිබඳ ලිපිගොනු නැහැ කියලා...
කොහොමද රාජපක්ෂ සහෝදර සංස්ථාවේ වැඩ ? කිසිම ලකුණක් නොතබා බඩු භාණ්ඩ, වාහන, ෆයිල් වගේ දේවල් අතුරුදහන් කිරීමට උපන් හපන්නු. ලෝක පුජිත මැජික් ශිල්පීන්ටවත් කරන්න බැරි දේවල් මැදමුලන කට්ටිය කරලා පෙන්නලා තිබෙනවා. දෙන්න උස්හඬින් අත්පොළසන් නාදයක්.
ජාලගත කළානම් ඒවා සොයන්න දෙයක් නැහැනේ. ඒ කාළේ ඔය කියන තොරතුරු ටික විතරක්ම ජාලගත නොකර ඇති.
කොහොමද යහපාලනේ..? නීතිය නවන්න නිලධාරින්ට බලපෑම් කරා විතරක් නෙමෙයි ලේඛනත් විනාශකරලා ...
මොනවා නැති වුනත් ලංකාවේ ඉපදුණු බවට උප්පැන්න සහතිකයක් තියෙනවනේ..
ඔය ලිපිගොනු නැහැ කියන එකනම් ඒ තරම් ලොකු දෙයක් නොවේ. බොහොමයක් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ගැන නොදන්නේ කිසිම රාජ්‍ය ආයතනයකට නොගිය කෙනෙක් පමණයි. ගිය හැමෝම දන්නවා කිසිම දෙයක වගකීමක් බර නොගන්නා කොටසක් තමා රාජ්‍ය සේවය කියන්නේ කියලා. අර පහුගිය ටිකේ මාධ්‍ය තුලින් දැක්කේ ලඟට ගිහිල්ලා එන්නම් කියලා මුළු කර්යාලයම මගුල් ගෙදර ගිහිල්ලා තිබුනේ. ෆයිල් ටික මුල්ලකට දැම්මා මෑන්ස්ලා බුදිය ගත්තා. අතනින් මෙතනට ගියා බඩු මිසින්. රාජ්‍ය කාර්යාල කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යාමේ ප්‍රතිපල.
නැති වුන ෆයිල්ස් ඔක්කොම මන් ලග ෆයිල්ස් තියෙනවා කියපු කෙනා ලග ඇති
" ද ටර්මිනල්" චිත්‍රපටිය මතක් වෙනවා.
මහබැංකු හොරා කාපු අය යස අගේට ටයි කෝට් දාගෙන තනතුරු වල ඉන්නවා නම්, ගෝඨාභයට හැර අන් කිසිවකුට වැඩකට ගත නොහැකි මෙන්ම හානියක් නොවන ඔහුගේ පාස්පෝට්, ජා.හැ.පත,.. පිළිබඳව මෙතරම් හාරා අවුස්සන්නේ මොකටද?
පසුගිය රජය පැවති වකවානුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීම අත්හිටුවා තිබුණු තත්වයක් තුළ, ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට හැකියාවක් නැහැ. නමුත් ඒ අවධියේ සමහරු විශාල මුදලක්, පගාව ලෙස ගෙවා ද්විත්ව පුරවැසිභාවය අරගත්තා. මෙතුමාගේ පමණක් නොවේ, ඒ වකවානුවේ, අයථා ක්‍රමයෙන් පුරවැසිකම ලබා ගත් අය ගැන විමර්ශනයක් කළයුතුයි. හරි නම් හොර වැඩවලට කැප් එකක් දෙන්න ඕනෑ මෙතුමාට...
ලංකාවේ ඉපදිලා රට අත්ඇරලා ගිය ඕනෑම කෙනෙකුට ලංකාවේ ඉපදුණු බවට උප්පැන්න සහතිකයක් තිබේ.
කෞතුකාගාරේ ඉඳලා, කලොත් කරන්නේ හොර වැඩම තමයි. මේ වගේ අයට මිනිසුන් කියන්න පුළුවන් ද?
අයියා ජනාධිපතිවෙලා දවස් දෙකකින් ද්විත්ව පුරවැසිබව ලැබුණාලු. දැන් ඒ බඩු නැහැල්ලු.
ඝෝටගේ හොට පැටලුනා නේද .. කලුකෝට් කාරයෝ ටික බොරු ගොතමින් පුදුම මහන්සියක් ගන්නවා නීතිවිරෝධී පුද්ගලයෙකුව බේරගන්න . දැන්නම් අධිකරණ තීන්දුව නිකන් පේනවා පේනවා .හොරු හිතන්නේ නැතිවෙන්න ඇති මෙහෙම මරාලයකට මාට්ටු වෙයි කියා ..
දැන් ඝෝටගේ කට වැහෙන්න ගිලිලා තව ටිකයි නහය වැහෙන්න.
ෆයිල් හංගල නඩු දාන එකත් නියම ක්‍රමය නේද . නරකම නැහැ.