පදනමක් නැති චෝදනා නොකර යෝෂිත, නාමල් හා තමන් ගැන ක්‍රමානුකූලව පරික්ෂණ කරන්නැයිද තමාට වතු, ගෙවල්, රෝහල්, කොම්පැනි හා බැංකු ගිණුම් ඇතැයි කියනවාට වඩා ඒ ගැන සෙවීමට පොලිස් නිලධරයකු පත් කළහොත් ඔහුට පරීක්ෂණ සඳහා ලිපියක් අවශ්‍ය නම් එය දෙන්නට සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඡන්දයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ද ඇමැතිකමක්ද දීමට යන බවත් ඔහු කීවේය. මහනුවරට දළඳා මැදුරට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය අමතා එසේ කීවේය.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨාභය අස්ගිරි - මල්වතු මහ නාහිමිවරු බැහැ දකී
රාධා Thursday, 04 February 2016 12:30 AM
සංඝාධිකරණයෙන් ගිහියන්නේ නඩු අහන්නේ නැහැ. රජයේ නීතියට අහන්නේ. බොදු බල සේනාව ගැන තීරණයක් ගන්න නම් පුළුවන්. (නි)
රන්ජිත් Thursday, 04 February 2016 12:51 AM
මෙතන ලියා තිබෙන අය ගරු කරන්න ඕනෑ ගෝඨාභයට ඔහු ත්‍රස්තවාදය නැතිකිරීම ගැන. ඔහේලට පෙනෙයි ආපසු එවැනි උවදුරක් වුණොත් (නි)
විදානේ Thursday, 04 February 2016 05:57 PM
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
සමන්ත Wednesday, 03 February 2016 01:03 PM
දැන් නම් හොදටම බයවෙලා වගේ ඉන්නේ. (හේ)
රන්ජිත් Wednesday, 03 February 2016 01:07 PM
ඔයාලට බලය තිබෙනකොට මහනායක හාමුදුරුවෝ කියන ඒවා ඇහුවද? එහෙනම් ඔය කරදර නැහැනේ (නි)
නිමල් ලලිත Thursday, 04 February 2016 01:58 AM
හිටපු ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමාලගේත් වැරදි නැතුවා නොවේ. එහෙත් ඔබතුමාලා මේ රටේ ජනතාවට තිබු මරණ බිය නැතිකළා. ඈත අතීතයේ සිටම මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැකගත් නායකයන්ට අපහාස කළ විදේශිය බලවේග, අද ඔවුන්ගේ අනුගාමිකයන් මඟින් යුද්ධය මෙහෙයවුවන්ට අවමන් කරනවා. කරවනවා. ඔබතුමාලත් යුද්ධය දිනවීමෙන් පසු නුහුරට නොගියා නොවේ. වර්තමාන පාලනයට කත්අදින අයට මේ කිසිම චෝදනාවක් නැත. මේ බලපෙරේත දේශපාලනය තුල කව්රුන් බලයේ සිටියත් එයයි ස්වභාවය. (නි)
ලක්ෂ්මන් Thursday, 04 February 2016 01:59 AM
ත්‍රස්තවාදය සහ කොටි සංවිධානය පරාජය කරපු එකට ගෝඨාභයට සහ මහින්දට අපි ගොඩක් ණයගැතියි. ඒත් මහජන මුදල් කෝටි ගණන් යටිමඩි ගහපු එකට අපේ නම් සතුටක් නැහැ (නි)
හේමන්ත Wednesday, 03 February 2016 01:23 PM
යහ පාලනය වෙත හෙන හත වැදීයන් ගෝඨාභය මැතිඳු හට ජය ලැබීයන් ලක් මෑණියන්ගේ දුක සොව නිවීයන් නිල් වන් නෙළුම හෙට දවසට පිපීයන්! (බ)
මංජුල Thursday, 04 February 2016 02:35 AM
ගෝඨාභය නැත්නම් අද අපි මෙතන නැහැ (නි)
ජයන්ත Thursday, 04 February 2016 02:35 AM
ගෝඨාභය නිසා තමයි අපි මේ හැමෝම අද මේ බයිලා ලියන්න හරි බය නැතුව ඉන්නේ (නි)
සලීම් Thursday, 04 February 2016 02:46 AM
ඔබතුමා නැවතත් අපි වෙනුවෙන් පෙරට එන්න (නි)
ජනක Thursday, 04 February 2016 03:46 AM
දැන් ඉතින් පිනක් දහමක්වත් කර ගන්න.(හේ)
දනුක Wednesday, 03 February 2016 02:08 PM
අර නිදාගෙන හිටපු හිඟන්න ගේ ඔළුවට ගලක් ....(බ)
කුමාර Wednesday, 03 February 2016 02:10 PM
කඩේ යන උන්නාන්සේලා බලන්න මොකට යනවද (බ)
සුමිත්‍ර බස්නායක Wednesday, 03 February 2016 02:03 PM
ගෝඨාබය වීරයෙක්. (බ)
ප්‍රීති Wednesday, 03 February 2016 02:21 PM
ඉස්සර නම් මෙතුමා වටකරගෙන හිටියේ වෙනත් හාමුදුරුවරු කල්ලියක් ඒ නිසා තමයි හිටපු ජනාධිපති තුමාටත් ඔය ඉරණම අත් වුනේ. පරණ යාළුවො බලන්න ගියේ නැත්තේ මොකද දන්නේ නැහැ. දැන් නම් දෙයියෝ බුදුන් සිහිවෙලා වගෙයි.. (බ)
ජෙරම් Wednesday, 03 February 2016 02:31 PM
අහන දේවල් වලට උත්තර දෙන්න වැරදි නැත්නම් මොකද බය වෙන්නේ. (බ)
නිශාන්ත Wednesday, 03 February 2016 02:30 PM
බය වෙලා වගේ තමා.බය වෙන්න දෙයක් නැ කවුරුත් දොස් කියන්නේ නැ ගෝඨාභයටවත් සරත් ෆොන්සේකාටවත් (බ)
පුෂ්පකුමාර Wednesday, 03 February 2016 03:12 PM
මෙතුමා තමයි අර මොකාගෙද වැඩ ගන්න ගිහින් ඇන ගත්තේ? (බ)
ශ්‍රීමාලි Wednesday, 03 February 2016 03:30 PM
අවුරුද්දක් තිස්සේ ක්‍රමානුකූලව පරික්ෂණ කරල නේද යෝෂිත අත්අඩංගුවට ගත්තේ ? සරත් ෆොන්සේකා ව වගේ දවසින් ඇතුලට දැම්මේ නැනේ . අනිත් අයත් භය වෙලා හිමි සරණ ගිහින් වගේ .(බ)
ප්‍රියාන් Wednesday, 03 February 2016 03:36 PM
අලුතෙන් පත්කරන්න දෙයක් නැහැ .නීතිපති දෙපාර්තමේන්තුවේ බාලගිරි දෝෂය තියෙන්නේ .(බ)
මාගලි ෆොන්සේකා Wednesday, 03 February 2016 03:56 PM
එතකොට අර එස් බී ව හිරෙන් එලියට දාල ඇමතිකමක් දුන්නේ අපිද. තව පරාද වුණු අයට අගමැති කම දුන්නේ කව්ද. අපිත් කියන්නේ නැ එ්ක හරි කියල එත් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් කමවත් දෙන්න ඕනි. එතුමා දක්ෂයෙක්. (බ)
පිටිගල මිලානෝ Wednesday, 03 February 2016 04:17 PM
එතකොට ඔය හදන්න යන පක්ෂේ පාට සුදු, ලකුණ වෑන් එක... හරිය? (බ)
ටෙරන්ස් Wednesday, 03 February 2016 06:28 PM
ඔබවහන්සේලා ගැන විතරයි දැන් අපිට බලාපොරොත්තුවක් තිබෙන්නේ (නි)
ඈන් Wednesday, 03 February 2016 06:42 PM
නියම කතාව පිටිගල මිලානෝ. (නි)
ලලිත් Wednesday, 03 February 2016 07:01 PM
ඔබතුමා වැනි කෙනෙක් අහිමිවීම අපිට ලොකු පාඩුවක් (නි)
නිල්මිණි Wednesday, 03 February 2016 12:22 PM
බයේ අඬනවා සමහරු දැන්මම. සමහරු දැන් ඔය රිමාන්ඩ් එකේ ඉන්නේත් අවුරුද්දක් විතර ක්‍රමානුකූල පරීක්ෂණ කරලා. ඉස්සර වගේ හිතුමනාපෙට නොවෙයි. (නි)
චින්තක Wednesday, 03 February 2016 09:40 PM
ඔබට යහපතක්ම වේවා! (නි)
සොපි Wednesday, 03 February 2016 12:18 PM
ඔබතුමා ගැන නම් ජනතාවගේ හිතේ ඇති ගරුත්වය නැති කරන්න කාටවත් බැහැ. (නි)
කිඹුලාපිටිය Wednesday, 03 February 2016 12:29 PM
හාමුදුරුවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළා නම් අද මෙහෙම දේවල් වෙයිද? (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 03 February 2016 12:31 PM
ඔය වගේ කතා කියන්න ප්‍රසිද්ධ වේදිකාවක් හදාගන්නකෝ (නි)
ලේක්කෝ ගලබඩ Wednesday, 03 February 2016 10:23 PM
පිටිගලගේ අදහස දැක්කහම මට 'සුහද කොකා' චිත්‍රපටිය මතක් වෙනවා. (නි)
ලලිත් Wednesday, 03 February 2016 12:35 PM
කොයි කාටත් ඔය ධර්මතාවය පොදු දෙයක්. කිසිම හවුහරණක් නැතිවුණාම මුලින්ම පන්සලේ හාමුදුරුවෝ බැහැදකිනවා. සෙත් පිරිත් ටිකක් කියවාගෙන පිරිත් නුලක් ගැටගහගන්නවා. ඉන්පස්සේ බෝධි පුජා තියනවා. ඒ දෙකටම පස්සේ බාරහාර වෙලා බලනවා. අන්තිමට පලිගහලා පොල් ගගහනවා. වස් කවියකුත් කියවනවා. (නි)
කිත්සිරි Wednesday, 03 February 2016 10:53 PM
ඔබතුමා තමයි රටේ වාසනාව! (නි)
ඩිලාන් Wednesday, 03 February 2016 12:37 PM
මෙයාලා රට කළ කාලේ දේවල් මතක් කරගන්න. (නි)
තිලක්-ඩුබායි Wednesday, 03 February 2016 12:41 PM
අපේ ජාතික වීරයෙක් වන ජෙනරල් ෆොන්සේකා පාර්ලිමේන්තුවට එනවා කියද්දීත් සමහර කට්ටිය බයවෙලා. මට නම් හරිම සතුටුයි. (නි)
ජනක Wednesday, 03 February 2016 11:18 PM
කවුරු මොනවා කිවුවත්, ලංකාවට හරියන්නේ මෙවැනි තද පාලකයෙක්. (නි)
විද්‍යා Wednesday, 03 February 2016 11:26 PM
මල්ලිත් අයියා වගේම පන්සල් ගානෙ යනවා. වෙන වැඩ නැද්ද මේගොල්ලන්ට? (නි)
ජනහිත Wednesday, 03 February 2016 11:25 PM
මේ වෙලාවට තමයි හිතෙන්නේ අපරාදේ යුද්ධය ඉවරකළේ කියලා. ඒක තිබුනා නම් ඔය කවුරුත් කටමැත දොඩවන්නේ නැහැ. අපරාදේ! (නි)
රවි බණ්ඩාර Wednesday, 03 February 2016 11:33 PM
ඇයි ඔහොම දොස් කියන්නෙ? මේ රටට ඉතා වටිනා සේවයක් කළ අතිදක්ෂ රාජ්‍ය සේවකයෙක්. අපිට කියල රටක් තියෙන්නෙ මොහු නිසා. කව්ද හිතුවෙ අපේ රට ආපසු සාමකාමී එකම ලංකාවක් වෙයි කියලා? ඒ සිහිනය සැබෑ කරදුන්නෙ ගෝඨාභය. (නි)
නිල්හාන් Wednesday, 03 February 2016 12:46 PM
ෆොන්සේකා මහත්තයාට සුබ පැතුම්! (නි)
නාමල් Wednesday, 03 February 2016 12:47 PM
මොකද එක පාරටම මහා නායක හිමිවරු මතක් වෙලා.(හේ)