පදනමක් නැති චෝදනා නොකර යෝෂිත, නාමල් හා තමන් ගැන ක්‍රමානුකූලව පරික්ෂණ කරන්නැයිද තමාට වතු, ගෙවල්, රෝහල්, කොම්පැනි හා බැංකු ගිණුම් ඇතැයි කියනවාට වඩා ඒ ගැන සෙවීමට පොලිස් නිලධරයකු පත් කළහොත් ඔහුට පරීක්ෂණ සඳහා ලිපියක් අවශ්‍ය නම් එය දෙන්නට සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඡන්දයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ද ඇමැතිකමක්ද දීමට යන බවත් ඔහු කීවේය. මහනුවරට දළඳා මැදුරට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය අමතා එසේ කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංඝාධිකරණයෙන් ගිහියන්නේ නඩු අහන්නේ නැහැ. රජයේ නීතියට අහන්නේ. බොදු බල සේනාව ගැන තීරණයක් ගන්න නම් පුළුවන්. (නි)
මෙතන ලියා තිබෙන අය ගරු කරන්න ඕනෑ ගෝඨාභයට ඔහු ත්‍රස්තවාදය නැතිකිරීම ගැන. ඔහේලට පෙනෙයි ආපසු එවැනි උවදුරක් වුණොත් (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
දැන් නම් හොදටම බයවෙලා වගේ ඉන්නේ. (හේ)
ඔයාලට බලය තිබෙනකොට මහනායක හාමුදුරුවෝ කියන ඒවා ඇහුවද? එහෙනම් ඔය කරදර නැහැනේ (නි)
හිටපු ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමාලගේත් වැරදි නැතුවා නොවේ. එහෙත් ඔබතුමාලා මේ රටේ ජනතාවට තිබු මරණ බිය නැතිකළා. ඈත අතීතයේ සිටම මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැකගත් නායකයන්ට අපහාස කළ විදේශිය බලවේග, අද ඔවුන්ගේ අනුගාමිකයන් මඟින් යුද්ධය මෙහෙයවුවන්ට අවමන් කරනවා. කරවනවා. ඔබතුමාලත් යුද්ධය දිනවීමෙන් පසු නුහුරට නොගියා නොවේ. වර්තමාන පාලනයට කත්අදින අයට මේ කිසිම චෝදනාවක් නැත. මේ බලපෙරේත දේශපාලනය තුල කව්රුන් බලයේ සිටියත් එයයි ස්වභාවය. (නි)
ත්‍රස්තවාදය සහ කොටි සංවිධානය පරාජය කරපු එකට ගෝඨාභයට සහ මහින්දට අපි ගොඩක් ණයගැතියි. ඒත් මහජන මුදල් කෝටි ගණන් යටිමඩි ගහපු එකට අපේ නම් සතුටක් නැහැ (නි)
යහ පාලනය වෙත හෙන හත වැදීයන් ගෝඨාභය මැතිඳු හට ජය ලැබීයන් ලක් මෑණියන්ගේ දුක සොව නිවීයන් නිල් වන් නෙළුම හෙට දවසට පිපීයන්! (බ)
ගෝඨාභය නැත්නම් අද අපි මෙතන නැහැ (නි)
ගෝඨාභය නිසා තමයි අපි මේ හැමෝම අද මේ බයිලා ලියන්න හරි බය නැතුව ඉන්නේ (නි)
ඔබතුමා නැවතත් අපි වෙනුවෙන් පෙරට එන්න (නි)
දැන් ඉතින් පිනක් දහමක්වත් කර ගන්න.(හේ)
අර නිදාගෙන හිටපු හිඟන්න ගේ ඔළුවට ගලක් ....(බ)
කඩේ යන උන්නාන්සේලා බලන්න මොකට යනවද (බ)
ගෝඨාබය වීරයෙක්. (බ)
ඉස්සර නම් මෙතුමා වටකරගෙන හිටියේ වෙනත් හාමුදුරුවරු කල්ලියක් ඒ නිසා තමයි හිටපු ජනාධිපති තුමාටත් ඔය ඉරණම අත් වුනේ. පරණ යාළුවො බලන්න ගියේ නැත්තේ මොකද දන්නේ නැහැ. දැන් නම් දෙයියෝ බුදුන් සිහිවෙලා වගෙයි.. (බ)
අහන දේවල් වලට උත්තර දෙන්න වැරදි නැත්නම් මොකද බය වෙන්නේ. (බ)
බය වෙලා වගේ තමා.බය වෙන්න දෙයක් නැ කවුරුත් දොස් කියන්නේ නැ ගෝඨාභයටවත් සරත් ෆොන්සේකාටවත් (බ)
මෙතුමා තමයි අර මොකාගෙද වැඩ ගන්න ගිහින් ඇන ගත්තේ? (බ)
අවුරුද්දක් තිස්සේ ක්‍රමානුකූලව පරික්ෂණ කරල නේද යෝෂිත අත්අඩංගුවට ගත්තේ ? සරත් ෆොන්සේකා ව වගේ දවසින් ඇතුලට දැම්මේ නැනේ . අනිත් අයත් භය වෙලා හිමි සරණ ගිහින් වගේ .(බ)
අලුතෙන් පත්කරන්න දෙයක් නැහැ .නීතිපති දෙපාර්තමේන්තුවේ බාලගිරි දෝෂය තියෙන්නේ .(බ)
එතකොට අර එස් බී ව හිරෙන් එලියට දාල ඇමතිකමක් දුන්නේ අපිද. තව පරාද වුණු අයට අගමැති කම දුන්නේ කව්ද. අපිත් කියන්නේ නැ එ්ක හරි කියල එත් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් කමවත් දෙන්න ඕනි. එතුමා දක්ෂයෙක්. (බ)
එතකොට ඔය හදන්න යන පක්ෂේ පාට සුදු, ලකුණ වෑන් එක... හරිය? (බ)
ඔබවහන්සේලා ගැන විතරයි දැන් අපිට බලාපොරොත්තුවක් තිබෙන්නේ (නි)
නියම කතාව පිටිගල මිලානෝ. (නි)
ඔබතුමා වැනි කෙනෙක් අහිමිවීම අපිට ලොකු පාඩුවක් (නි)
බයේ අඬනවා සමහරු දැන්මම. සමහරු දැන් ඔය රිමාන්ඩ් එකේ ඉන්නේත් අවුරුද්දක් විතර ක්‍රමානුකූල පරීක්ෂණ කරලා. ඉස්සර වගේ හිතුමනාපෙට නොවෙයි. (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
ඔබතුමා ගැන නම් ජනතාවගේ හිතේ ඇති ගරුත්වය නැති කරන්න කාටවත් බැහැ. (නි)
හාමුදුරුවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළා නම් අද මෙහෙම දේවල් වෙයිද? (නි)
ඔය වගේ කතා කියන්න ප්‍රසිද්ධ වේදිකාවක් හදාගන්නකෝ (නි)
පිටිගලගේ අදහස දැක්කහම මට 'සුහද කොකා' චිත්‍රපටිය මතක් වෙනවා. (නි)
කොයි කාටත් ඔය ධර්මතාවය පොදු දෙයක්. කිසිම හවුහරණක් නැතිවුණාම මුලින්ම පන්සලේ හාමුදුරුවෝ බැහැදකිනවා. සෙත් පිරිත් ටිකක් කියවාගෙන පිරිත් නුලක් ගැටගහගන්නවා. ඉන්පස්සේ බෝධි පුජා තියනවා. ඒ දෙකටම පස්සේ බාරහාර වෙලා බලනවා. අන්තිමට පලිගහලා පොල් ගගහනවා. වස් කවියකුත් කියවනවා. (නි)
ඔබතුමා තමයි රටේ වාසනාව! (නි)
මෙයාලා රට කළ කාලේ දේවල් මතක් කරගන්න. (නි)
අපේ ජාතික වීරයෙක් වන ජෙනරල් ෆොන්සේකා පාර්ලිමේන්තුවට එනවා කියද්දීත් සමහර කට්ටිය බයවෙලා. මට නම් හරිම සතුටුයි. (නි)
කවුරු මොනවා කිවුවත්, ලංකාවට හරියන්නේ මෙවැනි තද පාලකයෙක්. (නි)
මල්ලිත් අයියා වගේම පන්සල් ගානෙ යනවා. වෙන වැඩ නැද්ද මේගොල්ලන්ට? (නි)
මේ වෙලාවට තමයි හිතෙන්නේ අපරාදේ යුද්ධය ඉවරකළේ කියලා. ඒක තිබුනා නම් ඔය කවුරුත් කටමැත දොඩවන්නේ නැහැ. අපරාදේ! (නි)
ඇයි ඔහොම දොස් කියන්නෙ? මේ රටට ඉතා වටිනා සේවයක් කළ අතිදක්ෂ රාජ්‍ය සේවකයෙක්. අපිට කියල රටක් තියෙන්නෙ මොහු නිසා. කව්ද හිතුවෙ අපේ රට ආපසු සාමකාමී එකම ලංකාවක් වෙයි කියලා? ඒ සිහිනය සැබෑ කරදුන්නෙ ගෝඨාභය. (නි)
ෆොන්සේකා මහත්තයාට සුබ පැතුම්! (නි)
මොකද එක පාරටම මහා නායක හිමිවරු මතක් වෙලා.(හේ)