2012 – 8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී අද (31) නඩු පැවරීය.
ගිහාන් පිලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ නඩුව ගොනු කළ අතර පහත සඳහන් අට දෙනා චෝදනා ලබති.
ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ, ජයරත්න පෙරේරා.
අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට පවරා ඇති නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ මින් මදවේලාවකට පෙර කැඳවිණි.
ඇවන්ගාඩ් සමාගමේ නඩුවක් බහා තබා ඇති බව පැවසූ මහේස්ත්‍රාත් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ බ්‍රහස්පතින්දා (1) කැඳවන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා වගේ ජාතික වීරයෙක් බොරුවට හිරේ දැම්මොත් හමුදාව මොන වගේ තීරණයකට ඒවිදැයි කියල මේ අය බයයි. ඔන්න ඔතන තමයි මේ අය අනාගන්නේ.(රේ)
රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි කියන්නේ සුළු පටු ගානක් නෙමෙයිනේ.ඔය සියලු දනස්කන්දය රාජ සන්තක කරන්න.(රේ)
දැන් ඕව අපිට එපා වෙලා. ඔහොම ගියොත් ඔයාල විසික්ක වෙනවා වැඩිකල් යන්න කලින්.(රේ)
අපිට හදිසිය තිබුනට \"ගල් මොළ\" ගමන් කරන්නේ හිමින් තමයි.හැබැයි පළාතම සමතලා කරගෙනයි ඉදිරියට යන්නේ.(රේ)
නාලක, එහෙනම් කලින් සිටි ආරක්ෂක ලේකම්ලා කවුරුවත් තමන්ගේ රැකියා හරියට කරලා නැහැනේ (නි)
ඕක රජයට ගත්ත දා සිට කොපමණ ආදායමක් ලැබී තියනවද? (ම)
හරියට රිදිලා වගේ අදහස් දාලා තියෙන්නේ බැසිල් මහත්තයාලගෙන් ලැප්ටොප් ලැබුණු අය වෙන්න ඇති. හොරකම් කළා නම් රටේ නීතියට අනුව දඬුවම් උරුමයි. රට බේරාගත්තා කියන්නේ මෙයාගේ රැකියාව හරියට කළා කියන එක. (නි)
උසාවිය සාධාරණ තීන්දුවක් දෙයි. අපි කලබල වෙන්නේ මොකටද? (නි)
ගෝඨාභය රාජපක්ෂ යුද්දය නිමා කිරීමේ පාපකර්මයට උරදීමේ ප්‍රතිපල තමා මේ (බ)
ගෝඨාභය වගේ කෙනෙක් එදා රටේ සිටි නිසයි අද රටක් ඉතුරුව තිබෙන්නේ (නි)
නඩු දාන්න මාස 18ක් ගියා නම්, තව අවුරුදු 10ක් යයි නඩු අහලා තීන්දු දෙන්න.(අ)
තියෙනේ දේ රැකගෙන වැඩ කරන්නේ නැතුව. එරිසියාවට පාලි ගන්න හදන ක්‍රම..(අ)
කෙසේ හෝ ඒ මුදල් ආවේ ලංකාවට. කෝ ඒ මුදල් අද ? දැන් එම සමාගම සිංගප්පුරුවේ සිට මෙහෙයුම් කටයුතු කරනවා කියල ආරංචි. අපට තේරෙන් විදියට අද ඒ මුදලින් ලංකාවට කියක්වත් ලැබෙන්නේ නෑ. මේක තමඊ යහපාලනය. දැන් මිනිසුන්ට වට ගහල මරන් කන්න හදනවා. (අ)
ගොඩක් දෙනෙක් අදහස් දාලා තියෙන්නේ....
ගෝඨාභය හොඳ දේවල් කරපුවා අගය කළයුතු සේම වැරදි වලට නඩු අසා ඔප්පු වුණොත් දඬුවම් කළයුතුයි. වැරදි කළාද නැද්ද යන්න උසාවිය තීරණය කරයි. (නි)
වැදගත් වන්නේ මේ නඩු ඉක්මනින් නිමකර යටිමඩි ගැසූ මුදලක් වේ නම් නැවත රජයට අයකර ගෙන පොදු යහපත සඳහා යෙදවීමයි. (ම)
මේ පාඩු කළා කියන්නේ අති විශාල මුදලක්. මේ මුදලින් මහජනතාව වෙනුවෙන් කොපමණ සංවර්ධන වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් තිබුණාද ?(බ)
ලංකාවට එන්නේ.... නොතිබ්බ සල්ලි කොහොම හරි ලංකාවට ඇද ගත්තා .... මේවගේ එකක් කරපු එකට පින් දෙන්න ඕනි (බ)
ප්‍රභාකරන් වරද්දාගත්තේ මාවිල්ආරු වහලා. යහපාලනයට වරදින තැන මෙන්න මෙතනයි (නි)
එහි තේරුම රජයට ලාබයක් ලබා දීල නැහැ රජයේ මුදල් අවභාවිත කරලා නැහැ ඕක සුළු දෙයක් (බ)
සම්පත් පතිරණ සහ කෝරලගේ මහත්වරුනි, දන්නේ නැති දේවල් කියන්න එපා. (නි)
ප්‍රභාකරන්ගේ අවතාරය නැවත ඇවිත්. (බ)
වැදගත් වන්නේ මේ නඩු ඉක්මනින් නිමකර යටිමඩි ගැසූ මුදලක් වේ නම් නැවත රජයට අයකර ගෙන පොදු යහපත සඳහා යෙදවීමයි (අ)
අහවලාට ඕස්ට්‍රේලියාවෙනුත් නඩු දානකම් මේ සමබර එ්‍ෆ් සී අයි ඩී හොර ගුහාවට පෙනිලා නැහැ. දැං ඒ ලැජ්ජාව වහගන්න හොර නඩු දානවා.. වැස්ස වෙලාවට එලියට යන්න එපාල්ලා... (අ)
කරුණාකර සැඟව ඇති සත්‍ය්‍ය සොයාගන්න (නි)
මට නම් ගෝඨාභය මහත්තයා කෙරෙහි තියෙන්නේ ආදරයක්, දයාවක්...මහපාරේ කොටි බෝම්බයකට අහුවෙලා කෑලි කැඩිලා මැරිලා යන්නේ නැතිව උදේ වැඩට ගිහිල්ලා ආයේ හවස දරුමල්ලෝ බලන්න ගෙදරට යහතින් එන්න සැලැස්සුවේ මෙතුමා වගේ නිර්භීත නිලධාරින් නිසා...මට නම් ඒ ටිකම ඇති මෙතුමාට සමාව දෙන්න එතුමා කළ ඕනෑම වරදකට....උසාවි හිර ගෙවල් දාහක දැම්මත් ඔබතුමා රටට ණය නැහැ මහත්තයෝ...(බ)
දැන් මේ සමාගමේ අාදායම රටට එනවද එතකොට.මුලින්ම නඩු දාන්න ඕන ඕක විනාශ කරපු අයට. (බ)
ගෝඨා ට ගහන්නේ කොටින්ගේ වුවමනාවට. (බ)
මෙය නාවික හමුදා භාරයට ගත් දින සිට දිනකට රුපියල් කෝටි 2 අදායමක් භාණ්ඩාගාරයට තැන්පත් කරනු ලබයි එය තැන්පත් කරන්නේ නාවික හමුදාව මාර්ගයෙනි (බ)
රජයට හේත්තු වුණ අයටත් නිතිය සමානද නැතිනම් වෙන නීතියක්ද (බ)
මා හිතුවේ ගෝඨාට අර ඡන්දෙට පෙර කිවූ චෝදනා වැලේ තිබු භයානක දේවල්වලට නඩු දමයි කියලා. බැලින්නම් මේ මොනවද මේ? (බ)
හැමදේකම සීමාවක් තියෙන බව හැම දෙනෙක්ම මතක තබා ගත යුතුයි (බ)
ගෝඨාගේ වෙස්මුහුණත් ගලවන්න ඕනෑ (බ)
යුද්ධය ඉවර කළා කියල කාටවත් ලයිසන් දීලා නැහැ වැරදි කරන්න. කවුරු කළත් අත් අඩංගුවට ගන්න ඕනේ (බ)
හොරු අල්ලන්නේ නැහැ ...පරීක්ෂණ කෙරෙන්නේ නැහැ කියල දඟලපු අයට දැන් සනීපද? (බ)
හොඳ හොරු සහ නරක හොරු කියල දෙගොල්ලක් නැහැ. හොරා කෑව නම් එව්වා අපේ සල්ලි. (බ)
දැන් මේ සමාගම ගැන කතාකරන්න පටන් අරන් මාස 18ක් විතර වෙනවා, තිබිච්ච සමාගම රජය පවරාගෙනත් සැහෙන කල්, මෙතෙක් කල් රජය ලබාගත් වත්කම් පිළිබඳව ප්‍රකාශයක් කරන්න කියල මහජනයා වශයෙන් අපි ඉල්ලා සිටිනවා. ජනපති, අගමැති පිළිතුරක් සපයන්න. (බ)
බොහොම සතුටුයි. (බ)
ඔන්න ඉතිං යහපාලනය අනාගන්න යන්නේ (බ)
රෝහණ මහත්තයා, කියමුද බලන්න එහෙනම් මම නොදන්නා ඒවා මම කිව්වේ කොතනද කියලා. මම කිව්ව දේවල් මම දන්නේ නැත්නම් දන්නේ ඔබද? (නි)