( මනෝප‍්‍රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරන ලදී.
ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුව ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ දණ්ඩ නීතී සංත‍්‍රහය යටතේ මෙම නඩුව නීතීපතිවරයා විසින් පවරන ලදී.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙ පලයන්.... දැන්නේ තදියම හැදිලා තියෙන්නේ... ඕක අහන්න පළවෙනි එක ඉවර වෙනකල් ඉන්නවද? නැත්නම් අලුත් තැනක් විවෘත්ත කරනවාද?
ගෑස් මිල වැඩි කළේ මේකටද දන්නේ නැහැ. තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි.
ගෝඨාභයගේ දේශපාලන ව්‍යාපෘතියේ පෙරගමන් කරුවන් අතර විමල් වීරවංශ සහ ගම්මන්පිල ප්‍රධානය. මොවුන් දෙදෙනාම බරපතල දූෂණ චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත වූවන්ය. නමුත් අරුමෝසම් ආකාරයෙන් හිරෙන් ඇප මත නිදහස් විය. නිදහස් වූ විගස මොවුන් දෙදෙනා ගෝඨාභයගේ 2020 මැතිවරණ ව්‍යාපෘතියේ පෙරගමන් කරුවන් වූහ. ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපෘතියට කර ගැසීමත් සමගම දූෂණ චෝදනා යට ගියේය. හිරෙන් ගැලවීමට විමල්ට සහ ගම්මන්පිලට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ අනුග්‍රහය ලැබුණු බව අද හෙලිවී ඇත. ගෝඨාභයගේ දේශපාලනයට උනන්දු කරමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපෘතියට මෙලෙසින් ආණ්ඩුවේ බලවතෙකු අනුග්‍රහය දැක්වූයේ යටි අරමුණක් සහිතවය. මහින්දගෙන් දේශපාලන විවරණ නොලබන ගෝඨා තමන්ගේ කරත්තයේ බැඳ ගැනීම ඒ සැලසුම විය. ගෝඨාභයගේ වියත් මඟ, එළිය සහ හරිමඟ නිකම්ම දියාරු වී ගියේය. මේ නාඩගමේ තිරයෙන් පිටුපස නාමල්ගේ නමද කියවෙන්නේය. 19 වැනි සංශෝධනය අනුව 2020 අපේක්ෂකත්වයට මහින්ද සහ නාමල් මුලුමනින්ම නුසුදුස්සන්ය. එසේනම් මේ හදන්නේ ගෝඨාභයට ඇති කෙස් ගසක තරමේ වූ අවස්ථාවත් ලොප් කර දමන්නද?
දැන් මේකේ ගොඩක් කට්ටියට සැපට නින්ද යයි..මේ මනුස්සයා කරපු දේවල් හැමෝටම අමතකයි ........ මහ බැංකු කඩලා ආර්ථිකය වට්ටලා ජාතිය පාවා දුන්නු අයට කිසිම ප්‍රශ්නයක් නැහැ ..
සත්‍ය වශයෙන්ම දෙමාපියන් සිහිවීමට කල ඉදිකිරීම් සඳහා රාජ්‍ය මුදල් භාවිතා කල බව ඔප්පු වුවහොත් ඉරණම කුමක්වේද?
ගෝඨාගේ ජනාධිපති සිහිනය බොඳ වන බව පෙනේ...
වියත්මගේ දේශප්‍රේමි පාර්ශුද්ධ මහතුන් මොකද කියන්නේ? මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ආයෙමත් පිඩුසිඟා යාවිද?
මව්පියන්ට සැලකීම දරුවන්ගේ උතුම් ගතියක්... හැබැයි එය අනුන්ගේ සම්පත් මගින් නොවිය යුතුයි..
අසංක සහ තුසිත කරන්නේ නිකන් තේරුමකට නැති ප්‍රකාශ. කරුණු කාරණා හරිහැටි තේරුම්ගෙන කරන ප්‍රකාශ නොවන නිසා මේවා සමහරවිට අනවශ්‍ය විවාදයකට ඇදගෙන විනෝද වෙන්න ගන්නා උත්සාහයන් වෙන්නත් පුළුවන්.