(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි හෙට (14) අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (13) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන සහතිකය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සළකා බැලීම හෙට(14) තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
මෙහිදී විනිසුරුවරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාට දන්වා සිටියේ පෙත්සම්කරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට දින අධිකරණය දැනුවත් කරන ලෙසය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට සූදානම් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දේපළ පවුලේ බූදලය වගේ පාවිච්චි කරලා දැන් එනවා සුදනෝ වෙන්න. වර්ථමානයේ බලයේ ඉන්න හා අනාගතයේ බලයට එන්න හිතාගෙන ඉන්න අයටත් පාඩමක් වෙන්නත් එක්ක දඬුවම් කළ යුතුයි.
අධිකරණයේ චෝදනා ලබන පුද්ගලයෙකුට රටක ජනපතිවරණයකට තබා පිළිගත් ආයතනයක කුමන හෝ තනතුරකටවත් සුදුසු නැහැ.