හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වීමට තීරණය කළේය .
විනිසුරු ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණා.
එම පෙත්සම විභාග කිරීම සඳහා පත්කර තිබුණේ ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි.
පෙත්සම මැයි මස 25 වනදා පෙත්සම විභාගය යළි කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේ වෙතත් මෙතුමා හිතට එකඟව ගත් තීරණයක් බවයි පෙනෙන්නේ. අගය කළ යුත්තකි. (බ)
බැසිල් උන්නැහේගේ රෙකමදාරුව උඩනේ එයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමෙක් කළේ (බ)
අස්වුණ එක හොඳයි (නි)
මේ ඔක්කොම අන්තිමේදී බේරිලා, අපි තමයි තැලෙන්නේ (නි)
මෙම නඩුකාරයා පස්ස දොරින් විනිසුරුකමක් ලබාගත් දුශිතයෙකි. ඔහු දැන් බයවී ඇත. (බ)
කලින් ආණ්ඩුව තිබුන නම්, අයින් වෙන්නෙත් නැහැ. දෙන තීන්දුවත් අපිට කල් ඇතිව කියන්න තිබුනා. (බ)
ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)
ජාතිහිතෛෂී අපිට වුණත් රට ජාතිය වෙනුවෙන් වැඩකළ මේ වැනි අයට විරුද්ධව ඉදිරිපත් වෙන්න බැහැ. ඒකයි සත්‍යය (නි)
එතුමා හරි වෙලාවට නියම තීරණය අරගෙන තිබෙන්නේ (නි)
අපි ඉතින් මොනවා කියලා කියන්නද? (නි)
මට නම් මේ ගැන කියන්න දෙයක් නැහැ (නි)
තාමත් බලපෑම් තියනවා වගේ කියලා හිතෙනවා. එසේනම් මේ රජය ඒවා නැති කළයුතුයි (නි)