හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීම සඳහා කොටි ත්‍රස්තවාදින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන බව දනිමින් ඒ බව පොලිසියට දැනුම් දිම පැහැර හැරිමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා බරපතල වැඩ සහිත හය මාසයක සිරදඩුවමක් නියම කළේය.
රන්ගිරි ස්මාරකය තැනිමේ කටයුතු පරික්ෂා කිරිමට ගිය ආරක්ෂක ලේකම්ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන කොටි ත්‍රස්තවාදින් පිළිබඳව දැනුවත් බව වසන් කිරිම හේතුවෙන් ගම්පහ මෛත්‍රි සමන්කුමාර (47) ට එසේ දඩුවම් හිමිවිය. ඔහු හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා ළඟ සේවය කළ බව උසාවියේ දි කියවිණි.
2008 ජුනි 15 දා 2009 ජුනි 14 අතර කාලයේ දී වැලිකඩ සෙන්දුරන් හා සුරේෂ්කුමාර් නැමති කොටි සාමාජිකයින් කොටි නායකයින්ගේ උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මරා දැමිමට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට කුමන්ත්‍රණය කරන බව ඔහු දැන සිටි බව උසාවියේ දි තහවුරු විය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨා මරන්න හැදු බව නොකීවාට හිරේ
නිමලරාජ් Thursday, 23 July 2015 02:24 AM
විජේසුන්දර ප්‍රංශය, අපිත් නිකන් නිදාගෙන නොවෙයි ඉන්නේ. බටහිර රටවල ඉන්නේ ඔයා විතරක් නොවෙයි. නිකන් මෝඩ ජාත්‍යාලය හැම එකටම දාන්න එපා. මේක 2008 වෙලා තියෙන්නේ. වැරැද්දට දඬුවම් දිය යුතුයි. (නි)
විජේසුන්දෙර ප්‍රංශය Wednesday, 22 July 2015 02:22 PM
දේශයට ආදරය කරන ජනතාව දැන් වත් ඇස් අරිය යුතුය. (ර)
විජේසුන්දර Thursday, 23 July 2015 06:58 AM
නිමලරාජ් , වැරැද්දකට දඬුවන් දීම හොඳ දෙයක්ය .එය පොදුවේ සිදු විය යුතුයි. නමුත් දේශ ද්‍රෝහී කණ්ඩායමකට වාසි ගන්න තවත් පාර්ශවයකට දඬුවම් කරනවා නම් එය අතීශයෙන්ම වැරදියි. ලංකාවේ කොටි හිතවාදීන් ගැන ඇමරිකාව දුන් වාර්තාව කියවා බලන්න (ම)
අමන්දා Wednesday, 22 July 2015 03:41 PM
විජේසුන්දෙර ප්‍රංශය,මොකෝ දේශයට ආදරය කරන ජනතාව දැන් වත් ඇස් අැරිය යුතුය කියන්නේ ,දේශපාලන වාසි ගන්නද .ඕක වෙලා තියෙන්නේ 2008.දැන් කොටි ත්‍රස්තවාදය නැහැ (බ)
විජේසුන්දර ප්‍රංශය Wednesday, 22 July 2015 04:42 PM
අමන්දා , ඇස් ඇරලා ලෝකේ වෙන දේ අල්පමාත්‍රයක්වත් දැනගන්න. බටහිර රටවල සිදුවෙන කොටි කුමන්ත්‍රණ අප ඇස් ඉදිරිපිටම සිදුවෙනවා.ගැඹුරින් සිතන්න (නි)
සජිත් Wednesday, 22 July 2015 11:11 AM
ඔය අවශ්‍යතාවය තියෙන රසස් දන්නා අය තව කොච්චර ඇතිද.? (ර)
කසුන් Wednesday, 22 July 2015 11:21 AM
රටේ ආරක්ෂක ලේකම් මරන්න යන බව දැනගෙන නොකීවට දඬුවම මාසයක් විතරද ? (ම)
ගම්ලත් Wednesday, 22 July 2015 11:43 AM
කසුන්, දඬුවම මාසයක් නෙමෙයි හය මාසයක් (අ)
විජේසුන්දෙර ප්‍රංශය Wednesday, 22 July 2015 11:51 AM
ජාතික වීරයන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය . ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය. යහ පාලනය, චෝදනා පමණක් ලද අය හිරේ යවන කලක නීති විරෝධී ආයුද සන්නද හොර සුදු වැන් කල්ලියට ඇප දේය. මෙන්න යහ පාලනයේ නියම හෙළුව ! (අ)
සිරිමල් Wednesday, 22 July 2015 12:27 PM
වෙන රටක නම් අවුරුදු 5 කට වත් යවනවා. (හේ)
සිතුම් Wednesday, 22 July 2015 12:33 PM
අනේ අපොයි.(හේ)
විජයබාහු Wednesday, 22 July 2015 12:55 PM
ඔයින් ගියා ඇති මන් හිතුවා මිනිහට තෑගිත් ලැබෙන්න ඇති කියලා. (ර)
අබේරත්න ටෝකියෝ Wednesday, 22 July 2015 01:51 PM
මේ වගේ කාලකන්නියන්ට දැඩි දඩුවම් දිය යුතුය. (අ)