හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීම සඳහා කොටි ත්‍රස්තවාදින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන බව දනිමින් ඒ බව පොලිසියට දැනුම් දිම පැහැර හැරිමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා බරපතල වැඩ සහිත හය මාසයක සිරදඩුවමක් නියම කළේය.
රන්ගිරි ස්මාරකය තැනිමේ කටයුතු පරික්ෂා කිරිමට ගිය ආරක්ෂක ලේකම්ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන කොටි ත්‍රස්තවාදින් පිළිබඳව දැනුවත් බව වසන් කිරිම හේතුවෙන් ගම්පහ මෛත්‍රි සමන්කුමාර (47) ට එසේ දඩුවම් හිමිවිය. ඔහු හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා ළඟ සේවය කළ බව උසාවියේ දි කියවිණි.
2008 ජුනි 15 දා 2009 ජුනි 14 අතර කාලයේ දී වැලිකඩ සෙන්දුරන් හා සුරේෂ්කුමාර් නැමති කොටි සාමාජිකයින් කොටි නායකයින්ගේ උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මරා දැමිමට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට කුමන්ත්‍රණය කරන බව ඔහු දැන සිටි බව උසාවියේ දි තහවුරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේසුන්දර ප්‍රංශය, අපිත් නිකන් නිදාගෙන නොවෙයි ඉන්නේ. බටහිර රටවල ඉන්නේ ඔයා විතරක් නොවෙයි. නිකන් මෝඩ ජාත්‍යාලය හැම එකටම දාන්න එපා. මේක 2008 වෙලා තියෙන්නේ. වැරැද්දට දඬුවම් දිය යුතුයි. (නි)
දේශයට ආදරය කරන ජනතාව දැන් වත් ඇස් අරිය යුතුය. (ර)
නිමලරාජ් , වැරැද්දකට දඬුවන් දීම හොඳ දෙයක්ය .එය පොදුවේ සිදු විය යුතුයි. නමුත් දේශ ද්‍රෝහී කණ්ඩායමකට වාසි ගන්න තවත් පාර්ශවයකට දඬුවම් කරනවා නම් එය අතීශයෙන්ම වැරදියි. ලංකාවේ කොටි හිතවාදීන් ගැන ඇමරිකාව දුන් වාර්තාව කියවා බලන්න (ම)
විජේසුන්දෙර ප්‍රංශය,මොකෝ දේශයට ආදරය කරන ජනතාව දැන් වත් ඇස් අැරිය යුතුය කියන්නේ ,දේශපාලන වාසි ගන්නද .ඕක වෙලා තියෙන්නේ 2008.දැන් කොටි ත්‍රස්තවාදය නැහැ (බ)
අමන්දා , ඇස් ඇරලා ලෝකේ වෙන දේ අල්පමාත්‍රයක්වත් දැනගන්න. බටහිර රටවල සිදුවෙන කොටි කුමන්ත්‍රණ අප ඇස් ඉදිරිපිටම සිදුවෙනවා.ගැඹුරින් සිතන්න (නි)
ඔය අවශ්‍යතාවය තියෙන රසස් දන්නා අය තව කොච්චර ඇතිද.? (ර)
රටේ ආරක්ෂක ලේකම් මරන්න යන බව දැනගෙන නොකීවට දඬුවම මාසයක් විතරද ? (ම)
කසුන්, දඬුවම මාසයක් නෙමෙයි හය මාසයක් (අ)
ජාතික වීරයන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය . ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය. යහ පාලනය, චෝදනා පමණක් ලද අය හිරේ යවන කලක නීති විරෝධී ආයුද සන්නද හොර සුදු වැන් කල්ලියට ඇප දේය. මෙන්න යහ පාලනයේ නියම හෙළුව ! (අ)
වෙන රටක නම් අවුරුදු 5 කට වත් යවනවා. (හේ)
අනේ අපොයි.(හේ)
ඔයින් ගියා ඇති මන් හිතුවා මිනිහට තෑගිත් ලැබෙන්න ඇති කියලා. (ර)
මේ වගේ කාලකන්නියන්ට දැඩි දඩුවම් දිය යුතුය. (අ)