බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම ඉදිරිපිට බොරු සාක්කි දුන්නැයි රක්නා ලංකා සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික ජනරාල් ගාමිණී බණ්ඩාර ජයසුන්දරට එරෙහිව කොමිසම කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කළේය.
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ වංචා ගැන ව්‍යාජ සාක්කි දුන් බව කියන සිද්ධිය පොලිසියට පැමිණිලි කළ බවත් මෙම පැමිණිල්ලට අමතරව හිටපු මේජර් ජනරාල්වරයාට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බවත් කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබා දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට බවත් තමන් වැරැද්ද පිළිගන්නා බවටත් හිටපු මේජර් ජනරාල් කොමිසම හමුවේ කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ තව මොනවා වෙන්න ඇද්ද? (නි)
කාලයකට ඉස්සර මේ අය හිටියේ " කේසර සිංහ රාජයෝ " වගේ. දැන් ඉතින්. මයිල් හැලිලා ,ලොම් හැලිලා . දුකසැප නීති පෙරලේ. රිය සක ලෙස ලෝකේ. (ස)
රට නිවැරදි මගට ගත යුතුයි. ජනතාව රටේ පාලනය වෙනස් කලේ ඒ නිසාය. (ර)