බරපතල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්කි දුන් බව කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය අද කොළම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතාට ඇති අසීමිත ගෞරවය නිසා ඇත්ත නොකී බව ඔහු කොමිසමේ දී පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නිදහස ලබාදුන් අයට කරන කෙනෙහිලිකම් වලට කෙදිනක හෝ දඬුවම් ලැබෙනවා ස්ථිරමයි. අපේ ජීවිතය පුරාවට අපි ලැබූ අත්දැකීම එයයි. අපි ඉදිරියේ වෙන දෙය හොඳට දන්නවා (නි)
රොබර්ට් නොක්ස් ලංකාව ගැන ලියු පොතේ කියලා තිබෙනවා ලංකාවේ මිනිස්සු බොරු කියන්න දක්ෂයි කියලා. මෙහෙම කියලා තියෙන්නේ 1681වර්ෂයේදී. අපි ඔක්කොම එම පරම්පරාවේ අයනේ. (නි)
හොර මැරකම් වලට තරාතිරම නොබලාම දඬුවම් කරනු! (නි)
රට කාගෙවත් බුදලයක් නොවේ. නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කිරීම දියුණු රටක ලක්ෂණයකි. නමුත් අපේ රටේ එහෙම නැහැ. ඒ අපේ රට නොදියුණු රටක් නිසාය. (නි)
දේවේන්ද්‍ර තවම ලෙඩේ සනීප කරගෙන නැහැ වගේ. (නි)
ගොඨාට අත නොතබනු (අ)
අනුන්ට ගෞරවය කිරීම හොඳ දෙයක් නමුත් නිතිය සමග සෙල්ලේම හොද නැහැ. (අ)
අනේ මන්දා මේ ප්‍රශ්නේනම්... (ර)
උපදින්න ඉන්න, මියගිය සහ ඡායාරූපයක සිටින දේශපාලකයෙකු පමණයි මම විශ්වාස කරන්නේ. (නි)
අපි බලා ඉමු මොකද වෙන්නේ කියලා. (ර)
සිහිය උපදවාගෙන දැන්වත් යහපතට වැඩ කරව්. (ර)
දේවේන්ද්‍ර, මොන අපරාධ කළත් ඔහුට අත තබන්න එපා කියලද කියන්නේ? (නි)
මේක මානුෂිකව බලන්න ඕනෑ ප්‍රශ්නයක් (නි)
බොරු කියන්න පුළුවන් අය තමයි මේ ගොල්ලෝ ලොකු තනතුරු වලට පත් කරගත්තේ. මොකද බොරු කියන්න පුලුවන්නම් ඕනෙම ජඩ වැඩක් කරන්නත් මිනිහෙකුට පුළුවන් හින්ද. (බ)
දැන් ඇත්ත දන්නවා නම් ඇයි ගෝඨාභය අත්අඩංගුවට නොගන්නේ? (නි)
ඇතැම් අය දාන අදහස් දැක්කහම ඇත්තටම මිනිස්සු කත් අදින්නේ අවංකවමද, නැත්නම් වාසියටද කියලා හිතෙනවා (නි)
දේවේන්ද්‍ර,නඩු අහලා වැරදි කරලා නම් ඇතුළට දානවා. එච්චරයි (නි)
හොරකම කොහොම කළත් හොරකමමයි. ඒකට තරාතිරම බලන්න ඕනෑ නැහැ. ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් හැටියට සහ නාගරික සංවර්ධන ලේකම් හැටියට වැඩක් කළා තමයි. ඒත් එයා ඒවා පිනට කළේ නැහැ නේද? ඒවාට වැටුපක් සහ වරප්‍රසාද රජයෙන් දුන්නා නේද? අනික බලෙන් බර පැටවූයේත් නැහැ නේද? ඉතින් එයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන අයත් මේවා හිතාබලා කතාකරන්න. (නි)
රජයේ සේවකයෝ කොන්ද කෙලින් තියන් දැන්වත් වැඩ කරන්න වෙනවා දේශපාලුවන්ට කඩේ ගිහින් අමාරුවේ වැටුනහම කවුරුත් නැත (බ)
අනේ මන්දා! එනවා එනවා කියලා හැමෝම කෑගහනවා. ආව කොටියෙකුත් නැහැ, දැකපු පුල්ලියකුත් නැහැ. (නි)
වැරදිකරුවන් බේරාගැනීමට තැත්කිරීම ලොකු වරදක් (නි)
අනේ මන්දා අපි කාගේ පැත්ත ගන්නද කියලා (නි)
ඇත්තෙන්ම අසීමිත ගෞරවය නිසාද? (නි)
කවුරු වුණත් වැරැද්දක් කර තිබෙනවා නම් දඬුවම් විඳිය යුතුයි. රජයේ මුදල් හෝ රජයට හිමිවිය යුතු මුදල පුද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමටද දේශපාලකයින් බලයට ගෙනෙන්න මහජනතාව උත්සාහ කරන්නේ? තීරණය ඔබ අතේ! (නි)
කසල සෝදන්නාගේ පටන් රජයේ උසස්ම නිලධාරියා දක්වා කරන රාජකාරිය එක වගේම වටිනවා. එයාලගේ රාජකාරිය හරියට කරන්න තමයි වේතනයක් ගෙවන්නේ. එයාල හොරකම් කරනවානම් එකටත් දඬුවම් උරුම වියයුතුයි (බ)